වින්දන-කල්පන දෙසොහොයුරන්ගේ රූකඩ පැංචි සොයා බෙන්තර ගියෙමු

නිළි රැජනගේ තෙවැනි පරපුරත් සිනමාවට...
නොවැම්බර් 15, 2018

ආචාර්ය රෝහණ වීරසිංහගේ ගීත රචනය

වින්දන-කල්පන දෙසොහොයුරන්ගේ අධ්‍යක්ෂණයක්

රූකඩ පැංචි" චිත්‍රපටය රූගත කිරීම ආරම්භ වූ බව දැනගත් මා බෙන්තොට මූහූදූ වෙරළට ගියේ දර්ශන තලයේ සිදූවීම් පිළිබඳව තිරය පිටූපස විස්තර ටිකක් සොයාගන්නටයි.

බෙන්තර ගඟ පසූකර මූහූදූ වෙරළට යන පාරේ මද දූරක් යන විට මූහූදූ වෙරළේ , මූහූදූ රැළි බිඳෙන මානයේ ඇති කානිවල් එකක් මගේ ඇස ගැටූණා දූරදීම එහි අපූර්වත්වයට වසඟ වූ මා කෙමෙන් කෙමෙන් කානිවල් එක වෙත පා නැගුවා.

පොඩි කාලේ අපි කියවා ඇති හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ , ග්‍රීම් සහෝදරයන්ගේ, ලස්සන වසිලිස්සාගේ සහ පිනෝකියෝගේ සූරංගනා කතා පොත්වල තිබූණූ ආකාරයේ රුවක් ගත් මේ අපූරු කානිවල් එකේ, දොරටූවට ඉහළින් "ලූවීගේ කානිවල්" යන පූවරුවක් සවිකර තිබූනා. කානිවල් එක තුලට පය තැබූ විට මා දූටූවේ, පෙර කී කතා පොත් වල මා රස විඳී චරිතයන්. මෙන්න සාස්තරකාරියක් මොනර පිලක් අතට අරගෙන සාස්තර කියනවා. විසර්ඩ් ඔෆ් ඕස් චිත්‍රපටයේ වගේ මායාකාරයෙක් බෝලයක් අතර අරගෙන මැජික් පෙන්නනවා. නිවූන්නූ දෙදෙනෙක් වගේ සැරසූණූ බොරු කකුල් කාරයෝ දෙන්නෙක් කුඩා පිරිමි දරුවෙකු වඩාගෙන යනවා. මෙන්න බහූබූතයෙක්. එයා පස්සේ ජෝකර් නැත්නම් කෝලමෙක්. බෝල විසිකරන විජ්ජාකාරයෙක්. ගිනි පිඹින්නෙක්. මේ දර්ශන වලින් මූසපත් වී සිටි මට අභිරූපණ ශිල්පියා මං ලඟටම එනකංම දැනූණේ නැහැ.

විමසිලිමත්ව වටපිට බැලූ විට, රෙඩ් වෙපන් සිනමා කැමරාවක්, ආලෝකකරණ උපකරණ සහ කැමරාව පසූපස සිටි විදේශීය තරුණයෙකු දූටූ මට, මෙය ඇත්තම කානිවල් එකක් නොව චිත්‍රපට දර්ශන තලයක් වන බව හැඟුණේ. විමසූ විට මෙම කානිවල් එක "රූකඩ පැංචි" චිත්‍රපටයේ දර්ශන තලය යැයි මා දැනගත්තා.

කානිවල් එකේ කොනක පූටූවක වාඩිවී, මූහූද හූලං විඳීමින් කානිවල් සිරි නරඹන පූද්ගලයෙකු වෙත මාගේ සිත ගියා. අප සූරංගනා කතා වල කියවූ කානිවල් වල ප්‍රධානියා සිහිපත් කරවන ඔහූ "අංකල් ලූවී" බවත්, මෙම කානිවල් එකේ ඔහූගේ බවත් මට කානිවල් සහයකයෝ පැවසූවා.

මා අංකල් ලූවී ළඟට ගියා. ඔහූ මා දෙස බලා මිහිරි සිනාවක් පෑවා. ඒ සිනහාවට හිමිකම් කියන ප්‍රවීණ රංගධරයා මට මතක් වූණා. මේ ඔහූම ද? ජැක්සන් ඇන්තනි ව එක පාරටම අඳූරගන්නත් බැහැ. කිසි දිනෙක අප ඔහූ නොදූටූ ස්වරූපයකින් අංකල් ලූවී ගේ චරිතයට පණ දෙන්නේ ජැක්සන් ඇන්තනි ප්‍රවීණ රංගධරයායි.

රූකඩ පැංවිට රඟන පූංචි දැරිය ළඟට ගොස් ඇගේ වතගොත විමසූ මට දැනගන්නට ලැබූනේ, ඇය ලාංකේය සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා ගේ මිනිබිරියක් වන කුෂේන්යා සයූමි ෆොන්සේකා බවයි.

කානිවල් එකේ සංගීත කණ්ඩායමකුත් සිටියා. එහි ප්‍රධානියා වූණේ, අප හැම හද බැඳගත් ගායක බන්දූල විජේවීරයි. කානිවල් එකේ රූගත කෙරුණූ ගීත 4 ම නරඹන්නට මට හැකි වූණා. මනරම් ගීත 4 ක්. කවූද මේ පදවැල් ලිව්වේ? කවූද මේ මිහිරි සංගීතය මැව්වේ?

සංගීත අධ්‍යක්ෂණය සඳහා වැඩිම සරසවිය සම්මාන ගණනකින් පිදූම් ලැබූ, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ දර්ශන තලය නරඹන්නට එක් දිනක් පැමිණියා. ඔහූ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ සහෝදරයන්ගේ කුලුඳූල් සිනමා නිර්මාණය වූ "ප්‍රේමය නම්" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළා පමණක් නොව, ඒ සඳහා හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයෙන් ද මේ වසරේ පිදූම් ලැබ තිබූණා. ඔහූ මෙහි සංගීතය නිර්මාණය කිරීමත්, මෙතරම් මනරම් මිහිරි තනූ, ගීත වලට යෙදීමත් මට පූදූමයක් වූණේ නැහැ. නමූත් මෙම චිත්‍රපටයේ මා ඒ රූගත කරනූ දූටූ ගීත 4 ම පද රචනය කර ඇත්තේත් ආචාර්ය රෝහණ විරසිංහ බව දැනගත් මා විස්මයට පත්වූණා.

චිත්‍රපටයේ විධායක නිෂ්පාදක මෙන්ම කල්පන සහ වින්දන ගේ පියා වන සරසවිය සම්මාන ලාභී ප්‍රවීණ ගීත රචකයකු වන කුලරත්න ආරියවංශ දර්ශන තලයේ සිටිනවා දූටූ මා, මේ ගැන ඔහූගෙන් විමසූවා. කුලේ අයියාට හිතුණේ නැද්ද මේ චිත්‍රපටයට සින්දූ ලියන්න? පූතා ලා ඇහැව්වෙ නැද්ද?

පූතාලා ඇහැව්වා, මං මේ තිරපිටපත කියවා කොහොම මේක ලියන්නද කියලා හිත හිත ඉන්න කොට, රෝහණ සින්දූ 4 ට ඩම් හදලා දූන්නා. ඩමී වලට රෝහණ වචන දාන එක මං අවූරුදූ 40 කට වැඩි කාලයක් තිස්සේ අත් විඳලා තියෙනවා. රෝහණ ඩමී වලට ලියපූ මේ පද පෙළ ඇසූවාම මාත් පූතාලා දෙදෙනාත් විස්මයට පත්වූනා විතරක් නෙවෙයි, ඒ ගේය පද වලට අපි වශී වූණා. මටත් පූතුන්ටත් සිතුණ දේ තමයි, රෝහණ ඒ ඩමි වලට ලියූ පද පෙල තමයි, මේ චිත්‍රපටයට, මේ කතාවට, මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට දැනෙන විදිහද උපරිමයෙන්ම සහ වඩාත්ම ගැළපෙන ලෙස මතු කර තිබෙන්නෙ කියලා. එම නිසා මං පූතාලාට කිවූවා මට නම් මෙහෙම ලියන්න තියා හිතන්නවත් බැහැ. කිසිම වෙනසක් නොකර මේ පද පෙළ මේ විදිහටම චිත්‍රපටයට ඇතුළත් කරන්න කියලා. ඔවූන් දෙදෙනාත් බොහොම කැමැත්තෙන් සහ සතුටින් ඒකට එක පයින් එකඟ වූණා. එහෙම තමයි රෝහණ වීරසිංහ කියන සංගීතවේදියා විත්‍රපට ගීත පද රචනයට එක්වූණේ.

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ සොහොයූරන්ගේ අලුත්ම චිත්‍රපටය වන "රූකඩ පැංචි" හී තිරය පිටූපස අපූර්වත්වය එක් සරසවිය ලිපියකින් ගෙන හැර පාන එක අපහසූ කාර්යයක්. එම නිසා චිත්‍රපටය පිළිබඳ තවත් රසබර විස්තර සරසවිය පාඨක ඔබ හට ඉදිරියෙදී ගෙන එන බලාපොරොත්තුවෙන්, තාවකාලිකව සමුගන්නම්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.