තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
අප්‍රේල් 25, 2019

අද 17 බදාදාය ........

මෙදා අවුරුදු අවා ගියාය. පුංචි සුනාමියක් වගෙ අන්දේවල් ඉතිරි කර මුදල් ගසාගෙන ගියා සේය.. අවුරුද්දට කන්නම විතරක් බලාගෙන හිටපු අයටත් සුනාමි වගේය. නොනගතය- පුණ්‍යකාලය 7.45 ආහාර අනුභවය 3.58ට

වෙනදා මෙන්ම ජෝතිපාලයන් සහ ලයනල් රංවලයන් නොමියෙන මිනිසුන් ලෙස අවුරුදු සිරිය වෙලාසනින් මතක්කර දුන්හ. රංවල බලකායේ නිර්මාතෘ සහන් රංවලටත් ස්තුති වන්ත වෙන්න ඕන ඒ දේවල් පවත්වගෙන යනව⁣ට... නැත්නම්‍ අපිට අවුරුද්දට කියන්න වෙන්නෙත් ..දිල්තො පාගල් හෙ දිල් දිවානා හෙ..

මී අඹ අත්තේ කොහෝ කොහෝ ...,

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා .......

නව අවුරුදු දා බක් මාසේ

කොහෝ කොහෝ කොහේ ඉදන් කොහෝ කියනවාදෝ........

කිරි ඉතිරේවා නව වසරේ.....

මේ‍ අවුරුදු කාලේ හිනහ වෙයන් රාලේ

මේ‍ අවුරුද්දේ කිරි ඉතිරෙන්නයි....

වන්නම්‍ සවුදම්‍ ගායන සුරිය මංඩල සේමා

අද 18 බ්‍රහස්පතින්දාය ...

මේ වන විට සරසවියට අවුරුදු 57යි. මෙතෙක් සිංහල සිනමාවට කර ඇති සේවය කෙතරම් ද යන්න කියා ගණනය කළ හැක්කේ කාටද. තිලාට මතකයට නැගෙන කර්තෘවරුන්.. මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ.ඩී. රන්ජිත් කුමර, තිලකරත්න කුරුවිටබණ්ඩාර, සුසිල් ගුණරත්න, සුනිල් මිහිඳුකුල අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, ගාමිණි සමරසිංහ, වත්මන් අරුණ ගුණරත්න. ඒ අතර සුසිල් ජිනප්‍රිය, කැමිලස් පෙරේරා, සුනිල් හොරේෂස්, විවේකා සමරසිංහ, නෙලුම් විමලරත්න, කුමාර සිරිවර්ධන, දර්ශන ගුණරත්න, ඡායාරූප ශිල්පීන් අතරින් රෙජි බුලත්සිංහල, බන්දු එස් කොඩිකාර, ජයන්ත දිවිසේකර, උපාලි ෆොන්සේකා, බන්දුල විජේසුරේන්ද්‍ර, සුසන්ත ලියනවත්ත, කල්‍යාණ චන්ද්‍රසේකර. ...... සරසවිය පවුලේම සිටිමින් සරසවියට සවියදුන් අය තවවත් සිටිනවා ආයතනය තුළම.. ගීෂා මුණසිංහ, චතුර ගීතනාත් බණ්ඩාර, මමෝලි සුබසිංහ, හේමාලි විජේරත්න, තිලානි ශානිකා විතානාච්‍චි ඡායාරූප ශිල්පීන් ශිල්පීන් ටෙනිසන් එදිරිසිංහ, මාලන් කරුනාරත්න, ඔහුන් තවමත් සරසවිය වෙනුවෙන් ඉන්නවා......තව අය මතක් වුණොත් තිලාට කියන්න....

වත්මනෙහි මං ඇතුළු ගොබිලො ගැන කියන්න ඕං නෑනේ........

අද අප්‍රේල් 19 සිකුරාදාය..........

බෞද්ධයන් සහ කිතුනුවන් එකම දිනයේ විහාරස්ථාන සහ දේවස්ථානවලට යන විශේෂ දිනයක් වුණා. ඒ අද ⁣පෝය හා මහසිකුරාදා දිනය නිසාවෙන් කලාතුරකින් උදාවන අවස්ථාවක් ...තිලාත් ගෙදරට වෙලා දැහැමින් සෙමෙන් හිටියා...

අපේ රටෙ අපේ දෙදෙනෙක් අපේ ජාතික ධජය ඇති අපේ චන්ද්‍රිකාවක් යවන්න සමත්වෙලා. ඒ ඉංජිනේරු තරිඳු දයාරත්න හා දුලානි විතානගේ "රාවණ 1" ලෙස හඳුන්වන චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ දිනයෙ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට කරා ගමන් ඇරඹුණු බව සඳහන් ......මුළු ශ්‍රී ලංකාවම ඔවුන්ට එක හඬින් සුබ පැතිය යුතුයි ......එහෙත් මධුෂ් තරම් ඔවුන් ගැන දන්න අය අඩුයි......

අද අප්‍රේල් 20 සෙනසුරාදාය........

අද වෙනකොට අන්තර්ජාලයෙ ජනප්‍රියම මාතෘකාව සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම.....

අපේ රටෙ සදාල ඉන්නවා සදා

ලෝකයෝ ඉන්නවා

සදා පූජිතල ඉන්නවා

සදා කුමාරලත් ඉන්නවා

සංගකාරට තනි අයිතියත් දුන්න එක වැරදියි තමයි ........

අනික මේ‍ දිනවල සදා ලෝක පුජිත අර චන්ද්‍රිකාවක් යවපු ළමයි දෙන්න ඒ ගැන කතාකරන අපේ ගොබි⁣ලො හරිම බොහොම අඩුයි...........

අද අප්‍රේල් 21 ඉරිදාය.....

අද පාස්කු ඉරිදාය ඒ ගැන තිලා ඊයේ වැඩි විස්තර දැනගත්තේ ඔබ්සර්වර් පුවත් පතේ දුෂ්‍යන්තිගෙනි.... එහෙත්.............................................................ශෝචනීයයි................................................................................................................................................ගජ⁣යො හා තිලා අදත් සුපුරුදු මාධ්‍ය මෙහෙවර කළා වෙනදා මෙන් බය නොදැනුනත් හිත බොහෝම කලකිරීමකින්....

අද අප්‍රේල් 22 සඳුදාය ....

අපේ මාධ්‍යයත් සමග ඉතා කුලුපගව කටයුතු කළ ශාන්තා මායාදුන්න හා දියණිය ප්‍රහාරයෙන් අප හැර ගියා..........

තිලාට මතක්වුණා සහෝදරයා ටෙලිනාට්‍ය දෙබසක්.

"ආයෙමත් බිලි පූජාවක් එනවා. හැබැයි අපි දන්නෙ නැ මේ‍ පාර තුවක්කු හැරෙන්නෙ සිංහල සමාජයටද දෙමළ සමාජයටද කියල. කාට හැරුණත් අපිට කියල කියන්න මේ‍ සමාජයේ හැදෙන්න ඕන. අපි වැඩ කරනවනම්‍ අපි වැඩ කරන්න ඕන එකට "

මසුරං දෙබස ඒත් අපි අදත්...............

අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ...

අද අප්‍රේල් 23 අඟහරුවාදාය.......

අපි හරි ආසයි හිනා වෙලා පිස්සු නටාගෙන ජීවත් වෙන්න එත් හිටපු ගමන් මෙ වගේ සංවේදී ⁣දෙවල් කඩාගෙන වැටෙනවා ඒ වෙලාවට අපි එකතු වෙනවා එහෙම උන් හරි සංවේදීයිලු. ඒ නිසාම අද උදේ අප හැර ගිය සියලු දෙනා සිහිකර හවස නිවන් සුව පතා පහන් දල්වා මේ එකමුතුව සැමදා රැකිමට අදිටන් කර ගමු.....

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.