රටරටවල ලද බුහුමන්

ජනවාරි 3, 2019

(01). හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ජූරි සම්මානය - 'පුත්තු සහ පියවරු' (අධ්‍යක්ෂණය - සුමති සිවමෝහන්) - 02 වෙනි ඉන්දියානු ජගත් සිනමා උලෙළ (හයිද්‍රාබාද්- ඉන්දියාව) - මාර්තු 2018

(02). හොඳම අධ්‍යක්ෂ - ප්‍රසන්න ජයකොඩි - '28' - 08 වෙනි සාර්ක් සිනමා උලෙළ (ශ්‍රී ලංකාව) - මැයි 2018

(03). හොඳම නළුවා - මහේන්ද්‍ර පෙරේරා - 28 - 08 වෙනි සාර්ක් සිනමා උලෙළ (ශ්‍රී ලංකාව) - මැයි 2018

(04). හොඳම ශබ්ද සැලසුම්කරණය - සශික රුවන් මාරසිංහ - 'බහුචිතවාදියා' - 08 වෙනි සාර්ක් සිනමා උලෙළ (ශ්‍රී ලංකාව) - මැයි, 2018

(05). විශේෂ ජූරි සම්මානය - 'බහුචිතවාදියා' (අධ්‍යක්ෂණය - මාලක දේවප්‍රිය) - 08 වෙනි සාර්ක් සිනමා උලෙළ (ශ්‍රී ලංකාව) - මැයි 2018

(06).විශිෂ්ටතම සිනමාපටය - භවතරණ- 01 වෙනි ආසියානු සංචාරක ප්‍රවර්ධන සිනමා හා ටීවී කලා සතිය (ටයිචූ- චීනය) - ජූනි/ජූලි 2018

දේවින්ද කෝන්ගහගේගේ ‘භවතරණ’’(Crossing Sansara),  පිලිපීනය නියෝජනය කළ‘Amazing Journey of the Letters’,  ආර්මේනියාව නියෝජනය කළ ‘‘The Last Inhabitant’~’සහ ලාඕසය නියෝජනය කළ Swan Lifts Turtle  යන සිනමාපට හතරම අන්තර්ජාතික සංචාරක කාණ්ඩය යටතේ වූ විශිෂ්ටතම සිනමාපටය (Excellent Film - International Tourisam Category)නම් වූ සම්මානයෙන් පිදුම් ලැබීය.

(07). විශේෂ ජූරි සඳහන - 'අමාවක' (අධ්‍යක්ෂණය - විජිත ගුණරත්න) 02වෙනි සෙවෑ දො වෝගා අන්තර්ජාතික සිනමා උලෙළ (සෙවෑ දො වෝගා - පෘතුගාලය -  (Sever do Vouga International Film Festival) - සැප්තැම්බර් 2018

(08).රුසියානු සිනමා විචාරක සංසදයේ තිළිණය (Prize of the Russian Guild of Film Critics)  - 'මෝටර් බයිසිකල්' (අධ්‍යක්ෂණය ශමීර නාඔටුන්න) - 14 වෙනි කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උලෙළ (කසාන් - රුසියාව) - සැප්තැම්බර්, 2018

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.