තිලාගේ ඩය-රියupdate

පෙබරවාරි 14, 2019

තිලාගේ ඩය-රියupdate  සරසවිය සඳහා ලියන්නට තීරණය කලා...ඒ සරසවිය කතුවර අරුණ ගුණරත්නගේ හා සරසවිය ගජයන්ගෙ ආරාධනය මත.

ඉතින් එක් කාලෙක සරසවිය තිලාට සරසවියක් වූ නිසා තිලත් තනි කකුලෙන් කැමති වුණා

ඉතින් ඩය-රියupdate මුල පිරුවෙ සිනමාවට වසර 72 පිරුණ නිදහස ලබා වසර 71 වුණු හැටියෙම තිලා නම්‍ ඉතින් සිනමාවට සම්බන්ධ වුණේ නිශ්චල ඡායාරූප පැත්තෙන් තමයි (සමහරු නිශ්ඵල කියලත් කියනව) ඉතින් හොරෙන් කියවලා බලන්න

අද පෙබරවාරි 06 බදාදා....

අද උදේ ගෙදර ඉදල බත්තරමුල්ල අපේ ගමට ගියා ඒ කුෂානි සඳරේඛාගේ ඡායාරූප ගැනිමට .ඇය අම්මත් සමග අවා අම්ම කියන්නේ අපේ ප්‍රවීණ ගායන ශිල්පිනි මායා දමයන්ති මහත්මිය ඉතින් ඇය කියු කතාවක්. තිලාටත් පුදුමයි. ‘චිත්‍රපට සියගණනක ගීත ගයා තියෙනවා. ’

අපේ රටෙ අගැයීමක් නැති හැටි

අද පෙබරවාරි 07 බ්‍රහස්පතින්දා....

අද උදේම ආරංචි වුණේ කනගාටු දායක පුවතක් ඒ අපේ ප්‍රවීණ ඡායාරූපශිල්පින් අතළොස්ස අතර සිටි බර්ටි ගුණසේකරයන්ගේ අභාවය. තිලාගේ මුල් කාලයේ බර්ටි අයියලාගේ ආලෝකකරණය ගැන ඉතා උනන්දු උණා

තිලා අසා ඇති පරදි විජයගේ (විජයකුමරතුංගයන්) ඉතා ළඟින් ඇසුරු කළ ඔහු විජයත් සමඟ කොටි සංවිධානයේ සාම සාකච්ඡාවට ගිය නිල ඡායාරූප ශිල්පියත් ඔහුයි . තව හන්තානේ කතාව චිත්‍රපටයෙ පිටපත් රචකයෙක් සහය අධ්‍යක්ෂකවරයෙක් වු බව දන්නේ ටික දෙනයි

අද පෙබරවාරි 08 සිකුරාදා....

පසුගිය දින වල අපේ සිනමාව වෙනු⁣වෙන් ⁣අලුත් වෙබ්‍ අඩවියක් එළිදැක්වුවා . ඒක නම්‍ කාගේ වුනත් හොඳ වැඩක් hollywood කියයි bollywood කියයි.....අපිටත් දැන් කියන්න දෙයක් තියෙනවා ....helawood.....

" හෙළවුඩ්‍" පොඩි ගැම්මක් තියෙනවා

අද පෙබරවාරි 09 සෙනසුරාදා ....

අපේ කුමාර අයියා (සම්මානනීය පරිවර්තක කුමාර සිරිවර්ධන ) කෘතියක් පරිවර්තන කළා කියන එක අලුත් දෙයක් නෙවෙයි එත් කෘතියක් එළිදැක්වීමේ උත්සවයකට අරාධනා ලැබුණම අලුත් දෙයක් .අද තමයි ඒ දවස මාලනුයි තිලයි ගියා වැඩේට

" ද සයිලන්ට්‍ පේෂන්ට්" නව කතාව මේ දිනවල රටවල් 43 ක ඒ කෘතිය එලිදැක්වෙන අතර මෙහි අපේ පරිවර්තක කුමාර සිරිවර්ධනගේ කෘතිය " හඬ නිහඬ " ලෙසින් එළිදැක්වුවා මෙය ඉදිරියෙදි චිත්‍රපටයක් කෙරෙන එළිවූවා අවසානයේ කුමාර අයියා කතාවෙදි කීවා අද දවස තාම තරුණයි ⁣එකෙත් මාර තෙරුමක් තියෙනවා. හරි ඉතින් තව තරුණ තරුණියන්ට නවකතා ලියමු .

ජයවේවා ...

අද පෙබරවාරි 10 ඉරිදා....

සේනා ගැන කතා මදුෂ් අමල් නිසා අමතක යාමට පෙර සිංදුවකට හො මෙගා නාට්‍යයකට "අයාලේ ආ සේනා " වැනි නමක් යොදාගෙන කොටස් සියයක් පමණ කළානම්‍ මරු සිංදුව පෞද්ගලික බස්රථ සඳහා නොමිලේ දීල බලෙන් අස්සවන්නත් පුළුවන් .....

අද පෙබරවාරි 11 සඳුදා ....

"රූකා දේශපාලනයට" අද දවසේ පුවතක්.. බොහොම සරලයි .ඒ එක් කලෙක ශ්‍රී ලාංකීය සංගීතයට නව ගැම්මක් ඇතිකළ රූකාන්ත ගුණතිලක දඹදෙණිය ආසන සංවිධායකකම ලැබිල සංගීතයේ වෙනසක්. බයිල පැත්තට වැඩිපුර යොමු වෙන්න වෙයිද දෙකම බෙදාගෙන කරගෙන යයිද බලමු. කොහොමත් දේශපාලනේ නිසා නොයෙක් අකරතැබ්බයන්ට මුහුණ දිපු රූකාන්තට ..

උලත් එකයි පිලත් එකයි
මලත් එකයි නැතත් එකයි ......

අද පෙබරවාරි 12 අඟහරුවාදාය....

ගීත රසවිඳින ආකාරය එකිනෙකට වෙනස් බව හැඟෙන දෙයක් අද වුණා 190 බස් එකක ආවා බොරැල්ලෙ ඉදලා කොටුවට හරියට ජංගම වදකාගාරයකට නැග්ග වගේ අනුන්ගේ ගීත කැගහල කියන විවෘත සංගීත සංදර්ශයනක විඩියො එකක් දලා. බස් එකේ රියදුරුගෙ හා කොන්දොස්තරගේ රුචිකත්වය මත උපරිම සද්දෙන් දාලා සින්දු කියන උනුයි. හයියෙන් සින්දු දාන උනුයි දැනගන්න ඔන රුචිකත්වය උන්ගෙ උනාට කන්දෙක අපේ කියල.......

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.