කළ හොඳට කළ හොඳක්

දෙසැම්බර් 20, 2018

නව පරපුරේ රංගන ශිල්පිනී මිශෙල් දිල්හාරාව ඔබ වඩාත් හඳුනන්නේ සල්සපුනා නාට්‍යයේ පොඩි පත්තරකාරී හැටියට. රංගනයේ යෙදෙන ගමන් තමන්ගේ ජනප්‍රියත්වය හොඳ පැත්තට යොදා ගන්නා අයකු හැටියටත් ඇයව හඳුන්වා දෙන්න පුළුවන්. ඇගේ විසි එක් වැනි උපන් දිනය දා ඇය ලොකු පින්කමක් සිදු කළා. විසි දෙවැනි උපන් දිනයටත් එහෙමයි.

මිශෙල් කරන්නා වූ මේ සේවාවන් ගැන ඇහැ ගහගෙන හිටපු කණ්ඩායමක් මිශෙල්ට සම්මානයක් පිරිනමලා. Asia Inspiration  අවෝඩ්ස් උලෙළේදි තමයි මිශෙල් මෙලෙස සම්මානයට පාත්‍ර වෙලා තියෙන්නේ.

ඉකුත් දා ගලදාරි හෝටල් පරිශ්‍රයේ පැවැති මෙහිදී Phillanthrophy  අංශය යටතේ මිශෙල්ව අගයනු ලැබුවා. රටවල් අසූවක තරගකරුවන් හාරසිය පනහකට අධික ප්‍රමාණයක් මෙයට සහභාගි වුණා.

සමාජ සුභසිද්ධිය උදෙසා කැපවීමෙන් කටයුතු කරන මිශෙල්ට මේ සම්මානය දිරියක් බවයි ඇය කිව්වේ. මින් නොනැවතී තව තවත් එවන් වූ කර්තව්‍යන් සිදු කරන බව මිශෙල් වැඩිදුරටත් සඳහන් කොට සිටියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.