මම රියැලිටිවලට නැහැ

ක්‍රිශාන් පද්මලාල්
ජූලි 18, 2019

ගායනය ඔස්සේ ජීවිතයේ ඉදිරිය දකින්නට සූදානම් වන තරුණයෙකි ක්‍රිශාන් පද්මලාල්. ක්‍රිෂාන්ගේ ගම ඕපනායක. මේ වන විට ඔහු වෘත්තීමය ගායකයකු හැටියට සිය සංගීත චාරිකාව ආරම්භ කරලා.

මං ඉගෙන ගත්තේ ඔරුබැඳවල නවෝද්‍යා පාසලේ. ඉස්කෝලේ සුනේත්‍රා ටීචර් තමයි මගේ හැකියාව මුලින්ම හඳුන ගත්තේ. ඇයගෙන් සහ පසුකාලීනව සමන්ත පෙරේරා සර් ගාව සංගීතය හැදෑරුවා. ග්‍රේෂන් ආනන්ද, සුනිල් එදිරිසිංහ වැනි ප්‍රවීණයින්ගේ ගීත තමයි මුල් යුගයේ ප්‍රසංග වේදිකාවේ ගායනා කළේ. පස්සේ මගේම කියලා ගීයක් කරන්න හිතුණා. ඒ අදහස ඔස්සේ සිතට ඇවිදින් පමා වී නමින් මගේ පළමු ගීතය බිහිවනවා. ඒක මට ලියලා දුන්නේ හසිත හේමාල්. සංගීතය අමිල් තරංගගෙන්. ඉන් ලැබුණු පන්නරය මතම මගේ දෙවැනි ගීතයත් ගැයුවා. කරපු වැරැදි හදාගන්න තමයි ඒ සිංදුව. එහි සංගීතය කළෙත් අමිල් තරංගමයි. පද අනිල් කුමාරගේ. ඒ සින්දුවට ප්‍රසංග වේදිකාවේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ දවස්වල අන්තර් ජාලය හරහා ගොඩක් දෙනෙක් අහලා තියෙනවා. මගේ තුන්වැනි සින්දුව ඔය නෙතු දෑලේ නමින් නම් කරපු ඒ සින්දුව ධනුෂ්ක ගුණතිලක තමයි මට ලියලා දුන්නේ. නවරත්න ගමගේ සර් සංගීතවත් කළා. මට ඒ සින්දුවට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. නවරත්න සර්රුත් ගොඩක් අගය කළා. මං මේ වන විට කිසිම රියලිටි තරගයකට සහභාගි වෙලා නැහැ. යන්නෙත් නැහැ. මගේ උත්සාහය මං විසින්ම මගේම සින්දු කියලා එළියට එන්න. දැනට විෂුවල් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මං හිතනවා ගීතයකට විෂුවල් එකක් කළොත් ඒක රාමුවක කොටු වෙනවා කියලා. කොළඹ පදිංචිකාරයකු නොවීමත් මගේ ගමනට ලොකු පාඩුවක්. අපේ පරපුරේ ජනප්‍රිය ශිල්පීන් මට මඟහැරිමක් සිදු වුණා. ඒක නිසා මෙතෙක් මං පැමිණි ගමනට විශාල වශයෙන් සහායක් දුන්නා අමිල් තරංග සහෝදරයා. ඔහු සල්ලි බලාගෙන නෙවෙයි මට සින්දු කරලා දුන්නේ. වාසනාවට මට ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවා. ඊට සරිලන තවත් ගීතයයක් ගයන්නට සූදානමකුත් තියෙනවා. 0766160332 මේ ක්‍රිෂාන්තගේ දුරකතන අංකයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.