තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
මැයි 16, 2019

අද මැයි 08 බදාදාය........

පසුගිය කාලයේ කුඩු ...........අරහෙන් ඇල්ලුවා කුඩු මෙහෙන් ඇල්ලුවා කුඩු එහෙන් කුඩු ඔහෙන් කුඩු උඩින් කුඩු යටින් කුඩු ..........

දැන් අරහෙන් ඇල්ලුවා කඩු මෙහෙන් ඇල්ලුවා කඩු එහෙන් කඩු ඔහෙන් කඩු උඩින් කඩු ඇලෙත් කඩු වලෙත් කඩු ගඟෙත් කඩු ළිඳෙත් කඩු ....මාස දෙකක් ඇතළත කුඩු-කඩු අතර ජනප්‍රියත්වය වෙනස්වුණ හැටි......

සමහර මව්පියන් කුඩුවලින් පිරිමි ළමයි ආරක්ෂා කරගන්න උත්සහ කරනවා සමහර මව්පියන් කඩු තියාගෙන ගැහැනු ආරක්ෂා කරගන්න උත්සහ කරනවා .......වෙනස......

ඉදිරියටත් එහෙම ගියොත් කම්‍මල්කරුවාගේ වෙළෙඳ දැන්වීමක මෙසේ සඳහන් විය හැක

පාන් කැපීම සඳහා පුංචි පිහිය.

එළවළු කැපීම සඳහා මන්නා පිහිය.

අතුකැපීම සඳහා කැත්ත

නව නිෂ්පාදන.......

ගැහැනු ළමුන්ට කරදර කරන උන් කැපීම සඳහා නවීණ තාලයට ගැළපෙන නිමාවකින් යුත් සිත්ගන්නා පෙනුමකින් යුත් පහසුවෙන් පරිහරණය කළ⁣හැකි එකවරක් කැපීමකින් පසු නැවත නැවතත් කැපීමට අශා හිතෙන අන්දමින් නිමවා ඇති ......කඩු....

තොග සීමිත බැවින් අදම ගැහැනු ළමයි ආරක්ෂාව සඳහා අපෙන් කඩුවක් වෙන්කර ගන්න

අද මැයි 09 බ්‍රහස්පතින්දාය........

මිතුරන් ඇසුරු කිරීමත් මාර කලාවක් විමෝදාන්ෂයක් කියල තිලා දැනගත්තේ කුඩා කාලයේ. දැන් මුහුණු පොත වගේම ඉස්සර මිතුරු හවුල් තිබුණ ඒත් තිලාලට තහනම් වෙලා තිබුණෙ හැබැයි ඒවා අවංක මිතුරු හවුල්. අන්න ඒ වගේම ලේසියෙන් නොබිඳෙන මිතුරෝ ටිකක් නැවත හමුවුණා ඒ මාතර පැවති එරික් මාහානාමගේ පුත්‍ර⁣යාගේ හා අපේ මාධ්‍ය මිතුරෙක් වන පුෂ්පකුමාර සමරවික්‍රමගේ නැගණියගේ (ලහිරු මහානාම සහ කශ්මී සමරවික්‍රම) මංගල්‍යයේදී. ඒ තිලක් මහානාම, ස්ටැන්ලි ප්‍රනාන්දු, සුජීව සෙනෙවිරත්න, උපුල් වන් සේරසිංහ, නිශාන්ත වික්‍රමසිංහ, මර්වින් ප්‍රනාන්දු, මොහාන් පෙරේරා, මංජුල ද සිල්වා, කුසල් ද සිල්වා, දර්ශන ගුණවර්ධන, කේ.එල්.එම්,‍ තිලා ඇතුළු (පාප) මිතුරන් ඒකෙ හොඳම එක වන්නේ ඔය විදියටම අවුරුදු 27 ට(1997) කලින් එරික් හා නයනාගේ මංගල්‍යයට සහභාගිවී සිට ගෙදරින් එළවන තෙක් දින කිහිපයක් එහි සිටි පිරිසක් වීම, අද නොයෙක් ක්ෂේත්‍රවල නොයෙක් තනතුරු දරන අය වුවත් මෙවන් මොහොතක එකතුවීම මිල කළ නොහැකි දෙයක්. පරණ කතා අලුත් කරන එකත් මාර ආතල් එකක් රස සාගරයක් කියල තේරෙන්නෙ ඔය වගේ වෙලාවට. අන්න එකයි මිතුරු අසුරත් ආර්ට්‍ එකක් කියන්නේ ...........

"ඔය වැනි මිතුරන්ටයි මිතුරන් කියන්නේ" කවුදෝ කියල තිබුණ.....

අද මැයි 10 සිකුරාදාය.....

දැන් සමහර නාට්‍ය වගේ මුල මැද අගක් නැති නාට්‍ය රසිකයන්ට වින්දනය පරිදි චරිත යොදාගෙන කරන නට්‍ය බලන් ඉද්දි මීට වසර කිහිපයකට කලින් සංගීතමය ටෙලිනාට්‍යයක් විකාශනය වුණා "සුසීමා" ජනක රත්නායකගේ චිත්‍ර කතාවක් අසුරෙන් රොහාන් වැලිවිට නිර්මාණය කළ සංගීත කණ්ඩායමක් ගැන කියැවෙන නට්‍යයක්. එහි ජැක්සන් ඇන්තනී, මැණික් කුරුකුලසූරිය ,පාලිත සිල්වා නිල්මිණි තෙන්නකොන්, ග්‍රැන්විල් රොඩ්රිගෝ, සනත් ඉඹුලමුරේ, ජෝර්ජ් සේනානායක, කැමරාව නම්‍ චන්න දේශප්‍රිය .

ජනප්‍රිය වුණු ගීත තිලාලගේ පරපුරට තාමත් මතකයි ....

දැස පියා ගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව

ඈත කඳුකරෙන් නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ කුමාරියේ..........

සිතේ සුසුම් නිවනා ගායනා

ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙලා

මැදියම් රැයේ රැඟුමන් රඟා

මතක ලෝකෙ වේදනා අමතක කළා......

(ජැක්සන් ඇන්තනි සහ ජෝර්ජ් සේනානායක)

තටු සලා යන්නනම්‍ ආකාසයේ

රෑ...රෑ තාරකාවෝ මුහුණා කියයි දිලි දිලි යලී

බෑ අදහන්න බෑ ඔබකී කතා ඇසුවද ප්‍රියේ.....

(ක්ලැරන්ස් විජේවර්ධන)

දේවතාවන් හිතන දේවල් දිව්‍යලොකෙන් මෙපිට වෙන්නැ

හිරු රැසෙන් හැම දිය බිදක්මත් දිලිසි දිලිසි අවදි වෙන්නැ ...

දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්... රඟන රැඟුමක් දොා්

වසර ගනනාවක් පසුවත් අදටත් ගැළපෙන කතාවක් දැන් දැන් පරපුරටත් ඉතා සුදුසුයි

අද මැයි 11 සෙනසුරාදාය ....

අදත් මාතර යන්න වුණා මංගල්‍යයක් වෙනු⁣වෙන් එහිදී සහෝදර පදනමෙන් ඇසුරු කරපු කිහිප දෙනෙක් හමුවුණා. ඉන් එක් අයෙක් තිලක් මහානාම. ඔහු රුහුණු සරසවියේ සිටින කාලයේ කලාව වෙනුවෙන් බොහෝ කැපකළා මට මතකයි. ඒ වකවානුවෙ රණබිමෙ කුණාටුව යනුවෙන් වේදිකා නාට්‍යයක් මාතර හා කොළඹ වේදිකා ගත වූවා. තිලා මාතර නොවුවත් මාතර අයත් එක්ක ලොකු ඇසුරක් තිබුණා. පස්සේ කාලෙක ඔහු තුරු සෙවණ කලා භුමිය යටතේ නිශාන්ත ද අල්විස් නිර්මාණය කළ "ලෝඩ්" සහ "හැඬු කඳුළු මුහුදට එක්වුණදො" වේදිකා හා ටෙලි නිර්මාණවල සිරිල් වික්‍රමගේ හා අමරසිරි කලංසූරිය සමඟ ප්‍රධාන රංගන ශිල්පීන් අතරට එක්වුවා. පසුව ආර්ථික විද්‍යා ගුරුවරයෙක් හා උපදේශකයෙක් වූවා. අදවන විට ඔහු රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් රටේ ප්‍රධාන ආදායම්‍ වලින් එකක් වන තේ ගුණාත්මක කිරීමට කිරිමට වෙරදරමින් සිටියි....

අද මැයි 12 ඉරිදය ......

මෙවර ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය අරක්ෂක හේතූන් මත පවත්වන්නේ නැත. නැත්නම්‍ මේ වන විට කට්‍ටිය බරටම වැඩ බුදුසරණ පුවත්පත මෙන්ම සරසවිය පුවත්පතද එයට වගකීම් පැවරෙයි . ඒ අමාදහර බැති ගී සංවිධානය කිරීමය .ඒ සඳහා පසුගිය වසරවල වැඩි බර කරට ගන්නේ සරසවියේ අසංක දේවමිත්‍ර පෙරේරා වන අපේ මිත්‍රයාය (ගායන ශිල්පී) සංගීත ශිල්පීන්ගෙ සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරුණේ අසංක අතින් එකල ඔහු අති දක්ෂ පුවත්පත්කලාවේදීයකු වශයෙන් සරසවියට විශාල ශක්තියක් වුවා......

අද මැයි 13 සඳුදාය ......

මේ‍ දිනවල මන්තර අදහන බැවින් ඔවුන් වෙනුවෙන් ඍර්‍ථව් මන්තරය ඩය-රියභනඤචබඥ හි ලියා තැබීමට අදහස් කලා......

"හොස්ස අග්ගේන මැස්ස යංථෝ - සබ්බ සෝෂල අවහිරං

දුක්ඛ පත්ථාච බාලංච - සරණේන මෘදුකාංගං....

ජාලේන අන්තෝ ජාල - ප්‍රංශ, ඉංග්‍රිසි, ස්පාඤ්ඤං

දේශ දේශ සිට වරංච - ත්‍රි අක්ෂර දේව රාජයං

වක්ත්‍ර පුස්ත, යූ ද නාළ - ඉන්සටග්‍රෑම සබ්බතං

දුක්ඛ සර්ව නිවායන්තු - ජාති ජාති මං පතං

වර්චුවල් පුග්ගලික ජාල - නමාමි දේව රාජයං" .........

මේ‍ක තිලාගේ නොවන බවත් සැරිසරන කොට හමුවූ දෙයක් බව සලකන්න

අද මැයි 14 අඟහරුවාදාය......

මේ‍ දින ඇතිවී ඇති නොසන්සුන්තාවයට ප්‍රධාන හේතුව කට කතා හා උසිගැන්වීම්‍ බව අද වන විට තේරුම් ගැනිමට හැකිය. අපේ තරුණ පරපුර ආවේගශීලි හැඟීම්‍ පාලනය නොවුණ හොත් නැවතත් අපි අපිටම නැතිවන බව සිහියට ගනිමු........

නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ

රටෙ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ

බාරයි මගේ පුතේ................

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.