සිංහල සිනමාවේ බොදු බැති ගී

මුල්ම බොදු බැති ගීය ගැයූ නළු ගායකයා පණ්ඩිත් අමරදේව
මැයි 7, 2020

වැඩිම ගී අල්හාජ් මොහිදින් බෙග්ගෙන්

දේශීය චිත‍්‍රපට ඉතිහාසයේ කීර්තිමත් ගීත සාහිත්‍යයක් අපට හිමිය. අදටත් අපි බොහෝ ආශ්වාදයෙන් රසවිඳිනා බොහොමයක් ගීත අයත් වන්නේ එකී චිත‍්‍රපට ගීත සාහිත්‍යයටය. මේ ගීත අතර බෞද්ධ තේමාවන්ගෙන් යුත් ගීත ද බොහොමයක් වේ. මෙරට චිත‍්‍රපට ගීත සාහිත්‍යය ආරම්භවන්නේ මෙරට ප‍්‍රථම කථානාද සිංහල චිත‍්‍රපටය ලෙස සැලකෙන ”කඩවුණු පොරොන්දුව” තිරගත වීමත් සමඟය. 1947 ජනවාරි 21 වැනිදින තිරගත වූ කඩවුණු පොරොන්දුව චිත‍්‍රපටයට ගීත 12 ක් ඇතුළත් විය. එතැන් සිට මේ දක්වා බිහිවු චිත‍්‍රපට සඳහා ඉතා ආකර්ෂණීය ගීත රැුසක් ඇතුළත් විය. ගීතයක් ඇතුළත් නොවුණ මුල්ම සිංහල චිත‍්‍රපටය දකින්නට 1963 වසර තෙක් කාලයක් ගත විය. කථානාද ඉතිහාසයේ මුල් දශකයේ දී එනම් 1947-56 කාලය ඇතුළත නැතහොත් කඩවුණු පොරොන්දුවේ සිට රේඛාව දක්වා චිත‍්‍රපටවලට ඇතුළත ගීත අතරින් බෞද්ධ තේමාවන්ගෙන් යුත් ගීත පිළිබඳ විමසුමක් මෙම ලිපියෙන් සිදු කෙරේ.
 
 දේශීය සිනමා ඉතිහාසයේ බෞද්ධ තේමාවන්ගෙන් යුත් ගීතයක් අන්තර් ගත වූ පළමු චිත‍්‍රපටය වන්නේ 1947 අපේ‍්‍රල් 9 වැනිදා තිරගත වූ ” අසෝකමාලා” චිත‍්‍රපටයටයි. මෙහි බෞද්ධ ගීත ද්විත්වයක් අන්තර්ගත විය. එවකට ඩබ්ලිව් .ඞී ඇල්බට් පෙරේරා නමින් වූ ඩබ්ලිව්. ඞී අමරදේවයන් විසින් මේ ගීත දෙකම ගායනා කර ඇති අතර මෙය ඔහුගේ කුළුඳුල් චිත‍්‍රපට ගීත ගායනයද වූවේය. එමෙන්ම මෙහි චරිත නිරූපණය කළේ ද එතුමන් විසින් වීම විශේෂයකි. සංගීත අධ්‍යක්ෂණයෙන් මොහමඞ් ගවුස් හා ගීත ප‍්‍රබන්ධයෙන් ඞී.ටී ප‍්‍රනාන්දු එක් වි ඇත.
 
 භවේ භීත හැර දේශීත තිලොනා ධර්ම රසේ
 
 තෘෂ්ණජාලේ මායා ලෝකේ
 
 රාගෙන් පැටලී මෝහ විකාරේ
 
 ඇලී කාම අඳුරේ භව ආලේ
 
 දෝෂ සෙව්වෝ කාම මේ ලෝකේ
 
 ආල වැඩුවෝ ධ්‍යාන මනාපේ
 
 තිලෝනා ධර්මේ රසේ....
 
 භවේ භීත හැර දේශීත තිලෝනා
 
 වනසන පාපේ මෝක්ෂේ මාර්ගේ
 
 මෝක්ෂේ මාර්ගේ-මෝක්ෂේ මාර්ගේ
 
 පරම ශාන්ත ශ‍්‍රී නිර්වාණේ
 
 තෘෂ්ණ ජාලේ - මායා ලෝකේ
 
 මායා...මායා.....මායා....

 
 අසෝක මාලා චිත‍්‍රපටයට ඔහු ගැයූ දෙවැනි ගීතය වූයේ ”ඇයි කරේ යමෙක් ආලේ....” නම් වූ ගීතයයි.
 
 ඇයි කරේ යමෙක් ආලේ
 
 මේ ලෝකේ මායාකාරී
 
 ඇයි කරේ යමක් ආලේ
 
 වනයේ පක්ෂි තෝරා විසඳා
 
 බලනු තී රස භාවේ
 
 කරන ආලේ යමෙක් මේ ලෝකේ
 
 නොතිර සේ දෝෂා ඇයි කරේ
 
 තිරසර ආලේ අමරණීය වේ
 
 පුදනු ජීවිතේ නෑ දුකා
 
 කර්ම විපාකේ සේ ඒ ආලේ
 
 ජනහටා පැතු සේ පළදේ
 
 නෑසි ධර්මේ දේශිත කර්මේ
 
 පහදා දුනි ලොවටා
 
 ඇයි කරේ යමෙක් ආලේ...

 
 රිය සක කැරකෙන ආකාරයටම දුක සැප කැරකෙන බවත් , කියවෙන ගීතයක් 1948 තිරගතවූ ”කපටි ආරක්ෂකයා” චිත‍්‍රපටයෙන් හමුවේ. අදටත් පෝය දිනයන්හි ඉඳහිට මේ ගීතය අසන්නට ලැබේ.
 
 දුක සැප නිති පෙරළේ - රිය සක ලෙස ලෝකේ
 
 ජීවිතයාගේ අස්ථීර බාවේ - පෙන්වනා
 
 ඒ ධනවතා සැතපෙන මන්දිරයේ
 
 දුගිය වැතිරේ හඬමින තණබිමෙහි
 
 ධර්මේ සසර පෙන්වනා...
 
 ලෝ ජනිත රකින කිරුළ හිස පළඳා
 
 රජිඳා මහ මඟ බැස යන්නා....
 
 ජිවිතයේ ලෞකික සැපත වැනසේ
 
 මරණයේ ඝොර භවේ
 
 දුක සැප......

 
 ක‍්‍රිස්ටිද මෙල් විසින් ගායනා කරනු ලබන මේ ගීතය රචනා කර ඇත්තේ පී. ඇල් .ජේ නන්දන කීර්ති විසිනි. හින්දි ගීතනුවකට ගැයුණු මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ඉන්දීය ජාතික සී .එන් පාණ්ඩුරංගන්ය. මේ චිත‍්‍රපටයටම තවත් බෞද්ධ ගීතයක් අන්තර් ගතව තිබුණි. එම ගීතය ගායනා කර ඇත්තේ පී. ඩබ්ලිව්. පිල්ලේ විසිනි.
 
 දුකදේ සැපදේ - පෙරලෙන ජීවිත රෝදේ
 
 තණ්හා ඇති වී කාසි පොදියටා
 
 නෑදෑ මිතුරෝ ඒවි වටවෙලා
 
 පල ඇති දා එති වවුලෝ රුකටා
 
 පල නැති දා යති හැරදා ලෝකේ
 
 පෙරලෙන ජීවිත රෝදේ
 
 මෝහේ බැඳිලා කාසි සොයන්නා
 
 මරුවා ආදා ඒ හැර යන්නා
 
 තණ අග පිනි ලෙස වේලේ ප‍්‍රාණේ
 
 සිහිනය සේ අළුයමෙහි නැති වේ
 
 පෙරළෙන ජීවිත රෝදේ දුකදේ....සැපදේ..දුකදේ...

 
 1948 දෙසැම්බර් 03 වැනිදා තිරයට ආ ”වැරදුණු කුරුමානම‘ චිත‍්‍රපටයේද බෞද්ධ ගීතයක් අන්තර්ගත විය.” ව්‍යාධියකිමේ ලෝකේ - ඉපදීම දුප්පතාගේ” නම් ඒ ගීතය ගායනා කනුයේ ලලිතා කුමාරි විසිනි. පසුව 1949 අගෝස්තු 19 වැනිදින තිරගතවූ ”අම්මා” චිත‍්‍රපටයේ එන ”මාර්ග ඵලෙන් නිර්වාණෙ ලබන්ටත්” ගීතයද මේ ගණයට අයත් වූයේය. එම ගීතය ගායනා කර ඇත්තේ සුප‍්‍රකට රංගනවේදි ඞී. ආර් නානායක්කාර විසිනි.
 
 රුක්මණී දේවී විසින් ගයනු ලබන මෙම ගීතය අන්තර්ගත වූයේ ”හදිසි විනිශ්චය” චිත‍්‍රපටයේය. 1950 අපේ‍්‍රල් 26 වැනිදින එය තිර ගත විණ.
 
 ජීවන සැප ශ‍්‍රී පානා
 
 හෝ ජීවන සැප ශ‍්‍රී පානා
 
 කරුණාධාරි සාධුජනාගේ
 
 මෛත‍්‍රිය සෝබන සොමි ගුණ පානා
 
 ලෝකේ වාසි ප‍්‍රීතිය සාදා
 
 සැපත සැදේ මුළු ජිවිත කාලේ
 
 මනුලෝකේ මේ ප‍්‍රීති නිධානේ
 
 ලබනා සැධු ජනාටා
 
 සිත ඇතුලේහි මෛත‍්‍රිය සන්දා
 
 මුහුණේ කාන්තිය පරදයි චන්ද්‍රා
 
 සිරිදෙයි රම්‍යා...
 
 ආභරණය සේ දීප්තිය පාලා මේ
 
 රූපේ ශ‍්‍රී විහිදාලා...ජිවන
 
 සැමදෙනා වෙත කරුණා පාලා මේ
 
 පරලෝ මේ ලෝ කීර්ති දිනා යාවි
 
 ශාන්ත ගුණේහි සාදර සිතිණා
 
 මෛත‍්‍රිය සාධු ජනාටා.... ජිවන

 
 බී. ඇස් .පෙරේරා ගේසංගීත අධ්‍යක්ෂණය මේ චිත‍්‍රපටයේ ගී පද රචනා කර ඇත්තේ මර්සිලීනු ඇල්බට් විසිනි.
 
 බුදු රජානන් වහන්සේ එක් ආත්මයක කුස රජව ඉපිද ප‍්‍රභාවතිය වෙනුවෙන් විඳි දුක් කන්දරාව සිහිපත් කරවන ගීතයක් ”සීදේවි” චිත‍්‍රපටයෙන් හමුවේ. සිරිසේන විමලවීරයන්ගේ අධ්‍යක්ෂණයක් වන ”සීදේවි” චිත‍්‍රපටයට මේ ගීතය ගායනා කර ඇත්තේ ෆ්‍රෙක්සිස් ප‍්‍රනාන්දු විසිනි.
 
 ස්වාමි ඔබ මගේ බුදු පියානේ
 
 සත්තකමයි ඔබ පෙර ආත්මේහි
 
 කුස රජ වී ඉපිද - කුස නගරේහී
 
 ඒ ප‍්‍රභාවතී දේවි නිසා ඒ
 
 විඳි දුක අපමණ නේද පියේ
 
 ස්වාමි ඔබ මගේ බුදු පියාණේ
 

 මේගීතය රචනා කර ඇත්තේද සිරිසේන විමලවීරයන් විසිනි.සංගිත අධ්‍යක්ෂණය බී.එස්. ද සිල්වා ගෙනි.
 
 බී. ඒ . ඩබ්ලිව්. ජයමාන්නයන් අධ්‍යක්ෂණය කල ”කැලෑ හඳ” චිත‍්‍රපටයටද බෞද්ධ තේමාවකින් යුත් අපුරු ගීතයක් ඇතුළත් විණ. අදටත් නිතර ඇසෙන මේ ගීතය ගායනා කළේ බෞද්ධ ගීත සාහිත්‍යය තුළ ගායනවේදියකු වශයෙන් නොමියෙන නමක් දිනා ගත් මුස්ලිම් ජාතිකයා වන මොහිදින් බෙග් විසිනි. ගීතයේ පද රචනය හර්බට් .එම් . සෙනෙවිරත්න ගෙනි.
 
 මායා.....මායා....මායා.....මායා...
 
 කෝ සැපතා මේ සංසාරේ
 
 දුක කෙලවර වේ නිර්වාණේ
 
 රාග ද්වේශ මෝහන්ධකාරේ ගිලීලා සෝක සදාවී
 
 අඳුරේ සැමදා ජිවිත මායා කඳුලේනි නැසි යාවි
 
 පාපේ ගැලීලා වැනසේවී
 
 හෝ... බවදුක සඳනා රූපෙට රැුවටී
 
 කිමද ආලේ කළේ මේ... මායා... මායා...
 
 ආලේ නිසා සැමදා දක විඳිනා
 
 ලෝක සතා සංසාරේ
 
 වේදනාව දුක වේදනාව විඳ නැසෙති
 
 මේ පවු ලෝකේ
 
 ඒ සාර සැපේ නිර්වාණේ
 
 හෝ රාගය වනසා ප‍්‍රීතිය සඳහා ශාන්තිය දේ සැම කාලේ

 
 ඉන් පසුව තිරගත වූ ”සුජාතා” චිත‍්‍රපටයටද ”අයිරාංගනී” චිත‍්‍රපටයටද මොහිදින් බෙග් විසින් මෙවැනිම බෞද්ධාකල්ප සපිරි ගීත දෙකක් ගායනා කොට ඇත.සුජාතා චිත‍්‍රපටයට ගැයූි මායාවකි ලොකේ.... නම් ගීතය ඩි. ටී ප‍්‍රනාන්දුගේ රචනයකි. ”ලෝ ජීවිත කතරේ කිමදෝ මේ තනියේ” නම් ගීතය ඔහු ”අයිරාංගනී චිත‍්‍රපටයට ගැයුවේය.
 
 1954 දි තිරගත වූ ”සරදියෙල්” චිත‍්‍රපටයට බී.පී වික‍්‍රමසිංහ විසින් මේ ගීතය ගායනා කර ඇත.
 
 බුදුනේ - බුදුනේ - බුදුනේ
 
 ඒ කර්ම දෙසූ බුදු රජුනේ
 
 භව ගින්න නිවු මුනි රජුනේ
 
 දුක නිවන්න අසරණයාගේ...

 
 1954 වසරේ තිර ගත වූ අහංකාර ස්ත‍්‍රි චිත‍්‍රපටයට හියුගෝ ප‍්‍රනාන්දු විසින් රචනා කරන ලද ගීත ත‍්‍රිත්වයක්ම බොදු ගී සරණියක රස විදිය හැක.
 
 ලෝකය පෙරැුළෙයි කාලේ ගෙවීයයි-
 
 මරුවා ළඟා වෙනවා
 
 සිතු දේ නොමවෙයි-නොසිතු දෙයක් වෙයි
 
 ලෝ දම් කැරකෙනවා
 
 ගැයුම ඒ.එම් රාජාගෙනි.

 
 ධර්මදාස වල්පොල ගයන පවේ හා පිනේ ප‍්‍රමාණේ සැපා හා දුකා වේ ගීතය මෙන්ම ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල ගයන ගීතය ද ඇතුළත් වූයේ අහංකාර් ස්ත‍්‍රි චිත‍්‍රපටයටය.
 
 ජීවිතේ විකාරෙකි.-දුක් පිරි මහා හෙළකී.
 
 1955 තිර ගත වූ ”සුරඟනී” චිත‍්‍රපටයට ජි .ඇස්. බී. රාණි පෙරේරා ඇතළු පිරිස ගැයූ මේ ගීතයද අපගේ බෞද්ධ චිත‍්‍රපට ගී අතරට එකතු වන්නකි.
 
 ඕ සෑසි ලෝනා මාගේ
 
 සම්බුදු සිරිපාදේ....
 
 දිලෙනා ව බුදු රශ්මි විහිදවමින්
 
 බුදු සිරිපාදේ.... බුදු සිරිපාදේ
 
 වඳිනා ලෙසින් යමු සමනලයේ....

 
 1955 තිර ගත වූ ”අසෝකා” චිත‍්‍රපටයට මොහිදින් බෙග් ගැයූ පහත ගීතය අදටත් නිතර ඇසෙන්නකි. කරුණාරත්න අබේසේකර විසින් ගී පද රචනය කරන ලද මෙය සංගීතවත් කර ඇත්තේ පී. එල්. ඒ සෝමපාලයන් විසිනි.
 
 තනිවයි උපන්නේ- තනිවයි මැරෙන්නේ
 
 මේ ඩිංගදී ඇයි කෝලම් නටන්නේ
 
 කෝලම් නටන්නේ
 
 දිළින්දා රජින්දා උපන්නේ නැසෙන්නේ
 
 ඔවුන්ගේ තමයි මේ ලොවේහි රැුෙක්‍ෂන්නේ
 
 ලොවේහී රැුෙක්‍ෂන්නේ.....
 
 උසස්කම් පහත්කම් - සොයාලා බැලීමෙන්
 
 වැඩක් නෑ පලක් නෑ - ඊර්ෂ්‍යා කිරීමෙන්
 
 ඊර්ෂ්‍යා කිරීමෙන්
 
 හෙට හෝ අනින්දා සියල්ලෙන් වියෝවී
 
 නවාතැන්පොළෙන්මේ - පිටත් වෙන්න වේවි
 
 පිටත් වන්න වේවි
 
 තනිවයි උපන්නේ.....
 
 රාග ද්වේෂ මෝහේ මානේ වෙලීලා බැඳීලා
 
 සාපයක්ව වාසේ වේවි- පාපේ ගැලීලා
 
 පාපේ ගැලීලා.....
 
 මළ දා නිදන්නේ එකටයි කනත්තේ
 
 කුල මල ජාති බේදේ එදා නෑ නගින්නේ
 
 එදා නෑ නගින්නේ
 
 කුමටද කාබී නිති සැරසෙන්නේ
 
 කොතනද මේ කය අරගෙන යන්නේ
 
 අරගෙන යන්නේ
 
 තනිවයි උපන්නේ....

 
 අශෝකා චිත‍්‍රපටයේ ම ආ මේ ගීතයේ ගායනය මොහිදින් බෙග් හා ජී.එස්.බී.රානි පෙරේරා ගෙනි.
 
 ලෝකෙ සිහිනයක් වගේය
 
 අරුම පුදුම ජීවිතේ
 
 කවුද මෙහෙම මැව්වේ ලෝකේ
 
 මේක සිහිනයක් වගේය

 
 1955 ජුනි 24 වැනිදා තිරයට ආ ” සැඩ සුළං” චිත‍්‍රපටයෙන් හමුවෙන මේ ගීතයද බෞද්ධාකල්ප දනවන ගීතයකි.
 
 සැදැහැවත් උතුම් ලෝ පියාණන්ගෙ නාමෙන්
 
 ලැබේවා ගමක් මෝක්ෂ සම්පත් සෑදේ ඉන්

 
 මේ ගීතය ගායනා කරනුයේ ජමුනා රාණි සමඟ මොහිදින් බෙග්ය.ගී පද රචනය ආනන්ද සමරකෝන් ගේය. ඉන් පසුව අපට බෞද්ධ තේමාවකින් යුතු ගීතයක් හමු වන්නේ 1955 දීම තිර ගත වූ ”මාතලන්” චිත‍්‍රපටයෙනි. ධර්මදාස වල්පොල ගායනා කරනු ලබන මේ ගීතය අදටද ජනප‍්‍රියය.
 
 උපත ලබා මේ ලෝකේ සැපත නැතේ වී සෝකේ
 
 විපත යෙදේවි- කරුමේ පාපේ ලෙසේ
 
 කරුමේ මේ පාපේ ලෙසේ
 
 ධනපතිඳා හා දුගියා කුලපතිඳා හා රොඩියා
 
 නැණවතු හා මෝඩ ජනයා-
 
 බලවතු හා ලෝ සැමටා
 
 විපත යෙදේවි පාපේ ලෙසේ
 
 කරුමේ පාපේ ලෙසේ
 
 සැපම සොයාලා නිකිනී
 
 මනුසත මේ ලොව රුවටී
 
 රුදු අපරාදේ ගැලෙතී- ගොර දුක වේවි නිරේහී
 
 විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ
 
 කරුමේ පාපේ ලෙසේ...
 
 සැමරෙදි සේදී ජලෙනී
 
 පිරිසුදු වේවි සොඳිනි
 
 දනමන සෝදා ලන සේ
 
 ඔසු නැත මේ ලෝකේහි
 
 විපත යෙදේවී කරුමේ පාපේ ලෙසේ....

 
 ආර් මුත්තුසාමිගේ සංගීතයට මේ ගීතය රචනා කර ඇත්තේ ඩබ්ලිව්. බෙනඩික්ට් ප‍්‍රනාන්දුය.
 
 මොහිදින් බෙග්ි පෙරකදෝරු බෑණා‘ චිත‍්‍රපටයට නැවතත් බෞද්ධ තේමාවකින් යුතු ගීතයක් ගායනා කළේය.
 
 පාපේ ගැලීගා සැප නම් වින්ඳේ
 
 දුක පැමිණියදා කිමදෝ අඬන්නේ ... යන මේ ගීතය ආනන්ද සරත් විමලවීර ගේ පද රචනයකි.
 
 ගායන ශිල්පි සිසිර සේනාරත්න ගයන පහත ගීතය හමුවූයේ සිරිසේන විමලවීරයන්ගේ ”පොඩි පුතා” චිත‍්‍රපටයෙනි.
 
මේ ලෝකේ නවාතැන වේ

 
 දෙදිනයි මෙහි වාසේ
 
 මේ ලෝකේ නවාතැන වේ
 
 දෙදිනයි මෙහි වාසේ
 
 මායා මමතා හැරදා හෙට යන්නට සිදුවේ.
 
 භව ආශාවේ පැටලී ඇයි
 
 භව පොදි බැන්දේ
 
 හැර ¥දරු මේ මේ වතුපිටි
 
 හිස් අතිනුයි යන්නේ- හිස් අතිනුයි ආවේ
 
 ත්‍රෛයි ලෝක පියා -
 
 දේශිත කුණු සාගරේ හැටි මේ

 
 ( සිරිසේන විමලවීර)
 
 එම ගීතය සිසිර සේනාරත්න චිත‍්‍රපටයක් වෙනුවෙන් ගයන ලද මුල්ම ගීතය වේ.
 
 1956 තිර ගතවූ ”දොස්තර” චිත‍්‍රපටයේ පසුබිම් ගීතයද බෞද්ධ දර්ශනය පදනම් කරගෙන ගැයුණකි.සිමාසහිත සිනමාස් සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් නිෂ්පාදනය කළ මේ චිත‍්‍රපටය ”මයි වයිෆ්” නැමැති දෙමළ චිත‍්‍රපටය ඇසුරින් තැනුවකි. පසුබිම් ගිතය ගයනුයේ ධර්මදාස වල්පොලය. ගී පද රචනය ආනන්ද සමරකෝන්ගෙනි.
 
 අවිස්වාසයක් සිත්හි මවාගෙන
 
 විකල්ව මේ මිනිසා
 
 බලත්ව යනසැටි මේ විලසා
 
 අවිශ්වාසෙ මන ශාන්ති නසයි.
 
 දන පේ‍්‍රම ලොවේ මනරම්
 
 රකුසෙකි අති රුදු ගෝර බිරම්
 
 නෑ සැනසීමක් මොහු හද මැදුරේ
 
 යාවි උමතුව මහ ගන අඳුරේ
 
 භේද අවුල් සදනා මෙම රකුසා
 
 මේ වූ අවිශ්වාසේ...
 
 වනසවි මනුලොව මධුර රසේ
 
 පෙම් යුවළක හෝ අඹුසැමි දෙදෙනෙකු
 
 අතරෙහි බැඳි පේ‍්‍රමේ.
 
 බිඳ හෙල දමයි මේ රකුසු තෙමේ
 
 මෝහය මුල්වී මේ බැමි සෑදේ
 
 මේ සංසාරෙහි මේමයි සැමදේ
 
 පහදා ඇතිමුත් මෙය මුනි දහමේ
 
 මොහු නම් නොදනී එය වේ කර්මේ
 
 ජිවන නම් වූ මේ රඟමඬලේ
 
 රඟනා නළුවෙකි මොහු සිත් විලේ
 
 අවිශ්වාසයක්....

 
 1956 දුප්පතාගේ දුක චිත‍්‍රපටයට නැවතත් මොහිදින් බෙග් බෞද්ධ තේමාවකින් යුත් ගීතයක් ගායනා කළේය.‘ ඝෝර භවේ -ලෝ ජිවිත කතරේ නම් වු ඒ ගීතය මේ චිත‍්‍රපටයේ පසුබිම් ගීතය වශයෙන් භාවිතා කර ඇත. එම චිත‍්‍රපටයේම වෙස්සන්තර නාට්‍යය සඳහා මොහිදින් බෙග් ”වෙසතුරු මහ රජිඳා පිරු දාන පාරමි දම්” නම් ගීතය ගායනා කළේය. එය ආනන්ද සමරකෝන් ගේ පද රචනයකි.
 
 සාධු ශ‍්‍රී මේ ලෝ හි පතුරා- මේ පූර්ණ පොහොදා
 
 රාජිණිය අහසේ නැගෙනා....
 
 නම් මේ ගීතය ධර්මදාස වල්පොල විසින් ”සුරතලි” චිත‍්‍රපටයට ගායනා කලේය. ඉන් පසු තිර ගතවූ ”රේඛාව” චිත‍්‍රපටයේ මර්සලින් ජයකොඩි පියනම අතින් ලියැවුණු ”වෙසක් කැකුළු අතු අග...” ගීතය බොදු බැති ගී ගනයට ගිනිය නොහැකිය.
 
 කෙසේ වෙතත් සිංහල සිනමා ඉතිහාසයේ පළමු දශකය තුළ නිර්මාණය වු චිත‍්‍රපටවල අන්තර් ගත වු බෞද්ධාගම හා බැඳුණු මෙකී ගී පිළිබඳ සැලකීමේදී එයින් වැඩිම ගීත ප‍්‍රමාණයක් ගායනා කර ඇත්තේ බෞද්ධයෙකු නොවන මොහිදින් බෙග් විසිනි. චිත‍්‍රපට ගිත ක්ෂේත‍්‍රය තුළ පමණක් නොව මේ රටේ සමස්ත බෞද්ධ ගීතාවලිය පිරික්සිමේදි වුව මේ වාර්තාව කඩා බිඳ දමන්නට සමත් වූ ගායකයෙක් අදටත් නොමැත.
 
 (ගී පදමාලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සම්පාදනය කළ සිංහල චිත‍්‍රපට ගීතාවලිය 1947-1956 කෘතියෙනි.)