ගෙවුණු වසරේ මෙසේ සිදුවිය

ජනවාරි 3, 2019

ජනවාරි

 මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ට පියෝ ටීවී ආයතනය මඟින් උපහාර දැක්වීම. 'ලෙස්ටර් ඔහුය සිනමාව' නමින් සිනමා දැක්මක් පැවැත් වීම.

 දේශීය සිනමාවේ වසර 71 සහ චිත්‍රපට සංස්ථාවේ 46 වැනි සංවත්සරය. (ජනවාරි 21)

 අතිශය ජනප්‍රිය කෘතියක් වූ 'විජයබා කොල්ලය' සිනමාවට නැගීම ආරම්භ වීම. මහාචාර්ය සුනිල් ආරියරත්න එහි අධ්‍යක්ෂවරයා යි.

 

පෙබරවාරි

 ඉරාන සිනමා දැක්මක් තරංගනී ශාලාවේදී පැවැත්වීම.

ආචාර්ය ධර්මසේන පතිරාජයන් පිළිබඳ ලියැවුණු ලිපි එකතුවකින් සමන්විත 'පතීවත' කෘතිය එළිදැක්වීම.

 කොළඹ නගර සභාවට පත් වූ ප්‍රථම නගරාධිපතිනිය ලෙස රෝසි සේනානායක ඉතිහාසයට එක් වීම. ඇය 2016 සරසවිය සම්මාන උලෙළේ ජූරි සභාවේ සභාපතිනිය වූවාය.

 

මාර්තු

 'බැද්දේ කුලවමිය' හොඳම නාට්‍යයට හිමි සම්මානය දිනාගනිමින් රයිගම් සම්මාන උලෙළ නිමාව දැකීම.

 හෙළ සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස් ජාත්‍යන්තර කාන්තා දිනය දා විශේෂ ඇගැයීමකට ලක් වීම. ඇය සමඟ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ ද බුහුමනට පාත්‍ර විය.

 බංග්ලාදේශයේ සිනමා දැක්මක් පැවැත්වීම.

 'සැමීගේ කතාව' සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සම්මානයට පාත්‍ර වූ ප්‍රියංකර විතානාරච්චි සිය දෙවැනි සිනමාපටයේ වැඩකටයුතු ආරම්භ කිරීම. 'වළාකුළු බැම්ම' ලෙසට එය නම්කොට ඇත.

 

අප්‍රේල්

 අප සිනමාවේ සම්මානනීය නළුවකු වූ ජැක්සන් ඇන්තනි කේරල සිනමාවට සම්බන්ධ වීම. අනිල් කුමාර් අධ්‍යක්ෂණය කරන 'ලක්නව්' සිනමාපටයේ ප්‍රධාන චරිතය පණ පෙවීමට ඔහුට එලෙස ආරාධනා ලැබිණි.

 හෙළ සිනමාවේ රැජන මාලිනි ෆොන්සේකා රංගනයට එක්ව අඩසියවසක් සම්පූර්ණ වීම.

 පිටපිට එකොළොස් වතාවක් රන්ජන් රාමනායක ජනප්‍රිය නළුවා ලෙස ස්ලිම්නීල්සන් සම්මානයෙන් පිදුම් ලැබීම.

 2018 වසරෙහි මුල් දින සියය ඇතුළත ගත වෙද්දී චිත්‍රපට 11ක් තිරගත වීම. එය චිත්‍රපට ඉතිහාසයේ වාර්තාවකි. සිංහල චිත්‍රපට දහයක් සහ ලාංකේය තරුණයකු තැනූ දෙමළ චිත්‍රපටයක් ද ඊට ඇතුළත්ය. 'ආදරෙයි මං', 'එක දවසක අපි', 'පෝරිසාදයා', 'කුසල්', 'නෙලා', 'සේයා', 'මධුර චාරිකා', 'යමරජසිරි', 'වෛෂ්ණාවි' සහ 'පුංචි අන්දරේ' එම සිංහල සිනමාපටයන් වේ. 'කෝමාලි කිංග්ස්' දෙමළ චිත්‍රපටය යි.

 40 වැනි මොස්කව් සිනමා උලෙළේ ලාංකේය චිත්‍රපට 05ක් තරගකාරි අංශයට එක්වීම. 'වෛෂ්ණාවි', 'ඇගේ ඇස අග', 'එක දවසක අපි', 'ගුරු ගීතය' සහ 'බහුචිතවාදියා' එම සිනමාපටයන් ය.

 

මැයි

 පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් කලා ගම්මානයක් ආරම්භ කිරීමට මුල්ගල තැබීම.

 සම්මානනීය සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී ජාතික රූපවාහිනියේ මුල් පුටුවට පත් වීම.

 සිනමා ඉතිහාසයේ විරල අවස්ථාවක් වූ චිත්‍රපටයක මංගල දර්ශනය දින එහි තිරකතාව සහ නවකතාව එළිදැක්වීම. එම චිත්‍රපටය වූයේ, උදයකාන්ත වර්ණසූරියගේ 'වස්සානේ සඳ' යි.

 ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා වූ නැසී ගිය ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන්ගේ සේයාරුවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී විවෘත කිරීම.

 ප්‍රසන්න ජයකොඩිගේ '28' සිනමාපටය 06 වැනි දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම සිනමාපටය ලෙස අභිසෙස් ලැබීම.

 මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සොඳුරු සිනමාකව, 'බිම්බාදේවි හෙවත් ය‍ශෝධරා' සිංගප්පූරුවේ ප්‍රදර්ශනය ආරම්භ වීම.

 සාක් සිනමා ‍උලෙළ පැවැත්වීම. මෙහිදී හොඳම සිනමාපටය වූයේ බංග්ලාදේශයේ 'හල්දා' සිනමාපටය යි.

 

ජූනි

සිරස නාලිකාව ආරම්භකොට වසර 20ක් සපිරීම.

 

අගෝස්තු

34 වැනි සරසවිය සම්මාන උලෙළ අතිඋත්කර්ෂවත් අන්දමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීම. (අගෝස්තු 03) මෙහිදී වසර දෙකක චිත්‍රපට ඇගැයූ අතර 2016 වසරේ හොඳම චිත්‍රපටය වූයේ ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය යි. ප්‍රසන්න ජයකොඩිගේ '28' සිනමාපටය 2017 වසරේ හොඳම චිත්‍රපටය විය. එය මුල්වරට එක් සිනමාවේදියකු, එනම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් වෙනුවෙන් ප්‍රණාමයක් ලෙස පැවැත්වීම විශේෂත්වයකි.

 ලාංකේය අධ්‍යක්ෂවරු තිදෙනෙක් එක්ව අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ත්‍රිත්වයකින් සැදුම්ලත් 'තුන්දෙනෙක්' සිනමාපටයේ යුරෝපා මංගල දැක්ම පැවැත්වීම. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර මෙහි අධ්‍යක්ෂවරුන්ය.

 ආචාර්ය මාලිනි ෆොන්සේකා අභිනන්දන සිනමා උලෙළෙක් පැවැත්වීම.

 

සැප්තැම්බර්

 සරසවිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මාස්කෝ 2018 ජනමාධ්‍යසූරි සම්මානයෙන් පිදුම් ලැබීම. ඔහු අත.කස සම්මාන උලෙළේදී සාහිත්‍යසූරි සම්මානයෙන් බුහුමනට පත් විය.

 

ඔක්තෝබර්

 04 වැනි යාපනය සිනමා උලෙළෙ පැවැත්වීම. මෙහිදී හොඳම චිත්‍රපටය ලෙස බංග්ලාදේශයේ 'කෝමාලා රොකට්' සිනමාපටය සම්මානනීය විය. (ඔක්තෝබර් 03)

 රෝහණ විජේවීරයන්ගේ අපදානය සිනමාවට නැඟුණ, 'ගින්නෙන් උපන් සීතල' සිනමාපටය අමෙරිකාවේ තිරගත වීම.

 'ඇගේ ඇස අග' සිනමාපටය හොඳම සිනමාපටය බවට පත් වෙමින් 03 වැනි හිරු සම්මාන උලෙළ නිමාව දැකීම. (ඔක්තෝබර් 27)

 

නොවැම්බර්

 ස්පයිඩර් මෑන්, සුපර් මෑන් ආදි මනඞකල්පිත වීරයන් රැසක් සිනමාවට ගෙන ආ ස්ටෑන් ලී අභාවප්‍රාප්ත වීම.(නොවැම්බර් 21)

 රූපවාහිනි රාජ්‍ය සම්මාන උලෙළ පැවැත්වීම.

 

දෙසැම්බර්

 ඇජෙන්ඩා 14 මඟින් සංවිධානය කළ කෙටි චිත්‍රපට උලෙළෙක් පැවැත්වීම. මෙහිදී ජාත්‍යන්තරයේ අවධානයට පාත්‍ර වූ කෙටි චිත්‍රපට රැසක් සිනමා ප්‍රේක්ෂකයන්ට රස විඳීමට හැකි විය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.