තිලාගේ සරසවියේ ඩය-රියupdate

තිලාගේ සරසවියේ ඩය-රියupdate හොරෙන් කියවලා බලන්න....
මාර්තු 14, 2019

අද මාර්තු 06 බදාදා ...............

පසුගිය දවසක තිලාට ලලිත් වසන්ත හමුවුණා (ප්‍රවීණ- ජනප්‍රියම ගීත රචක ටෙලිනාට්‍ය නිෂ්පාදක) ඒ ඔහුගේ තෝඩු නාට්‍ය දර්ශන තලයෙදී

තිලාට ලලිත් හමුවන්නෙත් ඔහුගේ මුල්කාලයේ. නාමල් උඩුගමගේ සහ ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ජනප්‍රියට ගීත අකුරු - වචනවලින් සෙල්ලම් දාපු කාලේ. අදත් ඔහු කලා ක්ෂේත්‍රයේ රැඳිල ඉන්නෙ ඒ හැකියාව නිසාවෙන්..

හමුවුනු ලලිත් මාර කතාවක් කියුව.

" මචං අපි ඉඳලා හිටල හමුවුණාත් හිතවත්කම එදා වගේමයි මචං. අපේ අවසාන කාලෙත් අපිට ඉන්නෙ අපිම තමයි මචං. අනික් අය එනව යනව"......

අද මාර්තු 07 බ්‍රහස්පතින්දා..........

තිලා⁣ගේ හිතවතෙක් හමුවුණා අහම්බෙන් මිනිහා පුංචි මදුවිතක් පානය කරලා බොහොම සතුටින් හිටියෙ. අයියේ යමු ජොලියක් දාන්න. ඉතින් මොකෝ අද ⁣ විශේෂ හේතුවක්ද. අයියේ මම වැඩකරන ආයතනයේ ළඟදි කිහිප දෙනෙකුට උසස්වීම් දුන්නා.

ඉතින් ඒ අයනේ සතුටු වෙන්න ඕනේ...

නෑ අයියේ දැන් මට ලොක්කො 10 විතර ඉන්නවා ඔක්කොම මගේ යාළුවෝ ඉතින් එක්කෙනෙක් එක වතාවක් මට පඩිවැඩිවීමක් (ඪදජපඥථඥදබ) කළොත් මම ගොඩනේ අයියේ

අද මාර්තු 08 සිකුරාදා...........

අද මායියගෙන් උදේ තේක නෑ...(කතාවක්) තමුසෙට ඕනෑනම්‍ හදාගෙන බීල මටත් හදාගෙන එනවා මායියාගේ ජාන වෙනසක් වේ‍ගන එනවද දන්නෙ නෑ.. කල්පනා කරමින් උදෙන්ම ගෙදරින් එළියට පැන්නා. මඟදි ඇමතුමක් මායියගෙන්

තමුසෙ පැනල ගියාට කමක් නෑ හවස එනකොට බියර් 5 කුයි කෑමයි අරන් ගේනවා මගේ යාලුවෝ වගයක් එනවා.

යනගමන් බස්එකේ මගේ ළඟට ආපු කාන්තාවක් මේ‍ මට වාඩිවෙන්න සීට්එක දෙනවා කිව්වා .

දෙගිඩියාවෙන් ආයතනයටත් ආවා වෙනදට හිනාවෙලා කතාකරන අය අද අඩි ගණනක් උඩින් මොකක්ද අවුල කියලා හිත හිතා ඉන්නකොටම අපේ බොහොම හිතවත් ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් කතා කළා අලුත් ඡායාරූප ගම්‍මු කියලා යෝජනා කළා විතරයි. තමුසේ කියපු ගමන් මම ලැහැස්ති වෙන්න මම වැඩ නැති කෙනෙක් කියලා හිතුණ මාසේකින් විතර පුළුවන් වුණොත් බලමු... තිලා හොල්මන්...

හවසයි වැටහුණේ අද කාන්තා දිනේ. කමක් නෑ තව පැය කීපයක් ඉවසන්න වෙනවා................

අද මාර්තු 09 සෙනසුරාදා........

වජිර කියලා මගේ හිතවත් මල්ලි කෙනෙක් ඒ මල්ලි දවසක් මාර කතාවක් කිව්වා ⁣ජයික් හිල්ටන් හෝටලයේදී වජිර ⁣දක්ෂ කැමරා ශිල්පියෙක් නැට්ටුවෙක් බෙරවාදකයෙක් චිත්‍රපට ⁣ ක්ෂෙත්‍රයේ අලෝකකරණ ශිල්පියෙක්. අපි එදා මදුවිතක් එක්ක ඔට්ටු වෙවී හිටියේ.... අයියේ මම අද අයියත් එක්ක මෙතන ලෝකේ ඉස්තරම් බීමක් බොනගමන් ඉන්නෙ. අයියේ මම තාමත් ඉඳලා හිටලා දානේ ගෙවල්වල හේවිසි ගහන්න යනවා එතනදි මට බිමට පැදුරක් දාල කෑම බීම දෙනවා මගේ රස්සාවල් දෙක තල දෙකක. මට ඒක අවුලක් නැ අයියේ. ඒත් ඔය දෙකේම ඉන්නෙ එකම මිනිහා කියලා මිනිස්සු තේරුම් ගන්නෙ කවදාද ...............

වජිර කියුදේ කුලයෙන් බෙදා වෙන්කර ගන්නේ මනුෂ්‍යයාම බව තේරුම් ගැනීම හොඳටම ප්‍රමාණවත් උදාහරණයක් නොවේද .....

අද මාර්තු 10 ඉරිදා.........

රූපවාහිනී නාළිකාවක කලාකරුවන් සම්බන්ධ කරගෙන පරණ වැඩසටහනක් ගියා. ඒක බලන් ඉන්න කොට එක් නිළියකට ගීතයක් ගයන්න කියුවම එච්‍.ආර් ජෝතිපාලයන්ගෙ '⁣මල් පිපිදෙන එක වසන්ත සමයක' ගීතය ගායනා කරන්න පටන් ගත්තා. ජංගම දුරකථනයෙන් වචන බලාගෙන කියනකොට ජෝතිපාලයන්ට තවමත් ආදරය කරන රසිකයන්ට මොනවා හිතෙන්න ඇද්ද. අනේ නඟා ඔය ගීතයම කට පාඩමින් ලස්සනට කියන රසිකයන් කෝටියකට වැඩිය තවම ඉන්නවා වචන බලාගෙන කියන කොට ගීතයේ තාලයත් වරදිනව. කියල ඉවර වුණාම නිවේදක නළුවත් කිව්වා ලස්සනට ගායනා කළා ඔයාගේ ගීතයක් ගයන්නෙ කවදාද.....බුදු අම්මො.....

අද මාර්තු 11 සඳුදා..........

අද ජානක වික්‍රමසිංහගේ (ගායන ශිල්පි) හිතවතෙක් කතාකළා ඒ ඔහුගේම සංගීත ප්‍රසංගය ගැන මතක්කරන්න

මේ‍ 31 නෙළුම් පොකුණ රඟහලේ. කාලෙකින් ලොකු වැඩක් කරන්නෙ....

ජානකගෙයි තිලාගෙයි හිතවත්කම ඔහුගේ ගායන දිවියේ මුල්කාලයේ ⁣ තිලා ජානකගේ මුලින්ම ඡායාරූප ගන්නෙත් ඔය කාලේ. අනාගතේ ලංකාවේ දක්ෂ ගායන ශිල්පියෙක් වෙයි කියලා අපට දැනුනෙත් ඒ කාලේ සුසිල් අයියයි (සරසවිය හිටපු කර්තෘ සුසිල් ගුණරත්න) ජනකගේ පොළොන්නරුවේ ගෙදර යනවා ඉතින් එහෙ ඉන්නකම්‍ හැමදාම පැදුරු සාජ්ජ තමයි ඒ කාලේ "බාලිකාවියන් තක්සලා දොරෙන්" ගීතයට දෙගොල්ලන්ම පිස්සු වැටිලා හිටියා. එදා අතීතයේ ඒ හිතවත් කම අදත් එහෙමයි. වැඩේට සුබ පැතුම් ......

අද මාර්තු 12 අඟහරුවාදා..........

ඉස්සර ඉතින් කොල්ලො කෙල්ලො පණිවිඩ හුවමරු කරගන්නේ ආදර හසුන්වලින්. ලියුම්‍ කාරයා එනකම් පාර බලන් ඉන්නේ. ඉතින් ලියන ඒව හරිම රසවත් ආයතනයේ පරණ ආදර වන්තයෙක් කියනවා එයා ලියපු ආදර හසුන්වල මුල් වදන්..... ගීතයක කොටසක් අනිවාර්යයිලු

සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්.....

දැස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව, දැස රිදෙනවා පාර බලා ඉදලා, මලක් වෙලා ඔබ පිපෙන්න,

මුලුලොවම නිසංසලයි,

සීත රැයයි හැගුම් විලයි,

ඔබෙ සිනා මට පවන් සලයි,

ඔබෙ රුව ජායා සැඟවෙයි පායා, ඊට පස්සේ වැඩිහිටි ප්‍රෙමවන්තයන් ඇවිස්සුණා, ආදරියේ රුචිරාණනියේ, දලුලා ප්‍රේම ගසේ පොඩි අතු රිකිලි සැදේ, පොල්කිච්චි වාගේ රංඩු කරන්නේ, පේ‍්‍රම නදියේ පීන පීනා එන්න රැමෙ, 9හිත ගිය තැන ආදර රජ මලිගාව සැදේ....

තිලාටත් අදාල ඒව තියෙනවා ...මෙ ගීත නොතිබුනා නම්‍ කෙල්ලන්ට ලියල ඉවරයි...

අහගෙන හිටපු එකෙක් කියනව ඒකා ගීත කැල්ලක් ලියල කෙල්ල තරහ වෙලා මුණ බලන්නෙ නැතිව ගියාලු. තාමත් තරහලු.. අපි හොල්මන්.

රුචිරාණනී අහන්න එකපාර මා මරන්න.......

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.