තිලාගේ ඩයරිය

පෙබරවාරි 21, 2019

තිලාගේ.... ඩය-රියupdate ...... හොරෙන් කියවලා බලන්න

සරසවියේ පුවත්පතේ මට කලින් ඩයරිය ලියපු සුනිල් අයියට (අපෙන් සදහටම වියොවූ සුනිල් මිහිඳුකුළ) හා ටෙනිත් ( ප්‍රවීණ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිං තිලා ආදර ගෞරවයයෙන් සහිපත් කරමි ..............

අද පෙබරවාරි 13 බදාදා.............

ගින්දරි 3 කොළඹ අවට රූපගත කරන අරුණට ලැබුණු ආරංචියට එහි නිර්මාණකරුවා උදයකාන්ත වර්ණකුලසූරියට කතාකර ප්‍රසාදුයි තිලයි ඉසව්ව සොයා ගියා..වැඩේ හොඳටම යනවා ගින්දරී සහ බන්ටි ⁣ ලැන්ටි (රොඩ්නි වර්ණකුල හා පබෝදා සංදීපනී මහේන්ද්‍ර ) ඉතින් අපි ගින්දරී ගේ ඡායාරූපත් අරගෙන ගිනි ගන්න කලින් ආවා.

අද පෙබරවාරි 14 බ්‍රහස්පතින්දාය ..............

අද ⁣ආදර වන්තයින්ගේ දිනය.(වැලන්ටයින්) තිලාලගේ කාලේ එහෙම දින තිබුණේ නෑ ඇහැරිලා ඉන්න හැම මොහොතෙම ආදරවන්තයින් තමයි ලියුමක් දුන්නත් ආදර වදන් දාලා මුලට ගීතයක කෑල්ලක් දාලා . බස් එකේ යන කෙල්ලන්ටත් නම්‍ දැම්මා නිළියන්ගේ මුහුණු හැඩේට .කෝන්ඩෙ ක්‍රෙල් නම්‍ මාලනි , අහිංසක නම්‍ වසන්ති , ඇස් දුඹුරු නම්‍ සබීතා, තව ගීතා, නීටා ජෙනිට එහෙමත් හිටියා. යාළුවන්ටත් ආදරවන්තියො හොයල දෙන්න උදව්‍ වුණා. උන්ගේ ළමයි සාමාන්‍ය පෙළ පන්ති එක්ක යනකොටත් තිලා ආදරවන්තියක් හොයනවා. ඔයා නැතිවුනොත් ජීවිතේම තනියෙන් ඉන්නවා කියපු අය ටික දවසකින් වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලන් යනවා. අපි ඉතින් පරිත්‍යාගශීලින්නේ..

අද පෙබරවාරි 15 සිකුරාදාය ..........

කැමරා අධ්‍යක්ෂණය "වී. වාමදේවන් " ඉස්සර චිත්‍රපටි නාමාවලිය හොඳටම හුරු පුරුදු නමක්. ඒත් මේ‍ වෙනකොට ඔහු අපව අතහැර ගිහින් ...

ඉස්සර අධ්‍යක්ෂකවරයා හා කැමරා අධ්‍යක්ෂකවරයා (දැන් කැමරාකරණය ) කැමරා කෝණ නිතරම සාකච්ඡා කරනවලු මොකද දැන් වගේ රූපරාමුම බලන්න බැරි නිසා. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා හා වාමදේවන් ඒකට ගැළපුනාලු. ඒ නිසාම ඔහුගේ හැම චිත්‍රපටයෙම නාමාවලියේ වාමදේවන් නමත් තිබුණ වැඩත් තිබුණා .......

සූර චෞරයා, අටවෙනි පුදුමය , මයුරිගේ කතාව, සූරයන්ගෙත් සූරයා,හොඳම වෙලාව,ඔන්න මාමේ කෙල්ල පැනපි,ආදරෙයි මං ආදරෙයි , පාරමිතා ,සාගරයක් මැද , බාඳුරා මල් ,රෑ මනමාලි ,සක්විති සුවය,කොටිවලිගය ,නොමියන මිනිස්සු වැනි චිත්‍රපට හැට ගණනක කැමරා අධ්‍යක්ෂකවරයාය ඔබට නිවන් සුව......

අද පෙබරවාරි 16 සෙනසුරාදාය .........

අදට සිනමා සිහින කුමරා අපෙන් - සිනමාවෙන් වෙන් කරලා වසර 31 ඒත් තවමත් සිනමාවේ සහ මිනිසුන්ගේ හදවත්වල ඔහු ජීවමානයි එදා මෙදා තුර ලංකාවේ ලොකු පොඩි හැම අතර ජනප්‍රිය දක්ෂ රංඟනධරයාට වැඩිය සතිඅන්ත මාධ්‍යට ජනප්‍රියම චරිතය වුයේ මධුෂ්..... තිලාටත් හිතෙයිද දන්නෙ නෑ ..

අද පෙබරවාරි 17 ඉරිදාය ............

ඊයේ අපේ සරසවි⁣යේ චන්දනගේ හා සරසවියේ හිටපු දර්ශණ ගුණරත්නගේ හා උපන්දින ඩයරිය කරන සිරි කහවල අයියගෙත් උපන් දිනය එයාල ගැන තව විස්තර පසුවට ..චන්දනගේ මාරක ළිඳේ පදින මොටර් බයිසිකලේ ගැනත්. උනන්දුවාලාගේ කුලප්පුවා (දර්ශන )ගැනත් ....

අද පෙබරවාරි 18 සඳුදා........

සිනමාවෙ අංගරචනා ශිල්පියෙක් හා රංගන ශිල්පියෙක් වන උපුල් මහානාම වසන්ත අයියගේ (ප්‍රවීණ අංගරචනා - රංගන ශිල්පි වසන්ත විට්ටච්චි) අසහාය සහයකයාය

ඉතින් ඔය මහානාමට තිබුණා ඇඟිල්ලෙන් ඇන්නම කුණුහරුපයෙන් බනින අසනීපයක් (කිචි) දවසක් තිලා ඇඟිල්ලෙන් ඇන්නම බැන්නේ නෑ ..මම ඇහුවා ඇයි ඒ කියලා

" මචං මම මානසික දොස්තර කෙනෙක්ගෙන් උපදෙසක් අරගෙන හොඳ කර ගත්තා ඒක හැමෝම දන්නෙ නෑ. ඉතින් මට බනින්න ඕනෑ එකාට තාම කුණුහරුපයෙන් බනිනවා මචං " ඒක තිලා ලියුවේ දැන් නම් හැමෝම දන්නවා ඇති.....

අද පෙබරවාරි 19 අඟහරුවාදාය ......

අතුල - සමිතා සංගීත ක්ෂෙත්‍රයේ ඉහළටම ආපු කාලේ කුලුඳුල් දරුවා ගැන ආරංචියට දීප්ති අක්කත් (දීප්ති ෆොන්සේකා) තිලාත් ගියා හොරණ ගෙදරට. දිනක් හෝ දෙකක් වයසැති පුංචි බෝනික්කියකගේ ඡායාරූප ගත්ත ඒ බෝනික්කි තමයි කවින්ද්‍යා අධිකාරි. ඇය අද දක්ෂ රංගන ශිල්පිනියක් (ඝරසරප චිත්‍රපටයේ හා සක්කාරං ටෙලි නාට්‍ය ප්‍රධාන රංඟන ශිල්පිනිය) වෙලා. කාලයේ ගෙවුන හැටි ඒත් දීප්ති අක්කා තාමත් එලෙසමයි දැන් ආරෝග්‍ය පුවත් පතේ කතුවරිය නිසා වෙන්න ඇති. ආරෝග්‍ය පරමා ලාභා කියනවනේ...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.