උඩුගං බලා යන ගායකයා රොෂාන් අනුරුද්ධ

ජූලි 11, 2019

 මගේ අලුත්ම සින්දුව ගුවන් විදුලි නාළිකා කිහිපයකටම ගෙනිහින් දුන්නා. එයාල ඒක අහලවත් බැලුවේ නැහැ. තියලා යන්න කියලා විතරයි කිව්වේ. සල්ලි තියෙනවා නම් සින්දු කියන්න බැරි අයත් ගායකයෝ. අපි එහෙම නැහැනෙ. නවක ගායන ශිල්පී රොෂාන් අනුරුද්ධ කතාව ආරම්භ කළේ එහෙම. ඔහු මේ වන විට ගීත ත්‍රිත්වයක් එළිදක්වලා තියෙනවා. රැල්ලෙන් මිදී උඩුගං බලා පිහිනන ගායකයකු ලෙසට රොෂාන්ව හඳුන්වා දෙන්න පුළුවන්.

මගේ පළමු ගීතය තමා ‘පැතූ සිහිනේ’. දෙවැන්න ‘ආදර අම්මේ තාත්තේ’. තෙවැනි ගීතය ‘වීදි දරුවකුගේ’. මේවා එකිනෙකට වෙනස් ගීත. පැතූ සිහිනෙට තමයි වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ. රැල්ලෙන් මිදුන ගායකයකු හින්දමදෝ මන්දා හරියට අපිට බාධක. දැනට ඔය ජනප්‍රිය වෙලා ඉන්න අයටත් කලින් මං ක්ෂේත්‍රයට ආවේ. හරිම අමාරුවෙන් තමයි මේ ඉන්න තැන වුණත් හදා ගත්තේ. මොන දේ වුණත් ගායනය අත හරින්නේ නැහැ. ඒ වගේම ප්‍රසංග වේදිකාවත් එහෙමයි. දැනටමත් ෂෝස් කිහිපයක් ලැබිලා තියෙනවා. ජනප්‍රියතාවය පස්සෙවත් සල්ලි පස්සෙවත් දුවන්නේ නැහැ. හොඳ නිර්මාණයක් කරන්නයි උත්සාහ කරන්නේ. එතනදි මං මූලිකත්වය දෙන්නේ ගීතයට පමණයි. රූප රචනාවලට මං එකඟ නැහැ. සමහර රූප රචනා ගීතයට ගැළපෙන්නෙවත් නැහැනෙ. අපේ සංස්කෘතිය විනාශ කරන රූප රචනා තමයි වැඩිපුරම තියෙන්නේ. මගේ අලුත්ම ගීතයේ වැඩ කටයතු තව නොබෝ දිනකින් ආරම්භ කරනවා. ඒක ඇතැම් විට පැරණි ගීතයක ප්‍රතිනිර්මාණයක් වේවි.

0785239810 දුරකතනය ඔස්සේ ඔබට රොෂාන්ට කතා කරන්න පුළුවන්.