"අසෝකමාලාට” ඇතුළත් වූ "කොපි ගීතය"

අසෝකමාලා (1947)චිත‍්‍රපටයේ ශාන්තිකුමාර් සහ එමලින් දිඹුලාන
අප්‍රේල් 23, 2020

සිංහල සිනමාවේ දෙවැනි කතානාද සිතුවම් පටය වූයේ වර්ෂ 1947 අප‍්‍රියෙල් මස 9 දින රිදී තිරය මත දිගහැරුණු ”අසෝකමාලා” සිනමාපටය යි. ශාන්තිකුමාර් සෙනෙවිරත්න සහ ටී. ආර්. ගෝපු දෙදෙනා සමඅධ්‍යක්ෂණය කළ මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ ”සිලෝන් තියටර්ස්” සමාගම වෙනුවෙන් ශ‍්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මහතා විසිනි. චිත‍්‍රපටයේ කතා සාරය සුප‍්‍රකට ඓතිහාසික කතා පුවතක් වූ සාලිය කුමරු සහ අසෝකමාලා නම් සැඩොල් තරුණිය ගේ පෙම් පුවතයි. චිත‍්‍රපට පිටපත රචනා කළේ ද ශාන්තිකුමාර් සෙනෙවිරත්න විසිනි. සාලිය කුමරු ලෙස ප‍්‍රධාන චරිතය ශාන්තිකුමාර් සෙනෙවිරත්න විසින් ද, අසෝකමාලා ලෙස එමලින් දිඹුලාන විසින් ද නිරූපණය කරන ලදී . සෙසු චරිත මයිකල් සන්නස් ලියනගේ, ශ‍්‍රීමති කරුණා දේවී, පීටර් සිරිවර්ධන, හර්බි සෙනෙවිරත්න, දොන් එඞ්වර්ඞ්, ඔස්ටින් අබේසේකෙර, මයිකල් රුද්‍රිගු, සුනිල් පේ‍්‍රමදාස සහ ඇල්බට් පෙරේරා (ඩබ්ලිව්.ඞී .අමරදේව* ආදීහු නිරූපණය කළහ. චිත‍්‍රපටයේ තිරගතකිරීම් සිදුකරන ලද්දේ ඉන්දියාවේ කොයිම්බතූර් හි ”සෙන්ට‍්‍රල් ස්ටුඩියෝ” චිත‍්‍රාගාරයේ දී ය.

 

සුප‍්‍රසිද්ධ ඓතිහාසික තේමාවක් විකෘත කරන ලද්දේ යැයි එවකට ඇතැම් විචාරකයන් විසින් නිර්දය ලෙස ”අසෝකමාලා”‍ චිත‍්‍රපටය විචාරයට ලක් කළ ද, එකී හැම විචාරයකම පාහේ අසෝකමාලා චිත‍්‍රපටයේ සංගීතය කෙරෙහි බොහෝ ප‍්‍රශංසා මුඛයෙන් යුතුව සටහන් තබා තිබුණි . අසෝකමාලා චිත‍්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ එවකට COLUMBIA ග‍්‍රැමොෆොන් තැටි සමාගමේ ප‍්‍රධාන සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කොට ඉමහත් ප‍්‍රසිද්ධියක් දරා සිටි මොහොමඞ් ගවුස් මාස්ටර් විසිනි. ඒවනවිට (1939-46 වකවානුවේ COLUMBIA  තැටි සමාගම වෙනුවෙන් ගීත 200 ට ආසන්න ප‍්‍රමාණයක සංගීත අධ්‍යක්ෂණය කොට සිටි ගවුස් මාස්ටර් මෙරට සිටි ප‍්‍රමුඛතම සංගීත අධ්‍යක්ෂකවරයෙකු විය. මෙම චිත‍්‍රපටයේ ගීත සියල්ලම රචනා කළේ ඞී.ටී ප‍්‍රනාන්දු මහතා විසිනි.

 

මෙම චිත‍්‍රපටයේ පසුබිම් ගීත ගායනා සඳහා පළමුව තෝරාගෙන තිබුණේ එවකට ගවුස් මාස්ටර් ගේ COLUMBIA  ගීත කණ්ඩායමේ ජනප‍්‍රියම ගායිකාව වූ වසන්තා සන්දනායක, මොහිදීන් බෙග් සහ ඇල්බට් පෙරේරා (අමරදේව) ය. ගීත තැටිගත කිරීම් යොදාගෙන තිබුණේ ඉන්දියාවේ ය. කිසියම් කරුණක් හේතුවෙන් ප‍්‍රධාන නිළිය වූ එමලින් දිඹුලාන වෙත පසුබිම් ගායනය සඳහා තෝරාගෙන සිටි වසන්තා සන්දනායක වෙත මෙම ගමන යාමට නොහැකි වීම නිසා ප‍්‍රධාන නිළිය වෙනුවෙන් ගීත ගායනා කිරීමට ගායිකාවක තෝරාගැනීමට අවශ්‍යතාවයක් මතුව ආවේ ය. මෙහි දී, ගවුස් මාස්ටර් විසින් කොයිම්බතූර් හි දී ”භාග්‍යරති” නම් දකුණු ඉන්දීය ගායිකාවක පසුබිම් ගායිකාව වශයෙන් තෝරාගන්නේ ය. ඒ අනුව, ”භාග්‍යරති” සිංහල චිත‍්‍රපටයක පසුබිම් ගීත ගායනා කළ පළමු දකුණු ඉන්දීය ගායිකාව වන්නී ය. එසේම, ගවුස් මාස්ටර් විසින් මෙයින් වසර කීපයකට පෙර එනම් 1939 දී, සිංහල ග‍්‍රැමොෆෝන් ගීතයක් ගායනා කළ පළමු ඉන්දීය ගායිකාව වන ”පාලී කුමාරී” ද සිංහල ගීත ක්ෂේත‍්‍රයට හදුන්වා දෙන්නේ ය (පසුගිය ලිපියක පාලි කුමාරී ගැන ම’විසින් දීර්ඝ විස්තරයක් තබා ඇත*. ”භාග්‍යරති” යනු කවරෙක්දැයි සෙවීම ඉතා දුෂ්කර කටයුත්තක් විය. මා විසින් සොයාගත් තොරතුරු අනුව භාග්‍යරති එවකට මලයාලම් වේදිකා නාට්‍ය වල ගීත ගැයූ ගායිකාවකි. දමිල සහ මලයාලම් ගීත රාශියක් ඇය වයස 13 පටන් තැටිගත කොට තිබුණි. එසේම ඇය 1940 දශකයේ මලයාලම් ගීත ගණනාවක් COLUMBIA
 ලේබලයෙන් තැටිගත කොට ඇති අතර සංගීතාචර්යවරියක ලෙස ද කටයුතු කොට තිබුණුබව සඳහන් වේ. එසේම ඇය එවකට ජීවත් වී ඇත්තේ ත‍්‍රිසූර් හි ය. ත‍්‍රිසූර් සහ කොයිම්බතූර් එකිනෙකට ඉතා ආසන්න නගර දෙකකි. එබැවින් ඇය චිත‍්‍රපටය වෙනුවෙන් සහභාගී කරවාගැනීම පහසු කටයුත්තක් වන්නට ඇත. භාග්‍යරති වර්ෂ 2018 දී වසර 91 ක් ආයු වළඳා මියගිය බව සඳහන් වේ.

 

අසෝකමාලා චිත‍්‍රපටයට ඇතුළත් වූ මුළු ගීත සංඛ්‍යාව දහයකි. නම් වශයෙන් ගත්විට ”ප‍්‍රීති ප‍්‍රීති -චන්ද්‍රාලෝකේ” (භාග්‍යරති සහ පිරිස*, ”ශාන්ත මේ රාත‍්‍රියේ” (භාග්‍යරති*, ”ආලේ මාගේ හර්දේ පිරේ” (මොහිදීන් බෙග්*, ”භවේ භීත හැර දේශිත තිලෝනා” (අමරදේව*, ”ඇයි කළේ යමෙක් ආලේ” (අමරදේව*, ”හෝ පේ‍්‍රමේ බැබලේ” (භාග්‍යරති සහ මොහිදීන් බෙග්*, ”නයනා වැනි සුදෝ” (භාග්‍යරති සහ මොහිදීන් බෙග්*, ”ආලෝකේ දේ මා හර්දේ” (භාග්‍යරති*, ”ජලේ මේ සීත- දැන් ජලේ”(භාග්‍යරති සහ පිරිස*, ”සදෙව් ජය ශ‍්‍රී” (සමූහ ගායනය* ආදී වශයෙන් වෙයි. මෙතක් කල් විචාරක පැසසුමට භාජනය වී තිබුණේ ”අසෝකමාලා” චිත‍්‍රපටයේ ගීත ගවුස් මාස්ටර් ගේ ස්වතන්ත‍්‍ර තනු වලින් නිර්මාණය වූ බවකි. අසෝකමාලා හි ” ප‍්‍රීති ප‍්‍රීති” ගීතයේ ආරම්භක වාදය ඛණ්ඩය 1943 තිරගත වූ ”කාශිනාත්” චිත‍්‍රපටයේ අසිත් බැරන් සහ භරති දේවී ගැයූ ගීතයක ආරම්භක ගීත ඛණ්ඩය ම වෙයි. එය ගවුස් මාස්ටර් විසින් අමරදේව සහ සිරිමතී වෙත්තසිංහ වෙත ලබා දුන්, අමරදේව සූරීන්ගේ පළමු ගීතය වූ ”රසයි කිරි - නෑ දියාරූ” ගීතයේ ආරම්භක වාදනය සඳහා ද භාවිත කර තිබුණි.

 

අද මා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ”අසෝකමාලා” චිත‍්‍රපටයට අඩංගු වූ සුප‍්‍රසිද්ධ යුගගීතයක අනුකාරක හින්දි ගීත තනුවක් පිළිබඳ විස්තරය යි. අසෝකමාලා සිනමා පටයෙහි භාග්‍යරති සහ මොහිදීන් බෙග් විසින් ගයන ” ඕ පේ‍්‍රමේ බැබලේ” යන ගීතය අසෝකමාලා සහ සාලිය කුමරු සඳ පහන් රැුයක පෙම් සුව විදින අවස්තාව චිත‍්‍රණය කෙරෙන අතිරමණීය ගීතයකි.

 

ගැ : ඕ පේ‍්‍රමේ බැබලේ - මා ඔබේ //

 

පී : තී මගේ - මාගේ ශ‍්‍රියාවි- මාගේ ප‍්‍රියාවී

 

පි : ආලේ පානා’දරේ -පේ‍්‍රමී මගේ

 

ගැ : ආලේ සාදනා - දැල්වේ පෙම් රසේ -

 

හා දැල්වේ පෙම් රසේ //

 

පි : මා පේ‍්‍රම ශ‍්‍රියාවි

 

ගැ : මා ඔබේ

 

පි : තී මගේ - මාගේ ශ‍්‍රියාවි- මාගේ ප‍්‍රියාවී

 

ගැ : මා පේ‍්‍රමය වේ - මා ජීවය වේ -

 

ආදර පේ‍්‍රමේ //

 

පි : පේ‍්‍රමි වාසනා //

 

ගැ :හෝ ප‍්‍රීය සාදරා //

 

පි : මා පේ‍්‍රම ප‍්‍රියේ - මා පේ‍්‍රම ශ‍්‍රියේ-

 

ශ‍්‍රී සැප දේ මාගේ ප‍්‍රියාවී ... හා ..

 

ගැ :ආලේ සාදනා - දැල්වේ පෙම් රසේ -

 

හා දැල්වේ පෙම් රසේ //

 

පි : මා පේ‍්‍රම ශ‍්‍රියාවි

 

ගැ : මා ඔබේ

 

පි : තී මගේ - මාගේ ශ‍්‍රියාවි- මාගේ ප‍්‍රියාවී

 

ගැ /පි : චන්ද්‍රාලෝකේ පේ‍්‍රම සාගරේ //

 

”අසෝකමාලා” චිත‍්‍රපටයෙහි ග‍්‍රැමොෆෝන් තැටි නිකුත් වූයේ ්‍යඵඪ ලේබලයෙනි. ඊට පළමුව තිරගත වූ ”කඩවුණු පොරොන්දුව” චිත‍්‍රපටයේ ගීත තැටි නිකුත් වූයේ ඡු්ඍඛධඡු්‍යධභ ලේබලයෙන් බැවින් සුප‍්‍රසිද්ධ ්‍යඵඪ ලේබලයෙන් ගීත තැටි නිකුත් වුණු පළමු සිංහල චිත‍්‍රපටය වන්නේ අසෝකමාලා ය. එවකට COLUMBIA
 ගීත තැටි සමාගම සමගින් ගිවිසුම් අත්සන් කර සිටි ගවුස් මාස්ටර් එම සමාගමේ නිත්‍ය සංගීත අධ්‍යක්ෂක වූ අතර, මොහිදීන් බෙග් මාස්ටර් එම සමාගමේ නිත්‍ය ගායකයෙක් විය. එබැවින් අසෝකමාලා හි නිකුත් වුණු ගීත තැටිවල ගවුස් මාස්ටර්ගේ නම හෝ මොහිදීන් බෙග් ගේ නම සටහන් වුයේ නැත. මෙම ගීතය නිකුත් වුයේ ්‍යඵඪ තැටි අංක උභ 05 අංකයෙනි. ගීතයේ නම ”හෝ පේ‍්‍රමේ බැබලේ” යනුවෙන් සිංහල සහ ඉංගිරිසි භාෂද්විත්වයෙන් තැටි ලේබලයේ සටහන් වුවද, ගායක ගායිකා යුවලගේ නම් , ගීත රචනය හෝ සංගීත නිර්මාණය ගැන කිසිඳු සටහනක් එම ලේබලයේ නොමැත.

 

කෙසේ වෙතත්, මෙම තනුවම නැවත 1947 දීම COLUMBIA
 තැටියකට නිකුත් කරන්නේ ගීත තැටි අංක ඨෑී 14 අංකයෙනි. එම ගීතය ”මේ පෙම් කුසුමේ රේණු සැලේ” යනුවෙන් නම් කර තිබුණි. එම ගීතය ද යුග ගීයක් වූ අතර, ගීතය ගායනා කළේ වසන්තා සන්දනායක සහ මොහිදීන් බෙග් විසිනි. ගීතය සංගීතවත් කළේ මොහොමඞ් ගවුස් මාස්ටර් විසින් ම වීම විශේෂත්වයකි (ගීත තැටි ලේබලයේ ඒ බව සඳහන් කර ඇත* . ගීතය රචනා කළේ යූ .ඩි පෙරේරා මහතා විසිනි. ඒ අනුව ්‍යඵඪ සහ COLUMBIA
 ලේබල දෙකටම එකම ගායකයා විසින් එකම තනුව වෙනස් ගීත රචනා දෙකකට ගායනා කර ඇත. එසේම එම ගීත දෙකෙහිම සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ද ගවුස් මාස්ටර් ය. එම ගීතයේ පදරචනය පහත පරිදි වේ.

 

ගැ : මේ පෙම් ......

 

මේ පෙම් කුසුමේ රේණු සැලේ

 

ස්වාමි විනෝදෙන් //

 

පි: මා පේ‍්‍රමි විනෝදෙන් - බෝ සැලෙයි පේ‍්‍රමි විනෝදෙන් //

 

ගැ : මේ පෙම් ......මේ පෙම් කුසුමේ රේණු සැලේ ස්වාමි විනෝදෙන්

 

පි: මා පෙම් කුමරි -මල් මධුරි -

 

සුන්දරී සිරියා //

 

ගැ : මේ ආදරි -

 

පෙම් සුන්දරි දේ සිත පිරීයා //

 

මා සිත් සැනසෙයි -

 

මාගේ” මා සිත් සැනසෙයි මාගේ ප‍්‍රියේ //

 

පේ‍්‍රම විනෝදෙන්

 

ගැ/පී : ඔව් පේ‍්‍රම විනෝදේ -

 

ඔව් පේ‍්‍රම විනෝදේ

 

සැප දේ පේ‍්‍රම විනෝදේ//

 

ගැ : මේ පෙම් ......

 

මේ පෙම් කුසුමේ රේණු සැලේ

 

ස්වාමි විනෝදෙන් //

 

පි: මා පේ‍්‍රමි විනෝදෙන් -

 

බෝ සැලෙයි පේ‍්‍රමි විනෝදෙන් //

 

මෙම ගීත තනු දෙකෙහිම තනු නිර්මාපකයා වන්නේ ගවුස් මාස්ටර් බැවින් මෙම ගීත තනුව ඔහුගේ ස්වතන්ත‍්‍ර තනුවක් බවට යමෙකුට තර්කයක් මතු කළ හැකි ය. මා ද පළමුව එල්බ සිටියේ එම තර්කයෙහි ය. නමුත් ඊට වසර ගණනකට පසු මට මෙම තනුවටම එම යුගයේම නිපැයුණු තවත් සිංහල ගීයක් අසන්නට ලැබුණි. එම ගීතය වර්ෂ 1950 ්‍යඵඪ තැටියකට පී. ඩි. විනස්න්ට් පෙරේරා විසින් සංගීතවත් කොට පී. ඩි. වින්සන්ට් පෙරේරා සහ ප‍්‍රිසිලා පෙරේරා ( ඕපාත* විසින් ගායනා කළ ගීතයකි. එම යුග ගීයෙහි පද වැල මෙසේය.

 

ගැ : මේ මල්..

 

මේ මාල පිපි සීත සුළං ගේන සුගන්දේ //

 

පි : ඕ සෝබන මාලා // -

 

පිපිලා ශ‍්‍රීය ගලා ඒ

 

ගැ : මේ මල්..

 

මේ මාල පිපි සීත සුළං දේය සුගන්දේ

 

පි : පායා නැග ඒ සූර්ය හිමි .....

 

රශ්මිය විහිදා //

 

ගැ : සිත ශාන්ති වේ

 

හද සැනසි මනහර සිරියා//

 

මේ ඬේසි - කපුරු - ඬේලි //

 

කුසුම් දෑස පිනා ඒ //

 

පී /ගැ : ඕ සෝබන මාලා // -

 

පිපිලා ශ‍්‍රීය ගලා ඒ //

 

ගැ : දිලිසේ හිරු ගේ රශ්මි වැදී //-

 

ප‍්‍රීති සැපා දේ

 

පී : දේ නෙක රැුගුම් වන බඹරුන්// -

 

පාති විනෝදේ

 

දේය විනෝදේ// - මේ ප‍්‍රීති විනෝදේ

 

ගැ : මේ මල්..මේ මාල පිපි සීත සුළං ගේන සුගන්දේ //

 

පි : ඕ සෝබන මාලා // -

 

පිපිලා ශ‍්‍රීය ගලා ඒ

 

එවකට ජනප‍්‍රිය හින්දි, බෙංගාලි, මරාති හෝ දමිළ ගීත තනු වලට ්‍යඵඪ සහ COLUMBIA
 තැටි සමාගම් දෙකෙන්ම වෙන වෙනම සිංහල ගීත නිකුත්කිරීමේ සිරිත 1939 සිට 50 දශකයේ මැද/ අවසාන භාගය තෙක්ම පැවතුණි . එබැවින් ්‍යඵඪ තැටි සමාගමට ගිවිසුම් අත්සන් කළ ගායක යුවලක් විසින් ්‍යඵඪ ලේබලයට ගවුස් මාස්ටර් ගේ මෙම තනුවටම ගීතයක් නිකුත් කිරීම හේතුවෙන් මෙම ගීත ත‍්‍රිත්වය සඳහාම පාදක වුණු ඉන්දීය අනුකාරක තනුවක් තිබිය යුතු බවට සැකයක් මගේ සිතෙහි ජනනය වුණි. මෙම සැකය සහ උපකල්පනය සත්‍යයක් වූයේ මෙම ගීත ත‍්‍රිත්වය ම නිර්මාණය වූ මුල් අනුකාරක ගීතය සොයා ගැනීමෙනි.

 

මෙම ගීත ත‍්‍රිත්වයේම මුල් අනුකාරක ගීත තනුව අඩංගු වූයේ වර්ෂ 1945 භාරතයේ තිරගත වූ ජනප‍්‍රිය ඉන්දියානු පේ‍්‍රම වෘත්තාන්තයක් වූ, ”ී්‍යෂඍෂභ ත්‍්ඍ්‍ය්ෘ” (ෂිරින් ෆර්හාද්* සිනමාපටයට ය. ලාහෝරයේ ”පන්චෝලි ආර්ට් ප‍්‍රඩක්ෂන්ස්” සමාගමේ නිෂ්පාදනයක් මෙහි ප‍්‍රධාන චරිත නිරූපණය කළේ රාගිනි බායි සහ ජයන්ත් විසිනි. සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් අමරනාත් සහ රෂීඞ් අත්‍රේ විසිනි. ගීත රචනා ඞී.එන්. මධෝක් කවියා විසිනි. මෙම අනුකාරක මුල් හින්දි ගීතය ගායනා කළේ ගායිකා ශම්ෂාද් බේගම් සහ ගායක එස්.ඩි. භාතිෂ් විසිනි. මෙම චිත‍්‍රපටයේ ගීත තැටි ලේබල දෙකකින් නිකුත් වී ඇත. ඒ COLUMBIA
 සහ න්‍ෂෑභ ”ධ”ඡු්‍යධභෑ ලේබල වලිනි. අසෝකමාලා චිත‍්‍රපටයේ මෙන් මෙම ගීතය අඩංගු COLUMBIA
 (අංක ඨෑ 5101 තැටියේ ද ගායක ගායක ගායිකාවන් , ගීත රචක පිළිබඳ කිසිඳු සටහනක් නොමැත.

 

”යේ දිල්යේ මේරේ ප්‍යාර් කා ඝර් තේරේ ලියේ හේ” යනුවෙන් ගැයෙන මෙම ගීතයේ අර්ථයද බොහෝ දුරට අසෝකමාලා චිත‍්‍රපටයට ඇතුලත් වූ සිංහල ගීතයේ අර්ථයට බෙහෙවින් සමාන ය. ගීතයේ අර්ථය පහත පරිදි වේ.

 

”මේ හදවත නම් වූ මගේ ආදර නිවහන

 

ඔබ වෙනුවෙනුයි ප‍්‍රියේ..

 

මා ඔබ වෙනුවෙනුයි ..

 

ඔබ මා වෙනුවෙන් සිටී නම්...

 

ඔබේ සුසුමෙන් මගේ ලෝකය

 

ආලෝකවත් වෙයි..

 

සඳ, ඔබෙන් පමණක් මගේ ලෝකය

 

සම්පූර්ණ නොවේ..

 

මාගේ ඇස්වලින් නම් නොපෙනී නොයන්න..

 

ඒ බය මට තියෙයි...

 

මා හදවත ඔබ වෙනුවෙනුයි ප‍්‍රාණයත්

 

ඔබ වෙනුවෙන්මයි

 

ඔබ මා වෙනුවෙන් හිඳී නම් ලෝකයා මා හටයි

 

මාගේ සෑම සුසුමක්ම සෑම සවසකම

 

ඔබ වෙනුවෙනුයි

 

මේ මිහිරි බැල්මේ සිනහව කා වෙනුවෙන් ද?

 

ඔබ වෙනුවෙනුයි

 

කියන්නද මා හදේ නැගෙන ගැස්ම

 

කාටදැයි කියා?

 

මා වෙනුවෙනුයි

 

හද ගැස්මේ ඇති ආදරයේ බලපෑම

 

ඔබ වෙනුවෙනුයි

 

මා ඔබ වෙනුවෙන් හිඳී ඔබ

 

මා වෙනුවෙන් හිඳී නම්

 

මේ මහද ඔබ වෙනුවෙන් ඇති

 

ආදර නිවහනයි”

 

මේ අයුරින් බලන කල අප බොහෝ කාලයක් මුළුල්ලේ ”අසෝකමාලා” චිත‍්‍රපටයේ ගීත ස්වතන්ත‍්‍ර නිර්මාණ යැයි සිතා සිටි මතය බැහැර කරන්නට සිදුවේ. නමුත් මොහොමඞ් ගවුස් සංගීතවේදියාණන් විසින් සිංහල ගීතයට ඉටු කර ඇති මෙහෙවර ඉන් කිසිවිටෙකත් ලඝු කොට නොසැලකේ. වර්ෂ 1939 සිට 1953 දක්වා මොහොමඞ් ගවුස් නාදෙශ්වරයාණන් විසින් නිෂ්පන්න කර ඇති ගීත සංඛ්‍යාව තුන්සියයකට ආසන්නය. අමරදේව, වසන්තා සන්දනායක, මොහිදීන් බෙග්, ජී . එස්. බි.රාණි පෙරේරා, හරූන් ලන්ත‍්‍රා ආදී සිංහල සංගීතයේ දැවැන්තයින් ඔවුනගේ පළමු ගීතය ගායනා කොට සංගීතයට අතපොත් තැබුවේ ගවුස් මාස්ටර් වෙතිනි. ගවුස් මාස්ටර් විසින් සිංහල ගීත ක්ෂේත‍්‍රය හදුන්වා දුන් ගායක ගායිකාවන් සංඛ්‍යාව සියයකට ආසන්න ය. ඔහු විසින් සිංහල සංගීතයේ ප‍්‍රගමනයට කළ උත්තරීතර සේවය පිළිබඳ වටිනා තක්සේරුවක් තවමත් ලැබී නොමැත. ඔහු විසින් ශාස්ත‍්‍රීය, අධි ශාස්ත‍්‍රීය ගායනා, සරල ගී, ගීත නාටක, කවි, සීපද, විරිඳු, බයිලා, කපිරිඤඤා ආදී විවධ සංගීත අනුභූතීන් ගේ ගීත රාශියක් මෙරට සංගීත ක්ෂේත‍්‍රයට දායාද කර ඇත. එම ගීත සංරක්ෂණය කොට මතු පරපුරටද අසන්නට සැලැස්වීම ජාතික වගකීමකි.

 

විශේෂ ස්තුතිය :

 

ග‍්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂකයන් වන කුලසේකර මද්දුමගේ, ජයරත්න ප‍්‍රනාන්දු, දයා ලියනගේ, මුදිත අභයගුණවර්ධන, දිමුතු පරුස්සල්ල සහ පකිස්තානු ජාතික මොහොමඞ් ඉමිතියාස් මහත්මාවරු, හින්දි ගීතයේ අර්ථය පරිවර්තනය කර දුන් ගීත් හෙට්ටිආරච්චි මහතා