තිලාගේ සරසවියේ ඩය-රියupdate

හොරෙන් කියවලා බලන්න....
ජුනි 13, 2019

අද ජුනි 05 බදාදාය....

අපේ නාලකයා ඡායාරූප අංශයේ සිට වෙනත් තැනකට ගියා... අපි ඉතින් ශෝකභරිතව මචං උඹේ දියුණුවටනෙ යන්නෙ.. යන තැනක හොඳීන් ඉන්න බලපං. අප්‍රේල් 14 අපිව මතක තියා ගනින්..ඉහි..ඉහි..යන්තම් නාලකය ගිය දුක තුනී වුණා. ඒ අඩුපාඩුව පුරවන්න අපිට චතුරි කියලා ළඳක් ඇවිදින් අපේ අය දැන් බෝ පැළ වගේ සමහරු අත් දිගට දාලා අදිනවා සමහරු පන්සල් ගියා වගේ ඉන්නවා. මෙගා පෝන් වගේ කතා කරපු අය කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ... සමහරු හැමවෙලාවෙම කොණ්ඩෙ පීරනවා. ඒ මදිවට අපිටත් කියනවා මචං ඩීසන්ට් වෙයන් මචං..........

ඇයි මචං මේක දැන් රජමහ විහාරයක්ද.....

අද ජුනි 06 බ්‍රහස්පතින්දාය ...

අද රොජර්ගේ ගෙදර ගියා (රොජර් සෙනෙවිරත්න) අරුණියි තිලයි. රොජර් "රන්බැදි මිනිස්සු " ටෙලිනාට්‍යයේ හිමිනමකගේ චරිතයක් කරනවා. ඉතින් අපිත් ගියා කතෝලික රොජර් මෙතරම්‍ අපූරුවට චරිතය කරන්නෙ කොහොමද කියල දැනගන්න......මචාං මම කතෝලික බෞද්ධයෙක් මගේ දරුවන් පවා දහම් පාසල් යනවා. ධර්මාචාර්ය විභාගයත් ලියන්න කියලා තියෙන්⁣නෙ.⁣ රොජරුත් බැලුවම ඇවිදින පුස්තකාලයක් වගේ. කතා කරනකොට තේරෙන්නෙ. අත්දැකීම්‍ සහ පොත පත කියවීමෙන් එකතුකරපු දේවල්. අපේ නවකයන්ට හොඳ ආදර්ශයක් .....

කතා කරපු දේවල් සරසවියේ “මෝඩකම්‍ කළාට අපි මෝඩයෝ නොවෙයි” ලිපිය කියවලාම බලන්න ...

රොජර් අමුතුම වැඩක් පටන් අරන් සොබාදහම වෙනුවෙන් කැප වෙන්න විල්පත්තුවේ වනවගාව වෙනුවෙන් පැළ දහදාහක් පරිත්‍යාග කරන්න හා පැළ සිටුවීමේ කාර්යයක් ආරම්භ කරලා. ඒ අතර බොන්සායි කලාවටත් අතගහලා..⁣ වත්ත වටේම කුඩා ගස්.........

අද ජුනි 07 සිකුරාදාය ......

අපේ හිතවත් වෛද්‍ය ලහිරු ප්‍රබෝධ පුංචි වැඩක් කරන්න හදනවා කියලා ආරංචියක් ආවා... ඔහු සංගීතයට විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්... ප්‍රධාන තරඟයකින් අවසාන වටයට පවා තේරිලා...

ඔහු තුළ ඇති වෛද්‍යවරයා හා සංගීත හැකියාව උපයෝගි කරගෙන රෝග සුවකරන ක්‍රමයක් අත්හදා බලන්න අදහස් කරනවලු....

ඔය වගේම මීට කලින් ප්‍රවීණ සංගීතවේදී අමරදේවන් ඇතුළු වෛද්‍යවරු පිරිසක් නිරත වුණා...

ඉතින් වෛද්‍ය ලහිරුට ඔබගේ උත්සහය සාර්ථක වන්නට සුබ පැතුම් .........අපෙන්....

ජයවේවා! ! !

අද ජුනි 08 සෙනසුරාදාය .....

අද හවස කොළඹ හන්දියට ගියා... මල්වත්ත ⁣පරේ යනකොට තමයි මරු. ඒ පාරේ තියෙන්නේ සින්දු - චිත්‍රපටි සීඩි කඩ සහ බෑග්, සපත්තු කඩ. පටන් ගන්න කොටම වාගේ නාමල් උඩුගම

තනිවී....තනිවී නෑ මා ලොව සොඳුර ⁣...

දුරකතනයකින් මම ඔබ අමතමි.

"එන්න බොසා ෂූස් දෙකක් බලමු ..."

ඔබ පෑ පෙම් සිනා....

සයිඩ්‍....සයිඩ්‍....සයිඩ්‍...

පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය ..රන් මැනිකේ මගේ .." සර් ට්‍රැවලින්..ස්කුල් බෑග් ....

"අලුත්ම එක නිදහසේ පියා හෝල් සේල් නිදහාසේ පියා" ..(චිත්‍රපට ගැන ලියලා තිබුණා)....ගෝල් හෝල් සේල් 50යි... මැතිව් හෝල් සේල් 50යි... යශෝධරා...

අද ජුනි 09 ඉරිදාය ...........

තිලා හිතුණ ගීතරචකයන් ගීයක වචන හසුරවනකොට මැවෙන ප්‍රධාන තේමාවක් උපයෝගි කරගන්නවා.... ඉතින් තිලාටත් හිතුණා මුලක වුණු තේමා දෙවල් තැන් මුල්වුණු ගීත ටිකක් එකතු කරන්න.

මුලින්ම මතක් වුණේ සරසවිය- විශ්වවිද්‍යාලයට තේමා කරගෙන හැදුණ ගීත

සරසවියේ දි හෙට විතරයි හමුවන්නේ ...

(දයාරත්න රණතුංග)

දෙනොදහක් ගැවසෙන සරසවියේ

පාළුව තනිකම දැ⁣නෙනව නම්‍.......

(මිල්ටන් මල්ලවආරච්චි)

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න

මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න.....

අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙවෙන්න....

(අමරසිරි පීරිස්)

බලා වැලපෙමි

නෙලාගනු බැරි හන්තාන සිහිනේ ...

(අමරදේවයන් හා උමාරියා)

හන්තානෙ කඳු මුදුන සිසාරා

පවනක් වී එන්නම්....

(අමරදේවයන්)

සරසවියේ දොරටුව ළඟවත් නැත

අපේ මතක මැකිලා

ඔයාම පෙම්‍කර ඔයාම හැරගිය

ඔබේ පෙම්වතා තනිකරලා .....

(චාමර වීරසිංහ)

මේ නගරය මා ඔබ මුණ ගැසුණ නගරයයි....

(මර්වින් පෙරේරා)

අද ජුනි 10 සඳුදාය ......

අපේ වර්නන් ගුණසේකර ආවා තිලා⁣ගේ ගෙදර වර්නන් කියන්නේ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ වාර්තාකරණයේ නොමැකන නමක්. අත්දැකීම් බහුලයි... ක්‍රිකට් තරඟ සඳහා රටවල් ගණනාවක සංචාරය කළා... විශ්‍රාම යනවිට දිණමිණ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ වශයෙන් සේවය කළා...

ඒ වගේම ඔහු හොඳ ගායන ශිල්පියෙක් වසර කිහිපයකට ප්‍රථම "අතරමංවෙලා" ගීත එකතුවකුත් කළා. දැන් ඔහුගේ සංගීත දිවිය ආයෙත් තරුණ වෙලා... මුලින් ආරම්භ කළ සංගීත කණ්ඩායම්‍වල ඉංග්‍රීසි ගීත නැවතත් පටන් ගන්න සුදානම....හැබැයි ඉතින් හොඳ සංගීත කණ්ඩායමකට තමයි......

අද ජුනි 11 අඟහරුවාදාය .......

අපේ රටේ වැස්සෙන් පීඩා විඳින අය මෙන්ම ජයගත්ත මිනිසුන් සිටින රටක්. ජයගත්තු මිනිසුන් කුඩ හදන අය, කුඩ මහන අය, වැහිකබා මහන අය, ගොවි කටයුතු කරන අය වැස්සෙන් ඉදිරියට ආවා... වැස්සෙන් ඉදිරියට ආව උදවිය හැටියට අපේ ක්‍රිකට් කණ්ඩායම ගන්න පුළුවන් අද... හවස 3 බංගලාදේශය හා ශ්‍රී ලංකාව තරඟය බලමු. අපේ ක්‍රිකට් කණ්ඩායමටත් වැස්සෙන් ජයගැනීමට හැකි වේවිද ....

අදත් උන් අපිට නයි නටවයිද හතුරු .....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.