තිලාගේ සරසවියේ ඩය-රියupdate

මාර්තු 7, 2019

තිලාගේ සරසවියේ ඩය-රියupdate ..හොරෙන් කියවලා බලන්න....

අද පෙබරවාරි 27 බදාදා ................

යතේජා (මෝනා )
සරසවිය
ලේක්හවුස්

යතේජා මෝනා වෙත ලියමි.

අනේ මෝනේ.. මම මේ ලියුම ලියන්නේ මෝනගේ උපන් දිනයට සුභ පතන්න නොහැකිවූ නිසයි. මගේ ෆෝන් එක නැතිවූ නිසා මෝනෙගේ අංකයත් නැති නිසා කතා කරන්න බැරි වුණේ. මට මේ ලිපිනය දුන්නෙත් අපේ ගමේ බයිස්කෝප් කොරන කොල්ලෙක්. මට මතකයි ගිය වර මෝනෙගේ උපන් දිනේ දී මම එහෙ වැඩ මෝන මහත්තයාවත් අන්දලා මෝනත් සුරංගනාවියක් වගේ ඇඳල ලොකූ කේක් ගෙඩියක් කපල මටත් චූටිම චුටි කෑල්ලක් දුන්නා. මම වැඩ කරපු වෙන ගෙවල් වල අය වගේ ⁣නෙමෙයි නෝනා හරි හොඳයි මම හරි කැමැත්තෙන් වැඩ කලේ. ඉතින් මෝනට සුබ උපන් දිනයක්....⁣

මීට ... ලැජ්ජා බයට හැදුනු අවංක පයිප්ප බාස්..... ...(සරසවියේ යතේජා ඥාණරත්න සොයුරියට උපන් දිනය සුභපතා ආපු ලිපියක් තිලා විසින් උපුටා ගන්නා ලදී...)

අද පෙබරවාරි 28 බ්‍රහස්පතින්දා ............

ප්‍රවීණ පුවත් පත් කලාවේදියකුගේ නික්ම යාම......

මීට වසර කීපයකට පෙර තිලාව ඔබ්සර්වර් පුවත් පතට ඩැහැගැත්තේ කතෘ ලක්ෂ්මන් ගුණසේකරය. පසු කාලෙක නැවතත් එම පුවත්පතේ කතෘ ධූරයට ජයතිලක ද සිල්වා පත් විය. මුල් කාලයේ ගුරුවරයෙක් වුණු ඔහු නැවතත් අපටත් ගුරුවරයෙක් විය. කාරිය හරියට කරන තුරු සතුටු කරන්න බැරි ප්‍රවෘත්ති, ඡායාරූප ගැන අපට මනා වැටහීමක් ලබාදුන් කිසිම දේශපාලකයෙක්ට යටත් නොවී කටයුතු කළ ඔහුට අපට මාධ්‍ය පාසලක විදුහල්පති කෙනෙක් වැනිය. ඉංග්‍රීසි සාහිත්‍යධරයකු හා ගත්කතුවරයකු වන ඔහු පසුගියදා අප හැර ගියාය. අපට තවත් ගුරු පියෙකු අහිමි විය. ඒත් ඔහුගෙන් දැන උගත්දෙය තවමත් අප ලඟය. ඔබට නිවන්සුව!!........

අද මාර්තු 01 සිකුරාදා ...................

පුවත්පත්වල වැඩ කරනකොට ඉතිරි වන්නේ සුන්දර අත්දැකීම් හා මතකයන් පමණි... ඒත් ඒවා මතකයන්ට පමණක් සීමා නොකර බිඳක් කොහේ හරි ලියලා තියන එක වටී....මේ‍ ඉන් එකක්

අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක උදය කාන්ත වර්ණසූරිය සිනමාවට ආන්දෝලත්මක නිර්මාණයක් කළා. ඒ බහුභාර්යා චිත්‍රපටය. ඉතින් ඒ චිත්‍රපටයේ අපේ රටේ පමණක් වැඩිහිටියන්ට පමණක් සීමා වෙන දර්ශන තිබුණා. ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න රඟපෑවා චිත්‍රපටය ප්‍රදර්ශනයටත් ප්‍රථම සංගීතගේ රඟපෑම කතා බහට ලක්වුණ සියලු මාධ්‍යයන් දැන් සංගීතව හොයනවා. එයා නෑ. චිත්‍රපටය තිරගතවී නිම වන තුරු සංගීතා හිටියේ වහංවෙලා ඒ දින වල සංගීතා ඉන්න තැන දුරකතන අංකය දන්න සීමිත දෙනාගෙන් සරසවි⁣යේ දෙදෙනෙකුත් හිටියා. ඒ වර්තමාන කර්තෘ සහ තිලා.

අද මාර්තු 02 සෙනසුරාදා ..........

මෑත කාලයේ රට පුරාම පාතාලය ගැන කතාකරනකොට ලංකාවේ පාතාලේ ගෝඩ් ෆාදර්ලා ගැන කතා කරන්න පටන් ගත්තා....ඒ නිසාම තිලා මතක් වුණා 1972 වසරේ තිරගතවනු ඇමරිකානු චිත්‍රපටය. ද ගෝඩ් ෆාදර් ඉතාලිය - ඇමරිකාව අතර පාතාලයට සම්‍බන්ධ දොන් වීටෝ කොර්ලූයානො (ප්‍රධාන චරිතය මාර්ලන් බ්රැන්ඩො) පවුලක් ගැන..එය අද අයෙත් බැලුවා

ඒකෙයි අපෙයි කියලා වෙනසක් නෑ ගේම්‍ ඒ විදිහම තමයි. කාලයකට ඉහත ගත්කතුවරයකු වන සෝමසිරි ලියනගේ විසින් ගෝඩ්‍ ෆාදර් ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කර තිබුණා.

අද මාර්තු 03 ඉරිදා.......................

අපේ අරුණ (සරසවිය කර්තෘ) විවාහයට දැන් වසර 19 තිලාටත් මතකයි හොටෙල් සෆායර් එකේ තිබුණෙ. පැදුරු සංගීතය නග්ගලා ගත්ත හර්බට් රංජිත් පීරිස්. මංගල උත්සවය කලාකරුවන්ගෙන් පිරිල තිබුණ.... වසර 19 පසුව අරුණ

සුන්දර විවාහය කට අවශ්‍යම නීති මායියට හොරෙන් කියවලා..

කිසිවිටක එකවර දෙදෙනාම තරහ ගන්න එපා * නිවසේ හදිසි ගින්නක් ඇතිවු විටදී හැර අන් මොහොතකදී යටිගිරියෙන් කෑගහන්න එපා * ඔබ දෙදෙනාගෙන් එක් අයකුට ජයග්‍රහණය ඕන නම්‍ එය අනෙකාට ලබාදෙන්න * අනෙකා විවේචනය කිරීමට අවශ්‍යම නම් ආදරණීයව කරන්න * අනෙකාගේ අතීතයේ වැරදි වර්තමානයේ ඇදලන්න එපා * පිටත ලෝකයට වඩා එකිනෙකාට මුල් තැන දෙන්න * දිනකට එක් වතාවක් වත් අනෙකාව ප්‍රශංසා කරන්න *දෙදෙනාගෙන් කවුරු හෝ වැරැද්දක් කර ඇත්නම් සමාව ඉල්ලීමට පසු බට නොවන්න * සෑම අවස්ථාවෙම දෙදෙනාට දෙදෙනා තේරුම් ගැනීමට උත්සහ ගන්න.

බැලුවම ඔය ඔක්කොම කරලා තියෙන්⁣නෙ අරුණ විතරයිලු.......

අද මාර්තු 04 සඳුදා .........

තිලාත් හිතුවා වැඩක් පටන් ගන්න හැබැයි තව උදව්වට කොල්ලො කෙල්ලො ටිකක් ඕන මොකක් හරි නමක් යෝදාගෙන සංවිධානයක් හදල ඒකේ අරමුණ ඕනෑම වෙනුවෙන් කොන්ත්‍රාත් ක්‍රමයට උද්ඝෝෂණ කිරීමට කොන්ත්‍රාත් ගැනීම. දැන් උද්ඝෝෂණ පාලනය කිරීමට කාන්තා නිලධාරියන් ඉන්න නිසා කඳුළු ගෑස් වියදම අඩුයි. හැඟිම්‍වලින් පාලනය කරන්නත් පුලුවන් තිලාගේ උද්ඝෝෂණ ව්‍යපාරික ආයතනයේ හැබැයි කාලයක් යද්දි විසඳුම්‍ ඉබේම ලැබෙනවා. උද්ඝෝෂකයන් හා කාන්තා නිලධාරිනියන් හමුවන තැනක් බවට පත්වෙන්වා. පසුව ඔවුන් විවාහ වී උද්ඝෝෂකයා නිලධාරියගේ අණට ඉබේම යටත් වෙනවා. පාලනය කරන්න බැරි අය කාන්තා හිංසනය යටතේ අත්අඩංගුවට ගන්නවා හරිම සරලයි...තිලත් ගොඩ රටත් ගොඩ ................

අද මාර්තු 05 අඟහරුවාදා ............

අතාරින්න එපා නංගි අතාරින්න එපා උන්ට ⁣ඔහොම කරල මදි. ටෙලි නට්‍යයක හරියට දෙබසක් කියාගන්න බැරි පොඩි චරිතයක් දෙකක් රඟපැවම උන් පත්තර වල කවර් පේජ් දාල උන්ව මහ ලොකු නිළියෝ කරනවා උන්ට ඔහොම බැනල මදි මඩුවලිගෙන්......

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.