තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ජුනි 20, 2019

අද ජුනි 12 බදාදාය ....

පසුගිය කාලයේ ජනප්‍රිය වඩුමඩුව සහ වඩු කර්මාන්තය...ඒ ගැන නොයෙක් ජොලි කතා අහන්න දකින්න ලැබුණා. තහනම් කරනවා කියන කටකතාවලට අපි ප්‍රවෘත්ති හැදුවා.....

පලන්චියේ එකට ලී ඉරමින් සිටි එඩ්වඩ් හා සුනිල් නැමති අය එකයි තිහට පලන්චියේ උඩ සිටි එඩ්වඩ් නැමත්තා අත්අඩංගුවට ⁣පත්වූ අතර සුනිල් නැමැත්තා පලාගොස් ඇත. ඔහු ගැන තොරතුරුක් වෙතොත් ළඟම ඇති ආරක්ෂක අංශ වෙත දන්වන්න. තවද ආර්.වීරසිංහ හා ඩබ්ලිව්.කුමාර ⁣කොබවක නැමැත්තෙක් ඔවුන්ට සහය වු බවට තොරතුරු ලැබී ඇත....

තවද ගස් කපන්නන් හා වඩු වැඩෙන් දිව්රැකගන්නන් පොලඹවන අයුරින් ගීත ගයමින් යන සුනිල් - පියල් යන අහිකුණ්ඨිකයන් දෙපළක් පිළිබඳවද තොරතුරු ලැබෙමින් පවතින බව ඒ පිළිබඳ ඉදිරියේදි පරික්ෂණ පවත්වන අතර, තොරතුරු වෙතොත් ළඟම ආරක්ෂක අංශයට දන්වන්න........

අද ජුනි 13 බ්‍රහස්පතින්දාය .....

අද එරික්ගේ උපන්දිනය නිසාම මතක් වුණේ තිලා දවසක් ලියුවා චිත්‍රපට අධ්‍යක්ෂක නිශාන්ත ද අල්විස්, රංගන ශිල්පින් වන ඩේෂන් අමරසිංහ, තිලක් මහානාම යන ගමන් පන්සලකටත් ගියා එහදි දුන්න බිස්කට් සාක්කුවේ දාගත්ත පස්සෙ කන්න පසුව ආයේ තේ බොන්න ගියා එහිදී එරිකයි තිලයි හොරෙන් ගත්ත බිස්කට් කන්න වත්ත පහළට යනකොට ගෑනු කෙනෙක් කෑ ගහන හඬක් ඇහිලා බලනකොට ඒහෙ අක්කා තේ හදන්න වතුර ගන්න ගිහින් ළිඳට වැටිලා. ⁣ඩේෂන් අමරසිංහ උස මහත හයි හත්තිය තියෙන නිසා කඹයක් අල්ලගෙන හිටියා. තිලා ළිඳට බැහැලා අක්කවත් අරගෙන ආවා අන්න එක තමයි පන්සලෙන් හොරෙන් බිස්කට් කාපු එකේ ශක්තිය හා ආනිසංස........

අද අපේ දුව තරණිගේ ඉපදුණු දවස කට්ටිය එකතුවෙලා බිත්තර ගැහුවා තව කට්ටියක් පාන්පිටි ගැහුවා තව කට්ටියක් වතුර ගැහුවා.. දැන් බිත්තර රොටියක් වගේ. මේ දිනවල බොක්ස් ගිටාර් විශාරද උපාධිය කරනවා.

අද ජුනි 14 සිකුරාදාය ......

අද අපේ වාසිත යොවුන් පියා වුණා. ඒ කියන්නෙ වාසිතගෙ දයාබර මායියට පුත් සිඟිත්තෙක් ලැබිලා. ඉතින් වාසිතත් වෙලාසනින්ම සූදානම් වන බව අපිට තේරුණා ...

මිනිහ අහනවා මිරිස් කුඩු පිබින්නෙ. ඇයි පිරිමි දරුවොත් හිල් පොල් කට්ටෙන් නාවන්න ඕනැද කොළ නිවාඩුව කියන්නෙ මොකක්ද?. ඉතින් අපි කතා කළා යොවුන් පියාට සුබ පතන්න " අයියා ඔහෙලා කතාකරයි කියල හිතුවා" සුබ පැතුම් මල්ලි...නංගිත් ළඟ ඉන්නවැයි ඔව්‍ අයියා එයැයිතුත් ඉන්නවා. පුතාට නමක් බැලුවැයි නෑ අයියේ.

දැන් ඉතින් දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් අපි වගේ තැන්පත් වෙන්න (අපි අවවාද කළා)

අද ජුනි 15 සෙනසුරාදාය.......

ඊයේ සිනමාහලක් විවෘත වුවා. ඒක අහුවාම මාර සතුටක් හරියට විල්පත්තුවේ කපාගෙන ගිය ගස් අතරට අලුතෙන් ගහක් හිටෙව්වා වගේ සතුටක් දැනුණා. වැහිගෙන යන සිනමාහල් අතරට තවත් එක සිනමාහලක් හරි ඇරුණ එකට.

අද ජුනි 16 ඉරිදාය........

අද පොසොන් පෝය... තිලා ඉස්කොලේ යන කාලේ පොසොන් භක්ති ගීතවලට තෝර ගත්තා. හරියට හූවක්වත් කියා ගන්න බැරි තිලා තෝරගත්තේ ගුවන් විදුලි ගායන ශිල්පිනි විශාරද සුමනා රංජනි සේනාධීර ඇය තමයි බොරැල්ල සුසමයවර්ධනය විදුහලේ සංගීත ගුරුතුමිය. ඇය හැදූ භක්ති ගීත තාම මතකයි....

පොසොන් සඳේ කිරණ වැදි 
ධරණිතලේ බැබලුණා...

තිස්ස තිස්ස යන නාමය 
රැව්‍ පිලි රැව්‍ දුන් වනයේ දුටුව රහත් 
මිහිඳු තෙරුන් දැල්වුණ පහනක් විලසෙ

පැයූ පොසොන් සඳේ රැසින් 
සේයා ඔබේ සදා දකිම්‍ 
සමිඳේ එදා දෙසූ දහම් 
තාමත් ඇසේ මිහින්තලෙන්...

ඉතින් කෙසේ හෝ භක්ති ගීත කිව්වා. එදා තමයි තිලා තෙරුම් ගත්තේ හොඳ පුහුණු ගුරුවරුයෙක් යටතේ නොවන ඕනෑම කෙනෙකුට හැකියාවන් මතුකරගන්න පුළුවන් කියලා.........

අද ජුනි 17 සඳුදාය......

ඊයේ පොසොන් දන්සල් හරියට හැම තැනම වෙසක් එකට දෙන්න බැරිවුණු දන්සල් ඔක්කොම දුන්නද කොහෙද ප්‍රහාරයෙන් අසරණ වුණ පවුල් බෙහෙත් ගන්න සල්ලි හොයන වෙලාවක කෑම නැතිව ප්‍රාඩෝ එකෙන් ඇවිත් දන්සලේ පෝළිමෙ ඉඳලා කාලා ගන්නෙ පිනක්ද ...ආතල් එකක්ද අපේ එකෙක් කිව්වා...

අපේ අය වෙසක් ඔක්කොම එකතු වෙලා වෙසක් සමරලා පොසොන් එකට දන්සල් වැන්දාය...

අද ජුනි 18 අඟහරුවාදාය ....

ඊයේ අපේ මාධ්‍ය ගජයො කීප දෙනෙක් කාලෙකින් එක තැනකට එකතු කළා නීටා අක්කාගේ (සම්මානනීය රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු) ඇරයුමෙන්....ඉතින් සිනමාවට සම්බන්ධ මාධ්‍ය සගයෝ නිසා තනිකරම ලෝක සිනමාව හා අපේ සිනමාව ඊට පස්සෙ නීටා අක්කට ජාත්‍යන්තර සම්මාන ලැබුණු පාංශු චිත්‍රපටය ගැන එහි නිර්මාණකරුවා වන විසාකේස චන්ද්‍රසේකරම් හිටි නිසා නැගලා ගියා... ඉතින් රෑ වෙනකොට රස කතා, ජොලි කතා, ඥාන කතාවලින් කන් දෙක පිරුණා. (පසුව ඩය-රියභනඤචබඥ එකේ ලියන්න ඔනේ) නීටා අක්කට ⁣බොහොමයක්ම ස්තුතියි පැය කිහිපයකට එකතුකළාට.

මේ‍ වගේ මාසයකට සැරයක් වත් කවුරු හරි අපිව එකතු කරනවා නම්‍ ...පින්.......

තිලා වෙන්න තියෙන ලොකුම අපහාසය අද වින්දා සරසවියේ යතේජාට හැලප පාර්සලයක් ගෙනත් දුන්න රංගන ශිල්පි නිමල් කල්දේරා. ඒක ඔතලා තිබුණෙ තිලාගේ ඩය-රියභනඤචබඥ පිටුවකින්.. හැලප මේ‍ තරම් රස වුණේ ඩය-රියභනඤචබඥ රසය නිසා කියල හිත හදාගත්තා........

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.