කවුරුවත් නොසිතන විදිහට රන්තිලි වැව අවසන් කරනවා...

නුවනි වලිමුණි
අගෝස්තු 20, 2020

නුවනි වලිමුණිගේ රුව ඔබට හුරුය. ඒ ඇය රංගන ශිල්පිනියක ලෙස කලක සිට කටයුතු කරන බැවිනි. මේ දිනවල විකාශය වන රන්තිලි වැව ටෙලි සිතුවමේද නුවනි රඟපායි. නුවනි වලිමුණි නැමැති නිළිය සරසවියට ගොඩ වැදුණද අප මේ කතා කිරීමට සූදානම් වනුයේ ඇය තුළ සිටිනා නිෂ්පාදිකාව සමඟිනි. ඒ නුවනි නිෂ්පාදිකාවක හැටියට තරමක් අප්‍රකට බැවිනි. චනික පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන රන් තිලි වැවද ඇගේ නිෂ්පාදනයකි. මේ දිනවල වැඩිපුර දකින ටෙලි ආරෙන් මිදුණ රන් තිලි වැව ගුණාත්මක ටෙලි සිතුවමක් ලෙස ප්‍රේක්ෂක පිළිගැනීමක් තිබේ. නුවනි වඩා සතුටු වන්නේ එකී කාරණය ගැනය.

නුවනි, රන් තිලි වැව ඔබේ පළමු ටෙලි නාට්‍ය නිෂ්පාදනයද?

නාට්‍ය කිහිපයක් කළා. "අහස්" තමයි මම නිෂ්පාදනය කළ පළමු ටෙලි නාට්‍යය. ඩයරිය කියලත් එකක් කළා. ටෙලිකාස්ට් වුණු පළමු නාට්‍යය තමයි රන් තිලි වැව.

ඇයි මේ වගේ නිර්මාණයක් කරන්න හිතුණේ?

අපි ඉස්සර බලපු ටෙලි නාට්‍ය හරිම රහයි. උදාහරණයක් විදිහට ගත්තොත් අකාල සන්ධ්‍යා. එවා මතක් කරන්න මතක් කරන්න හරි ආසයිනේ. මටත් වුවමනා වුණේ අන්න ඒ වගේ නාට්‍යයක් කරන්න.

බොහෝ දෙනා මේ කාලේ ඩඪඨඩ ඡභඤඨඥබ නාට්‍ය නිෂ්පාදනය කරනවා අඩුයි. ගොඩක් දෙනා බලන්නෙ රැල්ලට යන්න?

ඔව්. ඒක ඇත්ත. මමත් රන්තිලි වැව නිෂ්පාදනය කරන්න යද්දි බොහෝ දෙනෙක් කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා. කොළඹ අවටත් නෙවෙයි ලොකේශන්. ලොකු කාස්ට් එකකුත් ඉන්නවා. රැල්ලට ගියා නම් ඔය මුකුත් නැහැනේ. හැබැයි කවුරුහරි රැල්ල බිඳීන්න ඕනේ. එහෙම 

නේද. මේ වගේ නාට්‍යයත් කරන්න අවශ්‍යයි කවුරුහරි. මම වගකීමක් ලෙස මේ නිර්මාණය කරන්න හිතා ගත්තා. අඩුම තරමේ පූර්වාදර්ශයක් හරි වේවිනේ.

රන් තිලි වැව නාට්‍යයේ ඔබ කැපී පෙනෙන චරිතයක් රඟපානවා?

මම ශීලා කියන චරිතය තමයි රඟපාන්නේ. ඇය දරුවන් නැතුව පීඩා විඳීන්නියක්. දැඩි අභියෝගන්ට ඇයට මුහුණ පාන්න වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේකේ නිෂ්පාදිකාව නිසා රංගනයෙන්ද දායක වුණා කියලා. එහෙම නෙවෙයි මට ශීලාගේ චරිතය කරන්න ආරාධනාව ලැබුණේ පිටපත් රචක උදය ප්‍රියන්තගෙන්. මට මුලින්ම ලැබුණේ රන් මැණිකාගේ චරිතය. මම තීරණය කළා ඒක මට වඩා ශාලිකාට ගැලපෙනවා කියලා. ඊට පස්සේ තම

යි ශීලාගේ චරිතයට මාව යෝජනා වුණේ.

නිළියක්, නිෂ්පාදිකාවක් වුණාට ඔබේ වෘත්තීය වෙන අංශයක එකක්?

මම වෘත්තියෙන් නීතිය විෂය සම්බන්ධ කථිකාචාර්යවරියක්.

කොහොමද මේ වෘත්තීවල කාලය කළමනාකරණය කරගන්නේ?

මම රඟපාන්න ලෝබ කෙනෙක් නෙවෙයි. වැඩිම වුණොත් මම අවුරුද්දට නාට්‍යය දෙකක් කරලා ඇති. එකම විදිහේ චරිත දෙකක් කරලා නැහැ එහෙම රඟපෑවත්. මට ඕනෑතරම් කාලය තියනවා ඒක නිසා. වැඩ බදාගෙන කරන්න ගියොත් තමයිනෙ මුකුත් කරගන්න බැරි වෙන්නේ.

නාට්‍ය telicast කරගැනීමේ අපහසුතා පැන නැගුණේ නැද්ද?

මගෙ වාසනාවට එහෙම වුණේ නැහැ. වැඩේ පටන් අරන් මාස තුනක් ඇතුළත ටෙලිකාස්ට් කරගන්න වරම් උදාවුණා. මේ වෙලාවේ මම දෙරණ නාළිකාවට බෙහෙවින් ස්තූති කරනවා අපි වගේ නිෂ්පාදකවරුන් දිරි ගන්වනවට. ඔවුන් ලබාදෙන සහාය පුදුමාකාරයි. නිෂ්පාදකවරයෙක් බලන්නේ තමන් යොදවපු මුදලවත් ආපසු එනවද කියලානේ ලාභය කෙසේ වෙතත්. මට එහෙම ප්‍රශ්න ආවේ නැහැ. කොරෝනා කාලෙත් දෙරණ මේ ප්‍රඩක්ශන් එක ගැන හොයලා බැලුවා. අඩුපාඩු තියනවා නම් කියන්න කිව්වා. මාර හයියක් ඒ මොහොතවල් වලදි දැනුණේ.

රන්තිලි වැව නාට්‍යයේ අවසානය?

කවුරුවත් හිතාගන්න බැරි විදිහට අවසන් වේවි. ඒකනේ වෙන්න ඕනෙත්.

 

නිශ්ශංක විජේරත්න