First day First Show බලන යාපනයේ සිනමා රසිකයෝ

නොවැම්බර් 1, 2018

අතීතයේ කොළඹ හැරුණු විට වඩාත්ම ජනප්‍රිය සිනමා රසිකයන් සිටියේ යාපනයේය.යාපනය අර්ධ ද්වීපයේ සිනමා රසිකයන්ගේ පික්චර් පිස්සුව කොපමණ ද යත් ඔවුන් ඇතැම් දිනවල චිත්‍රපට නරඹන්නට බෝට්ටු මගින් හොර රහසේ ඉන්දියාවට රිංගා ගැනීම සුලබ කරුණක් ව පැවතිණ.හීන් සීරුවේ රාමේශ්වරමට පැන ගන්නා චිත්‍රපට ලෝලින් අලුත්ම ඉන්දියානු චිත්‍රපට නරඹා ආපහු හින්සීරුවේ පැමිණිම සුලභ කරුණක් විය.එයට වැට බැදුණේ ඒ හරහා සිදුවූ හොර බඩු ජාවාරමත් එයට පසු ඇති වූ යුද්ධයත් සමගය.ඒ අවදියේ උතුරු නැගෙනහිර අති විශාල සිනමා ශාලා සංඛ්‍යාවක් ද විය.යාපනයේ පමණක් තිබුණ සංඛ්‍යාව හතකි.කෙසේ වෙතත් යුද්ධයෙන් පසු යාපනයෙන් පැරණි සිනමා ශාලා එහෙමම තිබිය දී ඉදිවුණේ අලුතින් එක් සිනමා ශාලා ගොඩනැගිල්ලකි.ගොඩනැගිල්ලේ සිනමා ශාලා තුනකි.එකක් ප්ලැටිනම්ය.ආසන තුන් සියයකි. අනෙක සිල්වර්ය.ආසන දෙසීයකි.තුන්වැන්න බ්‍රොන්ස්ය.ආසන සියයකි.පිහිටියේ රෝහල අසල මහත්මා ගාන්ධි මාවතට මුහුණ ලා ගෙනය.ඒ කාගිල්ස් චතුරශ්‍රෙය්ය.ඉදිවුණේ 2013 වසෙර්ය.පසුගිය වසර කිහිපයේ ම යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ පැවැත්වූයේ ද එහිය.කිහිප වරක්ම මේ සිනමා සංකිර්ණයට යන්නට සරසවියට පුළුවන් විය.වතාවක් එහි මංගල දර්ශනය පැවැත් වූ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සමගය.

සිනමා ශාලාවන්ගේ නම් පැවසූ සැනින් එය සමහරුන්ට පුරුදු ඇතිවාට සැක නැත.ඒ නමින් කොළඹ මැජස්ටික් සිනමා සංකීර්ණයේ ද සිනමා ශලා ඇති නිසාය.ඇත්ත කාරණයකි.ඒ සියල්ල මෙරට පුරෝගාමි සිනමා සමාගම වන සිලෝන් තියටර්ස් සමාගම අයත් සිනමා ශාලාවන්ය.යාපනයේ ඔවුන් සතු සිනමා ශාලා අතර ප්‍රධාන වූයේ රීගල් සිනමා හලයි.කාලයාගේ ඇවෑමෙන් ඒ වන විට නගරයේ වඩා සංකිර්ණ තැනක නවීන යුගයට අවශ්‍ය සිනමා ශාලාවන්ගේ අවශ්‍යතාව ඔවුන්ට දැනිණ.කාගිල්ස් චතුරශ්‍රයේ අලුත් සිනමා ශාලාවන්ට මුල පිරුණේ එහෙමය.

එහි කළමනාකරු කේ. එලීලන්ය.ඔහු ඉතා ප්‍රියමනාපය.

‘යාපනයේ ත්‍රිමාණ චිත්‍රපට පෙන්වන්න පුළුවන් සිනමා ශාලාව වන්නේ අපේ බ්‍රොන්ස් සිනමාශාලාව ඒ හින්දා අලුත් ඉංග්‍රීසි චිත්‍රපයට සියල්ලම වාගේ දැක ගත හැකියි.හැමදාම ඉහළම සෙනග සිනමා ශාලාවල ට ඇදෙනවා.අපේ සිනමාශාලා වල ඉහළම ආදායම ලැබුවේ බහුබලී චිත්‍රපටයයි.ඉංග්‍රිසි චිත්‍රපට වලින් ඇවෙන්ජර්ස්.සිනමාශාලාවන්ගේ සෙනඟ වැඩි වන හැම දවසක්ම අපිට අමතක වන්නේ නෑ.“ ඒ හැමදාම අලුත් සිදුවීමක් තියෙන නිසා.

ඒ යාපනයේ සිනමා රසිකයන්ගේ උනන්දුව උත්සවාකාරයෙන් ඇරඹි කලහකාරි තත්වයට පත් වන හෙයිනි.කාටත් වුවමනා මුල්ම දවස් චිත්‍රපටය නරඹන්නටය.එබැවින් කාටත් කලින් සිනමා හලට හොදින් හෝ නරකින් රිංගා ගැනීම රසිකයන්ගේ අදහසයි. ඉස්සර කොළඹ සිනමා රසිකයන් ද එහෙමය.යාපනයේ ඉපිද එහිම ඉගෙනුම ලැබ කොළඹ දී සිනමා ශලා පිළිබඳ පුහුණු වල ද එලීලන් පවසන්නේ කවර ආකාරයෙන් හෝ ඉහලම චිත්‍රපට ප්‍රදර්ශනයක් ලබා දීම තමාගේත් තම කාර්ය මණ්ඩලයේත් උත්සාහය බවයි.ඒ සඳහා සිය පාලනාධිකාරියෙන් ලැබෙන සහාය ඔහු අගය කරයි.

සිනමා උන්මාදයෙන් පෙළෙන යාපනයේ සිනමා රසිකයන් අලුත් චිත්‍රපට තිර ගත වන දවසට එයට එක් වන්නේ උමතුවෙන් මෙනි.සමහර විට දොර වල් ගලවා ගෙන එනවා.

එලීලන් පවසන්නේ ඒ සියල්ල තමන්ට පුරුදු ඒවායැයි අපට හිතෙන සිනහවක් සහිතවය.

යාපනයේ සිනමා රසිකයන්ට අලුත් අත්දැකීම් ගෙන එන මේ සිනමාහල් තුනම ඩොල්බි ඩිජිටල් නාද රටාවෙන් යුක්තය.

කොළඹ වගේ චිත්‍රපට බලන්නට දැන් කොළඹට ම එන්නට වුවමනා නැත.ඇත්තටම කොළඹ වගේ චිත්‍රපට බලන්නට යාපනයේ දී හැකියාව ඇත.

අර්ජුන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.