චිත‍‍්‍රපටයේ වස්තු විෂය ඔපවත් කළ ඔහු ලියූ ගී

අප්‍රේල් 16, 2020

අජන්තා ගුවන්විදුලි මාධ්‍යයෙහිත් සිනමා මාධ්‍යයෙහිත් වෙනස මැනවින් ග‍‍්‍රහණය කොටගත් ගේය කාව්‍ය රචකයෙකි. ගුවන්විදුලි ගීතය සවනෙන් අසා සිතින් රසවිඳිය යුත්තක් වන අතර, චිත‍‍්‍රපට ගීතය අදාළ තේමාවට, සිදුවීමට ආබද්ධ විය යුතු සේම එහි රූප රිද්මයට අනුකූල විය යුත්තකි. පද්‍ය කාව්‍ය රචනයෙහිදී කවියාට ලැබෙන බස හැසිරවීමේ නිදහස ගේය කාව්‍ය රචකයාට නොලැබේ. ගේය කාව්‍ය රචකයා එහිදී ගීතයට අත්‍යවශ්‍ය වචන අරපරිස්සමෙන් තෝරාගත යුතුය.

 

”කවියක් ලියනවාට වඩා ගීතයක් රචනා කිරීම ඉතා දුෂ්කර” බැව් වරක් අජන්තා පැවසුවේ එහෙයිනි.

 

අජන්තා චිත‍‍්‍රපට ගේය කාව්‍ය රචනයට හඳුන්වා දෙන ලද්දේ ප‍‍්‍රවීණ සිනමාවේදී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසිනි. ඒ 1976 වසරේ තිරගත වූ ඔහුගේ ”වාසනා” චිත‍‍්‍රපටයෙනි. ලතා වල්පොල ගැයූ අදත් ජනපි‍‍්‍රය මේ ගීතයට අන්තර්ගත වූයේ සොබා සෞන්දර්ය සමඟ මුසු වූ තරුණියකගේ නැවුම්, නිදහස් පේ‍‍්‍රමණීය සිතුවිලි සමුදායකි.

 

ආචාර්ය පේ‍‍්‍රමසිරි කේමදාසයන්ගේ සුනාද සංකලනය ගීතයෙහි අනුභූතිය තීව‍‍්‍ර කොට වර්ණවත් කළේය. ගීතයේ මුල් පද පෙළේ ඇගේ නොඉවසිලිමත් දඟකාර තාරුණ්‍ය හෙළි කරන්නකි.

 

ගුමු ගුමු ගුම් නඟනා

මල් බමරෝ

මල් පැණි වාරේ ආවාදෝ

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

නුහුරු හැඟු‍ම් මා වටකර රඟන ලතාවයි

බිංදු බිංදු පිනි මුතුලැල් මඟ සරසනවා

මට නොදැනිම හෙමි හෙමිහිට පිය එසවෙනවා

කුරුල්ලනේ ?න් ?න් කොහේ යන්නෙදෝ

අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ

මට මතකයි මට මතකයි පුංචි කාලෙ මං

? හීනෙන් දේදුන්නේ නැඟී ගියා මං

ඒ පෙනිච්ච මිිහිරි හීන දැන් හැබෑ වුණා

රිදී කාසි හැලෙන හඬින් හිත හිනා වුණා

මිටියාවත සුදු මීදුම් හිම සිහිල් සුවේ

පාවි පාවි මා යනවා හිත සැහැල්ලූවේ

කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා

ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා

 

”වාසනා” චිත‍‍්‍රපටයෙන් ආරම්භකොට මියයන තුරු අජන්තා චිත‍‍්‍රපට 250කට ආසන්න සංඛ්‍යාවක ගීත රචනා කළේය.

කලාත්මක ධාරාවේ වුවත් ජනපි‍‍්‍රය ධාරාවේ වුවත් චිත‍‍්‍රපටයෙහි ස්වරූපය, අවස්ථාවට උචිතව ගේය කාව්‍ය රචනයෙහි නියැළීමට ඔහු ශූරයෙකි. චිත‍‍්‍රපටයේ සමස්ත තේමාව හකුළා දක්වන ගීතද අජන්තාගේ ප‍‍්‍රශස්ත රචනා අතර අපට හමුවේ. වසන්ත ඔබේසේකරයන්ගේ ”වල්මත්වූවෝ” (1976* චිත‍‍්‍රපටයේ ආරම්භයේ නාමාවලිය සමඟ අපට අසන්නට ලැබෙන මේ තේමා ගීතය ඊට නිදර්ශිතය. තරුණයන්ගේ නිදහස් සිතුම් පැතුම්, අනාගත අපේක්ෂා මෙන්ම ඉච්ඡුා භංගත්වයද එහි මැනවින් සූචනය වූ අයුරු බලන්න. පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන්ද සෝමදාස ඇල්විටිගල සූරීන්ගේ ස්වර සංරචනාවෙන්ද ගීතය විචිත‍‍්‍රවත් විය.

මලින් මලේ රොන් පොපියන

රඟන බමර ජීවිතේ

කප්තුරු හිස දලූ ලියලන

නව යෞවන ජීවිතේ

අපට උරුම නැත - නාඬන් හදවත

තුරුණු පැතුම් හිසින් දරා

මතු දවසට පෙරුම් පුරා

ඉපනැලි කටු කොහොල් මැදින්

මඟ සොයනා ගමනේ

කිඳා බසින ජීවිතයට

නැති කිසි පිළිසරණේ

අරමුණ විසඳුමක් නැතේ

අද පමණයි

හෙටක් නැතේ

හිස් අහසට අත් ඔසොවා

අපිත් කිරට ඇඬුවා

සා පවසට අනේ අපට

කිරි එරුණේ නැතුවා

පහනේ තෙල් සිදෙන තුරා -

තටු ගිලිහී වැටෙන තුරා

පහන් සිළුව වටා රඟන පළඟැටි නයි

මිරිඟු‍ සයුරු සොයා සරන

පළඟැටි නයි

 

තුන්කොන් පේ‍‍්‍රමයකට මැදි වූ ස්ති‍‍්‍රයකගේ චෛතසිකය ලෝක දෙකක හුදෙකලා වන අයුරු නිරූපිත වෙසෙස් ගීත ද්වයක් අජන්තාගේ චිත‍‍්‍රපට ගීතාවලියෙහි අපට හමුවේ. දෙලොවක දෝලනය වන මේ ස්තී‍‍්‍රන් දෙදෙනාගේ හුදෙකලා චෛතසිකය එකක් වුවද ඔවුහු පරිසර දෙකකට අයත් වෙති. විජය ධර්ම ශී‍‍්‍රගේ ”දුහුළු මලක්” (1976* චිත‍‍්‍රපටයේ නිලූපා නාගරික සමාජයට අයත් මධ්‍යම පාන්තික ස්ති‍‍්‍රයකි. තම ස්වාමියා වූ සුරවීර අතරත් අනියම් පෙම්වතා වූ රොහාන් අතරත් ඇගේ සිත හුදෙකලා වේ. වස්තු විෂයට හා ඇය අයත් සමාජ පරිසරයට අනුකූල අයුරින් අජන්තා මේ ගීතයෙහි බස හසුරුවන අපූර්වත්වය, පද සංඝටනාවෙහි නව්‍යතාව බලන්න.

සංගීත අධ්‍යක්ෂණය නාදපති සරත් දසනායකයන්ගෙනි. ආචාර්ය නන්දා මාලිනිය ගීතය ගයන්නීය.

රන් කෙන්දෙන් බැඳ

අතැඟිලි එක් කළ ආදරයයි

පෙම් රැුහැනින් බැඳ

සිතුම් වසඟ කළ ආදරයයි

කිරිලිය සේ

දුර පියා සරාලා

අත්තටු රිදුණා පමණයි

දෑල විදාහළ දෑත මගේ

ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැෙඟ්

කරුවළ ඇයි විජිතයම මගේ

කණාටු සුළෙඟ් දුහුල් මලකි අද

වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ

මා හෙට දින සමුගන්නේ

 

ගැමි සමාජයේ දිළිඳු පවුලකට අයත් බිනරිගේ චෛතසිකය තම සැමියා වූ වෙඩික්කාරයා අතරත් පෙම්වතා වූ සුදු බණ්ඩා අතරත් දෝලනය වේ. කිංස්ලි දිසානායකගේ ”බිනරි සහ සුදුබණ්ඩා” (1984* චිත‍‍්‍රපටයෙහි වස්තු විෂය ඉල්ලා සිටින ගැමි සමාජ පරිසරය අජන්තා රචිත මේ ගීතයෙහි මනාව කැටි වී තිබේ. පිටිසර ගැමියකු වූ අජන්තා ගැමි වදන් කෝෂ්ඨගාරයක් බඳු ගේය කාව්‍ය රචකයෙකි. ආචාර්ය පේ‍‍්‍රමසිරි කේමදාසයන්ගේ සුනාදයෙන් විභූෂිත මේ ගීතය ගයන්නිය දමයන්ති ජයසූරියයි.

 

හිරු දෙවියෝ වඩිනා සේමා

අඳුරට අත පොවනා මානේ

? ගෙපැලේ නොනිදා උන්නා

තනි වී

පෝය හඳක් ගානේ

ඉඳි කඩුල්ලෙන් හෙමි හෙමින් පැන

නොයන් ළෙන්ගතු හිත මගේ

සඳුට මුවා වී

හිරුට ආවඩනා

අනේ අසරණ හිත මගේ

ඉඳින් නාඬා

සෝ සුසුම් මැද ළතැවි ළතැවී

ඉඳින්නෙමි මඟ බල බලා

නියං ඉඩෝරේ වැටුණු වැහි ඇල්ලේ

හීත මට නැත හිමි නැතේ

උපනුපන් මතු දා

මගේ මෑණියන් (දමයන්ති ජයසූරිය* ගැයූ මේ ගීතය හා සබැඳි අපූර්ව සිදුවීමක් මෙහිදී සිහිපත් කරනු වටී. 1989 වසරේදී ඇය හිසේ බරපතළ ශල්‍යකර්මයකට මුහුණ දුන්නාය. එහිදී එම ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍ය බෙන් සෙල්වදුෙරෙ මහතාට සහය වූ විශේෂඥ වෛද්‍ය ජයන්ත ලියනගේ මහතා සංගීත රසකාමියෙකි. අවදානම් සහගත ශල්‍යකර්මයෙන් පසුව සිහිය ලැබූ මගේ මෑණියන්ගේ මතක ශක්තිය පිරික්සීමට සිතූ ජයන්ත ලියනගේ වෛද්‍යතුමා ඇගෙන් විමැසූ ප‍‍්‍රශ්නය මේය.

”දමයන්ති, අර ඔයා ගයපු හිරු දෙවියෝ වඩිනා සේමා ගීතය ලිව්වේ සුනිල් ආරියරත්නද?”

”නැහැ අජන්තා රණසිංහ අයියා.”

අම්මාගේ පිළිතුර එසේ වූයෙන් වෛද්‍ය ජයන්ත මහතා සතුටට පත්වූයේ ඇගේ මතක ශක්තිය ශල්‍යකර්මයෙන් පසුව සාමාන්‍ය අතට හැරී තිබීම නිසාවෙනි.

චිත‍‍්‍රපටයෙහි වස්තු විෂයට අවස්ථාවට ඖචිත්‍ය පූර්වක අයුරෙන් ගීත රචනා කිරීමට අජන්තා පළකළ වෙසරද බව හෙළි කරන ඔහුගේ තවත් පබැඳුමක් සිරි කුලරත්නගේ ”නිළියකට පෙම් කළෙමි” (1983* චිත‍‍්‍රපටයට ඇතුළත් විය. චිත‍‍්‍රපටයේ කතා තේමාවට අනුව ගමට පැමිණෙන සුප‍‍්‍රකට ටීටර් නිළියක වූ චින්තාමනී දේවී වේදිකාවට පිවිසෙමින් ගයන මේ ගීතය රචනා කිරීමේදී අජන්තා වදන් භාවිත කොට ඇත්තේ ඉපැරැුණි නුුර්ති, ටවර්හෝල් ගීතවල බහුලව පද සංඝටනා කොට ඇති ආකාරයට සාම්‍යය අයුරෙනි. සරත් දසනායකයන්ගේ ස්වර සංරචනයට එය ගයන්නී නන්දා මාලිනියයි.

 

පුන් චන්ද්‍රා සේ සෝබන
සීතා කුලාංගන

උන්නාලූ ජම්බුද්දීපේ එදා

එම රාමායණේ රඟ පානා රිසින් අද

සබයෙන් අවසර දේවා මෙදා

වැඳ ඉල්ලා අවසර දේව සභාවෙන්

මුනිතුන් රුවණේ පිහිට පතන්නේ

මනනන්දා සුපසන් රාමසීතා

දණ්ඩක වන අරණේ

පෙම්බන්දා සිටි සඳ

රාවණා රජු පැමිණිය හැටි පොරණේ

රංගනයෙන් ලීලා

පෙන්නා දෙමි පාලා

මත් කොවුලන් විහඟු‍න් කිව් විලසින්

අලංකාර ගී ගයා

පුන්චන්ද්‍රාසේ සෝබන

සීතා කුලාංගන උන්නාලූ ජම්බුද්දීපේ එදා

අඟනුන්ගේ සුනිමල රම්‍ය පතිවත

පෙන්නුම් කළ එළඳා

සන්තොසිනේ හැමදෙන නරඹන්

මෙ පුවත

දුරහැර දොස නිබඳා

නඟා දෙපා දෝතා

කුමාරිකා සීතා

දැන් දැන් එයි රන්වන් අරුණැල්ලෙන්

සූරිය සේ පායනා