දුම්රිය මගට හරස් වුණු සුදු නෝනා

නොවැම්බර් 1, 2018

 මෙම වකවානුව ලංකාවේ පාලනය ගෙන ගියෝ බ්‍රිතාන්‍යයන්ය.ඔවුන් සෙසු යුරෝපා ආක්‍රමණිකයන්ට වඩා මෙරටට කළ බලපෑම වෙනස් වනුයේ සෙස්සන් මෙන් ප්‍රධාන වශයෙන් ආර්ථික හා දේශපාලන පරිවර්තනයන්ට පමණක් නොව ලංකික සංස්කෘතිය ද ඔවුන් ආක්‍රමණයක් කළ බැවිනි.ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් යටත් විජිතයක් වනුයේ 1802 තරම් අතීතයේ දීය.බ්‍රිතාන්‍යන් ඉන්දියාවට ගොඩ බසිනුයේ 1600 තරම් ඈතක වුව ඔවුන් සහමුලින් බ්‍රිතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යෙය් කොටසක් නැතහොත් කිරිටයේ පාලනයට යටත් වනුයේ 1858 වසෙර්ය.ඒ වන තෙක් ඉන්දියාව පාලනය කරනු ලබනුයේ බ්‍රිතාන්‍ය ඉන්දියානු පෙරදිග සමාගම මගින් වීම එයට හේතුවයි.

කෙසේ වෙතත් ලංකාවේ දී 1832 වසරේ දී කලම්බු ජර්නල් පුවත්පත ඉංග්‍රිසියෙන් ද 1860 වසර දේ ලංකා ලෝක සිංහල පුවත්පත ගාල්ලෙන් ද දෙවැනි පුවත්පත 1862 වසරේ දී ලක්මිණි පහන පුවත්පත කොළඹින් ද එළි දුටුවේය. එහෙන්ම 19 වන සියවසේ මැද භාගයේ වන විටත් විදේශික ඡායාරූප ශිල්පින් මෙරට අනුරාධපුර පොලොන්නරුව වැනි පැරණි නගර ඡායාරූප ගත කොට තිබිණ.1860 වන විට .විලියම් ලුවිස් හෙන්රි ස්කීන්,චාල්ස් තෝමස් ස්කොවන්, වැනි ඡායාරූප ශිල්පීන් සිය ඡායාරූපාගාර කොළඹ සහ මහනුවර ආරම්භ කර තිබිණ.බොහෝ ප්‍රභූවරුන් ඔවුන්ගේ පවුල් අලේඛ්‍ය චිත්‍රවලින් සැරසීම වෙනුවට ඒ කටයුත්ත ඡායාරූප වලට බාර දුන්හ.

1890 වසරේ දී ජර්මනියේ සිට පැමිණිඇල්ෆ්‍රඩ් විලියම් ඇමෙන්ඩස් ප්ලාටේ හා ඔහුගේ බිරින්දෑ ක්ලාරා යුවල විසින් ආරම්භ කරන ලද කොල්ලුපිටියේ ප්ලාටේ සහ සමාගම මෙරට ඡායාරූප කලාවේ විශාල වෙනසක් ඇති කිරීමට සමත් විය.මෙරටට ඡායාරූප කලාව හදුන්වා දීමේ පුරෝගාමියා ලෙස සළකනුයේ පාර්ටිංග් නම් බ්‍රිතාන්‍ය ජාතිකයාය.ඔහු සිය කටයුතු ආරම්භ කරන ලද්දේ 1856 වසෙර්ය.ලංකාවේ දුම්රිය සේවය ආරම්භ කිරීම සඳහා මංගල පස් පිඩැල්ල කපන ලද්දේ මරදානත් දෙමටගොඩත් අතර වර්තමානයේ දුම්රිය රියැදුරන් ලොකෝ හන්දිය නමින් හදුන්වන ස්ථානයේයය.

ඒ එවකට ආණ්ඩුකාර හෙන්රි වෝඩ් අතිනි.එදින ඡායාරූපය ගැනීමේ නිල කටයුත්ත පැවරී තිබුණේ පාර්ටිංග් ටය.එහෙත් කරුමයට මෙන් ඡායාරූපයේ ප්‍රතිඵලය ව තිබුණේ දැවැන්ත සුදු නෝනා කෙනෙකු විනා මංගල පස් පිඩැල්ල ආණ්ඩුකාර විසින් කපනු ලැබීම නොවේ.එයට හේතු වනුයේ හරියටම ඒ මොහොතේ කැමරාව ඉදිරියෙන් එම සුදු නෝනා ගමන් කිරීමය. අවසානයේ එයින් පසු දිනක එවකට නිකුතු වූ ඔබ්සර්වර් පුවත්පතේ කලාපයක එම අවස්ථාව සිතුවමකට නංවා මුද්‍රණය කරන ලදී.

ලාංකේය සිනමා ඉතිහාසය පිළිබඳ පූර්විකාව ලියද්දී ඒ වන විට කොළඹ නගරයේ පැවැති තත්වය ද විමසා බලනු වටින්නකි.බ්‍රිතාන්‍යයන් ගේ පාලනයටත් පෙරාතුව කොළඹ වෙළඳ නගරයක ලක්ෂණ ගොඩ නැංවූයේය.එය මෙරට පැවැති සෙසු අග නගරයන්ගෙන් වෙනස් වනුයේ ද එම කාරණය මුල් කොට ගෙනය.එතෙ.ක් පැවැති කිසිදු අග නගරයක් වෙළඳමා මුල් කොටය ගෙන ඉදිවූවක් නොවේ.අද අගනුවර වන ජයවර්ධන පුර හා සැසදිමේ දී පවා මේ කාරණය මනාව පෙනී යන්නනකි.

කොළඹ කොටුවේ කුමාර වීදිය ,චැතැම් වීදිය වැනි ප්‍රෙද්ශ වෙළ ද ව්‍යාපාරික කටයුත සදහා වෙන් වූ අතර කාගිල්ස්,කේව්,ජෝර්ජ් ස්ටුවට් ,වෝකර්ස්,ඊ.බී.ක්‍රිසි, වැනි සමාගම් සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්නේ 1850ටත් පෙරය.බොහෝ යුරෝපා සම්භවයන් යුත් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර පවත්වා ගෙන ගියේ කොටුවේය.නැතහොත් ගාල්ල හා මහනුවර වැනි පෙදෙස්වලය.මේ වනවිට බ්‍රිතාන්‍ය ලංකාවේ සිය වතු අධිරාජ්‍යය ද ගොඩ නගා ගෙන යමින් පැවතිණ.

බ්‍රිතාන්‍ය විසින් අලුතින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ නව ධනවත් පරම්පරාවක් ගොඩ නැගෙමින් පැවතිණ.ඔවුන් ඒ වන තෙක් මෙරටට නුහුරු රේන්ද (බදු) ව්‍යාපාර ඔස්සේ ධනවත් වූවන් වන අතර එයින් දශක ගණනාමවකට පසු ඒ හරහා බලවත් බව ද ලබා ගත් පිරිසක් විය.පසුකලක සම්ප්‍රදායික ධනවතුන් විසින් මේ නව ධනවතුන් බලය සොයා යෑම අවඥාවට ලක් කරනුයේ සොක්කන් ලොක්කන් වන්නේ යැයි පවසමිනි. 1831 වසර වන විට මහනුවර හා කොළඹ අතර මහා මාර්ගය ඉදිවුණ අතර දුම්රිය මාර්ගය 1867 වසරේ සිට මහනුවර හා කොළඹ අතර දුම්රිය සේවාවන් ද ඇරඹිණ.එය නව සංස්කෘතියක් කොළඹ කරා ඇදෙන්නට මගක් විය.

මේ වන විට කොළඹ ආශ්‍රිතව නව ජනාවාස බිහිවන්නට විය.සුද්දන්ගේ නව කොළඹ ට ගොඩ බැස සිය අනාගතය උර ගා බලනු රිසි සම්ප්‍රදාය නොරිස්සූ ගැමි තරුණයන් කොළඹ පැමිණිනේනට පටන් ගත්නේ සියවසේ මැද භාගයේය.පිටකොටුව බොහෝ විට ලාංකික ව්‍යපාරිකයන්ගේ කඩසාප්ප සඳහා වෙන්විණ.දකුණින් මෙන්ම උතුරින් ද අසල්වැසි ඉන්දියාවෙන් ද පැමිණි උත්සාහවන්තයන් බහුතරය එවකට සිය අනාගතය උරගා බැලුවේ පිටකොටුවේ දීය.ඒ අවදියේ දකුණු පලාතින් එලෙස පැමිණි දොන් කරෝලිස් පුත්‍ර සමාගමේ එලෙස පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ ඇරඹුණ සමාගමකි.

බ්‍රිතාන්‍ය යුගය ආරම්භයේ සුන්දර ප්‍රේම කතාවකට මුල පිරූ මහමැදුරක් කේන්ද්‍ර කොට ගනිමින් කොළඹට නුදුරින් වූ ග ගල්කිස්සේ මහා හෝටලය මෙන්ම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හා ගොල්ෆේස් වැනි හෝටල් ද මේ වන විට ආරම්භ ව තිබිණ.මේ කාලය වනන විට කොළඹ නගරයේ විනෝදාත්මක කටයුතු සදහා ද අලුත් අවධානය යොමුව තිබිණ.බොම්බායේ සිට පැමිණි පාර්සි නාට්‍ය කරුවෝ ලංකාවේ නාට්‍ය ව්‍යාපාරයේ මුල් අඩිතාලම දමමින් සිටියහ.

අලුතින් සමාජ ගතව ඒකාකාරි වෘත්තිය ජීවිතයකට හැඩ ගැසෙන ලංකිකයන්ගේ මනස හැඩ ගැන්වීමේ ලා පුරෝගාමි මෙහෙවරක් ඔවුන් විසින් ඉටු කරන ලදහ.1882 වසරේ දි මෙරටට පැමිණි පාර්සි එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් කලබ් සහ 1889 වසරේ පැමිණි පාර්සි තියටර් සමාගම ද 1899 වසර් පැමිණි බලිවාලා වික්ටෝරියා පාර්සි නාට්‍ය සමාගම ද මෙහිලා කැපී පෙනේ.එයට හේතුව එය පසුකාලීනව ඉන්දියානු සිනමාවේ ද එහි අනුකාරකයක් වන ලාංකික සිනමාවේ ද හැඩ තළ සැකසීමට මහත් මෙහෙයක් කරනු පෙනෙන නිසාවෙන්ය.

එමෙන්ම නාට්‍ය සදහා ම ගාලු මුවදොරට අසලින් ඇසෙම්බ්ලි රූම්ස් සමාගම තාවකාලික ශාලාවක් ඉදි කර තිබිණ.ඉන්දියානු පාර්සි නාට්‍ය වල ආභාෂය ලබන බස්තියන් ජයවීර බණ්ඩාර ප්‍රථම සිංහල නූර්ති නාටකය රොලිනා 1877 වසරේ දෙසැම්බර් මස 27 වැනි දින පිටකොටුවේ කෛසර් වීදියේ දී කරළියට නැංවූයේය.

සිනමාව නම් කලා මාධ්‍යය ලොව පුරා ආරම්භ වනුයේ මෙරට එබදු පරිසරයක් පවතිද්දීය.

මෙරට සිනමා ප්‍රදර්ශණය පිළිබද ආරම්භක සටහන් ව ඇත්තේ 1901 වසරේ දී යනුවෙන් බොහෝ ලිපි වල සටහන් වෙයි.ඒ ඒ.ඩබ්ලිව්.ඇන්ඩෘ නම් ඡායාරූප ශිල්පියා එයට පුරෝගාමි වූ වග ද සඳහන්ය..මේ මතය බොහෝ විට මෙරට සිනමා ඉතිහාසය පිළිබද ලියැවෙන බොහෝ ලිපි ගුරු කොට ගෙන තිබේ.ඒ 1958 වසරේ දී පුරෝගාමි සිනමා ලේඛකයකු වන ඩී.වී.සෙනෙවිරත්න ර්‍විසින් රචනා කරන ලද චිත්‍රපට කලාව ග්‍රන්ථය ඇසුරු කර ගැනීමෙන්ය.

ලෝකයේ චලන චිත්‍රය ආරම්භ වී වසර හතක් යන තුරු මෙරට රසිකයන්ට චිත්‍රපටයක් දැක ගත නොහැකි වීද යන ගැටළුව මෙහිදී පැන නගින්නේ සමකාලින ලංකා සමාජයේ පෙර කී සිදුවීම් පිළිබඳ අවධානයෙන් සැලකීමේදීය. ඩී.වී.සෙනෙවිරත්න ගේ ග්‍රන්ථයට ඉඳුරාම වෙනස් සොයා ගැන්මක් ගෙන එන්නට සෞනදර්ය විශ්ව විද්‍යාලයේ කඨිකාචාර්ය ධම්මික දිසානායක සමත්වූයේ මෙයට වසර පහකට පෙරාතුවය.එබැවින් මෙරට චලන චිත්‍රෙය් ඉතිහාස කතාව ද 19 වන සියවසේ අගභාගයේ ම ඇරඹිය හැකියැයි අපි විශ්වාස කරමු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.