2019 ඔස්කාර්

පෙබරවාරි 28, 2019

91 වැනි ඇකඩමි සම්මාන උලෙළ හෙවත් ඔස්කාර් සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී පසුගිය 24 වැනිදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබුවේ පීටර් ෆැරලි විසින් අධ්‍යක්ෂණය කළ Green Book චිත්‍රපටය යි.  Bohemian Rhapsody  චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රමි මලෙක් හොඳම නළුවා ලෙසත් The Favourite   චිත්‍රපටයේ රංගන වෙනුවෙන් ඔලීවියා කෝල්මන් හොඳම නිළිය ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබූහ. රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් ලද පළමු මුස්ලිම් නළුවා වන මාෂෙලා අලී දෙවන වරටත් හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන 4ක් හිමිකර ගනිමින් මෙවර වැඩිම සම්මාන ගණනක් ලද චිත්‍රපටය බවට පත් වූයේ Bohemian Rhapsody චිත්‍රපටය යි.

අමෙරිකානු නිළි සිසිලි ටේසන්, ආජන්ටියානු - අමෙරිකානු සංගිතඥ ලාලෝ ශීෆරින් සහ අමෙරිකානු ප්‍රකාශකයෙකු වන මර්වින් ලෙවී මෙවර සම්මාන උලෙළේදී ඔස්කාර් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. අමෙරිකානු නිෂ්පාදකවරුන් දෙදෙනෙකු වන කැත්ලීන් කෙනඩි සහ ෆ්‍රෑන්ක් මාර්ෂල් වෙත අර්වින් ජී. තෝල්බර්ග් සම්මානය පිරිනැමුණි.

මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ නිවේදන කටයුතු භාරව තිබූ අමෙරිකානු නළු කෙවින් හාට් නිවේදන කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් ප්‍රධාන නිවේදකයකු නම් නොකළ අතර ඈෂ්ලි ග්‍රැහැම්, මාරියා මෙනොන්ස්, එලින් වෙල්ත්‍රෝත්, බිලි පෝටර් සහ රයන් සීක්‍රෙස්ට් විසින් මෙවර නිවේදන කටයුතු මෙහෙය වන ලදී. රමී මලෙක් හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගැනීමෙන් පසු ඇද වැටීමත් ඔහු සිය කතාව අවසනායේ දී තමන් ලද සම්මානය ඒකමතික තීරණයක් නොවන බවටත් කළ ප්‍රකාශය කාගේත් අවධානයට ලක් විය. මෙවර හොඳම නිළිය නිර්දේශ ලැයිස්තුවේ සිටි ග්ලීන් ක්ලෝස්හට එම සම්මානය අහිමි වීමෙන් වැඩිම වරක් ඔස්කාර් සම්මානයට නිදේශ වී එක් සම්මානයක් හෝ දිනාගත නොහැකි වූ නිළියන්ගේ පෙරමුණට පැමිණියා.

2019 ඔස්කාර් සම්මාන උලෙළේ වඩාත් කැපී පෙනුණේ ලේඩි ගගා සහ බ්‍රැඩ්ලි කූපර් විසින් A Star Is Born  චිත්‍රපටයේ "Shallow" ගීතය ගයමින් කළ ඉදිරිපත් කිරීමයි. 2019 ඔස්කාර් රතු පලසේ මෝස්තර අතර ලේඩි ගගා, ජෙනිෆර් ලෝපේස් , සාරා පෝල්සන්, ජෙනිෆර් හඩ්සන්, එමා ස්ටෝන්, ජුලියා රොබට්ස් වැනි නිළියන් අතරේ බිලි පෝටර් ද කැපී පෙනුණේ ටක්සිඩෝ ගවුමකින් සැරසී පැමිණීම හේතුවෙන්.

 

2019 ඔස්කාර් සම්මාන ලද්දෝ

හොඳම චිත්‍රපටය - Green Book

හොඳම නළුවා - රමී මලෙක් (Bohemian Rhapsody )

හොඳම නිළිය - ග්ලේන් ක්ලෝස් (The Wife)

හොඳම සහාය නළුවා - මාෂෙලා අලී  (Green Book)

හොඳම සහාය නිළිය -රෙජීනා කිං ( If Beale Street Could Talk )

හොඳම අධ්‍යක්ෂණය - අල්‍ ෆොන්සෝ කූරොන් (Roma)

හොඳම ස්වීය තිරනාටකය -Green Book

හොඳම අනුවර්තිත තිරනාටකය - BlacKkKlansman

හොඳම සජීවකරණ වෘතාන්ත චිත්‍රපටය - Spider-Man: Into the Spider-Verse

හොඳම සජිවිකරණ කෙටි චිත්‍රපටය -Bao

හොඳම කැමරාකරණය - අල්ෆොන්සෝ කූරන් - Roma

හොඳම වාර්තා වෘතාන්තය - Free Solo

හොඳම කෙටි වාර්තා විෂය චිත්‍රපටය - Period. End of Sentence

හොඳම සජිවි කෙටි චිත්‍රපටය - Skin

හොඳම විදෙස් භාෂා චිත්‍රපටය - Roma ( (මෙක්සිකෝව)

හොඳම සංස්කරණය - Bohemian Rhapsody

හොඳම ශබ්ද සංස්කරණය - Bohemian Rhapsody

හොඳම ශබ්ද මිශ්‍රණය- Bohemian Rhapsody

නිෂ්පාදන සැලසුම්කරණය - Black Panther

හොඳම සංගීත නිර්මාණය - Black Panther

හොඳම ගීතය - Shallow"- A Star Is Born

හොඳම වෙස් ගැන්වීම සහ කේශ නිර්මාණය -Vice

හොඳම ඇදුම් නිර්මාණය - Black Panther

හොඳම දෘශ්‍ය ප්‍රයෝග - First Man

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.