තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ජුනි 6, 2019

අද මැයි 29 බදාදාය ....

අද ⁣හවස ජැක්සන් ඇන්තනී නිර්මාණය කළ නවතම චිත්‍රපටය "එකගෙයි සොකරි" මාධ්‍ය හමුවක් තිබුණා අපේ ගමේ. ඉතින් අපේ මාධ්‍ය සගයෝ කාලෙකින් ගජයක් දාගෙන හිටියා. චිත්‍රපටය ⁣පෙන්නුවෙ නැතිවුණත් විශේෂ දෙයක් සිදුවුණා. සිංහල සිනමාවේ ප්‍රථම වතාවට චිත්‍රපටයක පිදුම නම්‍ කිරීම. ඒ එකගෙයි සොකරි චිත්‍රපටය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් පුදන බව ජැක්සන් අයියාම පැවසුවා. මෙම චිත්‍රපටයේ නිෂ්පාදනයත් ඔහුමයි. චිත්‍රපටයේ සම්බන්ධ හැමෝම සතුටුවන අතරේ තිලායි ප්‍රසාදුයි එක් අයෙක්ගේ කඳුළක් දුටුවා. ඒ සතුටු කඳුළු වෙන්න ඇති. අපිත් ඕපදූප හොයන අතරේ උදාරි නමකුත් දැම්මා. චිත්‍රපටයේ අකිලගේ චරිතයේ නම මොනරා. ඉතින් අපි උදාරිට සෙබඬ කියලා.. චිත්‍රපටය ළඟදීම බලන්න හැකි වේවි.....

අද මැයි 30 බ්‍රහස්පතින්දාය ........

මංගල්‍යයකට සහභාගි වුණා බෝ පැලේ වගේ ඉන්න වුණා මායියලත් හිටිය නිසා...

අද දවල් රවි අයියා කතාකළා

(රවින්ද්‍ර රන්දෙණිය ප්‍රවීණ රංගධරයන් "රවි අයියා" කියනනේ සර්, මැතිතුමා, වගේ දෙවල් කියනවටත් වැඩිය ගරුත්වයකින්..)

අද සරසවිය මුල් පිටුව සැරසුවේ රවි අයියාගේ ඡායාරූපයකින්. රවි අයියාත් සතුටින් කතාකළා "තිලා-ක් දැනටමත් කිහිපදෙනෙක්ම කවරේ ගැන වර්ණනා කලා" මම අරුණටත් කතාකළා. තිලාටත් සතුටක්. තිලා රවි අයියාගෙ ගත්තු ජායාරූප අපේ වෙනත් පත්තරවල ගියත් සරසවියේ ගිය ප්‍රථම වතාව...

අද මැයි 31 සිකුරාදාය .......

අපේ ඡායාරූප ශිල්පි චින්තක කුමාරසිංහගේ බිරිය දිවියෙන් සමුගෙන මසක් පමණ පසුගිය දිනක ඔහුගේ 14 හැවිරිදි දියණිය මවට ලියූ ලිපියක් චින්තක තිලාට පෙන්නුවා. ටිකක් කියවන විට තිලාට ලේන්සුව අතට ගන්නට සිදුවුවා...මිහිපිට සිටින සියලුම මව්‍වරුන් සහ දියණියන් වෙනුවෙන් තිලා එය ඩය-රියභනඤචබඥ එකේ පලකරනවා...

මේ‍ ඇයගේ කතාව....

කීමට තිබූ බොහෝ දේවල්, කීමට නොහැකි විය. නමුත් ඇය සැණෙකින් නිසල විය. මා සිතුවේ ඈ හට ඒ දේවල් කීමට තව කල් ඇතැයි කියායි. මා හැමදාම ඇගේ රසවත් ආහාර කලා, ඇගේ කෑමවලට වඩා අනිත් අයගේ කෑම රසයි කියූ අවස්ථා අනන්තයි. නමුත් ඇගේ කෑමවලට වඩා රසවත් කෑම මා කා නැත. මන්ද යත් ඇගේ සෑම බත් කටකම ආදරය සෙනෙහස කැටි වී තිබුණි. ඒ සුමියුරු බත් කට ඇගේ අතින් අනා කවන විට එහි රස දෙගුණ තෙගුණ විය. හවස් යාමයේ ඇගේ අතින් පිළියෙළ කරන තේ උගුරක ඇගේ හද තුළ සිරවී තිබූ බොහෝ සිතුවිලි කැටි වී තිබුණි. ලොව සිටිනා හොදම කෝකියා ගෙන්වා තේකක් බිව්වත් එවැනි අමයුරු රස පහසක් මා හ‍ට ලැබෙන්නේ නැත. මන්ද එම කෝකියා ළඟ එම ආලය නොමැති හෙයිනි. නමුත් අද පටන් මට එම රස විදීමට මා හට නොහැකිය. මා සිතුවේ මේ සියලු දේ කීමට මා හ‍ට කල් ඇතැයි කියායි. නමුත් එය එසේ නොවීය. කෙනෙකු හට ජීවිතේටම එක් වතාවක් පමණක් ලැබෙන ඇය, මොන දේ කළද නැවත ලබාගත නොහැකිය. එම උත්තරීතර මාතාව මට අහිමි විය. ඇය මා අසල නොබිදෙන පවුරක් විය. ඇගේ අපරිමිත ආලය ඇය සිටින විට ඔබ‍ට නොදැනෙනු ඇත. නමුත් ඇය ඔබ හැර ගිය විට දැනෙන තනිකම කිසිවෙකුටත් මැකිය නොහැකිය. එබැවින් ඇය සිටින විට ඇයට ආදරය කිරීම අප ඇයට පුදන ලොකුම ගෞරවයයි. ඔබ සෑම විටම ඇගේ සිහින සැබෑ කිරීමට වග බලා ගන්න.

ආදරණීය දූ දුලීෂි.....

(එහෙත් ඇයගේ වචන හැසිරවීම ගැන කඳුළු අතරින් තිලාට අතිවුණෙ සියුම්‍ සතුටක්......)

අද ජූනි 01 සෙනසුරාදාය.....

අපේ ජයමිණිටත් (අපි කියන්නෙ මහේන්ද්‍ර සිං දොා්නි කියල) මාර වැඩ වෙන්නෙ. එයා වැඩ කරන පෞද්ගලික රෝහලක යාලුවොත් එක්ක එකම වාහනයක මංගල්‍යයකට යන්න සුදානම් වෙලා. ඉතින් කියපු තැනට ඇවිත් මෙයාව හොයනවලු. සෙනග සිටි නිසා අඳුරගන්න බැරිවෙලා පස්සේ යාලුවෝ ID එක බලලා අඳුනගෙන.. මොකද එයා මේක් අප් එකකට සැලූන් ගිහින් එනකොට එයා නෙවෙයිලු........

අද ජුනි 02 ඉරිදාය .....

අපේ අය අලුත උපන් අයට නම්‍ දාන්න පුරුදු වෙලා තියෙන්නෙ ඒ කාලේ ජනප්‍රිය නම්‍... නම ජනප්‍රිය එකක් නම්‍ නමේ තේරුම හොයන්නෙත් නැ.... ඉතින් ⁣

පිරිමි...

බුන්කා, ෂරිය, ජාතිවාදීත්, ආරක්ෂක, කේශර, අවස්ථාවාදීත්, ත්‍රස්ත, අන්තවාදීත්, ෂහරා, බහුතර, සුළුතර

ගැහැණු....

බුන්කි, ෂරිණි, ජාතිවාදීනි, ආරක්ෂාවි, කේශාරි, අවස්ථාවාදිණි, ත්‍රස්තිනි, අනතවාදිනි, හාරානි,

බහුතරී, සුළුතරණි .

අද ජුනි 03 සදුදාය ........

අපේ චින්තා සුන්දර, සාහිත්‍යය, කාලාත්මක අදහස් තියෙන කෙනෙක්. එයාගේ රැකියාවේ ස්වභාවය අනුවත් පොත පත, ලිපි ලේඛන, ඡායාරූප නිතරම මුහුවන නිසාම හැමදෙයක්ම අමුතුම අහැකින් බලන කෙනෙක් දවසක් චින්තාගේ මහත්තයා කිව්‍වලු

" චින්තා.. මගේ ඇස් දෙක දිහා පොඩ්ඩක් බලන්න ".. ඉතින් චින්තගෙ හැඟිම්‍ සුන්දර වචනවලින් පිටකරන ගමන් ළඟට ගියාලු .

" ඔයාගේ ඇස් දිහා ම⁣ට මුලු දවසෙම උනත් බලන් ඉන්න පුලුවන් රත්තරං. ඉස්සර වුණත් ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න කොච්චර ආසාවෙන්ද. මට මතකයි ඒ දවස්වල ඔයාගේ ඇස් ආදරයෙන් පිරෙනවා ඔයාට තියෙන්නෙ කතා කරන ඇස්........

මේ‍.. පිස්සු කෙලින්නෙ නැතුව බලනවා මගේ. ඇස් දෙකට රොඩ්ඩක් ගියා.......

අද ජුනි 04 අඟහරුවාදාය.........

ප්‍රේමකීර්ති ද උපන් දිනය වෙනුවෙන් ඔහුගේ පුත් පූර්ණගේ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා මුහුණු පොතට ලියා තිබූ වචන....

මීට වසර 72 කට කලින් ඉපදුණු රත්තරන් මනුස්සයෙක් මින් වසර 30 කට පෙර දේශපාලන බල ලෝභී ලේ පිපාසිතයෙකුගේ උණ්ඩයට ගොදුරු වී මාස 11 ක පොඩි එකෙක් මේ ලෝකෙ තියල යන්න වුණා. ඒ මගේ තාත්තා. මේ මම. එදා ඉඳන් අද වෙනකං ඔයා මගේ ළඟ නැතත් තාත්තෙ ඔයා ඉන්න අහස දිහා බලලා ඔයාගෙ උපන්දිනේ ලබන හැම රෑකම සුබ පතන්න පුංචි කාලේ ඉඳන් මම පුරුදු වෙලා හිටියා. ඉතිං අදත් ඒකෙ වෙනසක් නැහැ. තාත්තෙ, ඔයාට සුබ උපන්දිනයක් වේවා... දේශපාලන බලලෝභී ලේ පිපාසිත එවුන් තාමත් මේ රට කනවා... ඒක නිසා දැන්ම මෙහේ එන්න හිතන්නවත් එපා... අපිත් එනකම් ඉන්න... තෙරුවන් සරණයි මගේ තාත්තෙ..............

ඇත්ත පූර්ණ සහතික ඇත්ත ඒත් ඔයාටත් එහෙම යන්න දෙන්න බැ ඔයාටත් තියෙනවා වැඩ කොටසක් ඒක ඉවර නෑ. ඒක කරනකම්‍ අපි බලාන ඉන්නවා. ඒ ඔබ පූර්ණ පේ‍්‍රමකීර්ති ද අල්විස් වෙනකම්‍ ........

...මේ‍ පුංචි කාලේ ක්ලති කියපු කෙනා තිලා.......

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.