ගුරු වෘත්තියෙන් ගැයුමට සිසිර කරුණාරත්න

ජූලි 18, 2019

ඔබේ නම?

සිසිර කරුණාරත්න.

වෘත්තියෙන්?

සංගීත ගුරුවරයෙක්.

ගායකයකු ලෙසටත් කටයුතු කරනවා නේද?

ඔව්. මේ වන විට ගීත තුනක් ගයලා තියෙනවා.

සංගීත ක්ෂේත්‍රයට පිවිසුණ අයුරු මතක් කළොත්?

මගේ අයියා ජනක හේමන්ත. ඔහු තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ. මං ඉස්සර හිටියා වාලුකා කියලා සංගීත කණ්ඩායමක. අයියාත් ඒකේ හිටියා. මං ඩ්‍රම්ස් වාදකයා. වාදනය කරන ගමන් සින්දුත් කිව්වා. අවුරුදු විසිපහක් විතර එහෙම වැඩ කටයුතු කළා.

සංගීතය උගන්වන්න පටන් ගන්නේ?

අනූ නවය අවුරුද්දේ විතර තමයි සංගීතය උගන්වන්න යොමු වුණේ. මගේ ගම පස්යාල ප්‍රදේශයේ. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රැසකට සංගීතය උගන්වලා තියෙනවා.

ඔබේ පළමු ගීතය?

සිනහව කොතැනද. සචින්ත ජයතිලකගේ පද. සංගීතය මගේ. මං ගැයූ සින්දු තුනම මං විසින්මයි සංගීතවත් කළේ. දෙවැනි සින්දුව සඳරාජිනි. තුන්වැනි සින්දුව නෙත ළඟ. ඒ සින්දු දෙකේ පද රචනයත් මගේ. නෙතලඟ ගීතයට වීඩියෝවක් කළා. ඒක මේ දිනවල අන්තර්ජාලය හරහා නරඹන්න පුළුවන්. නෙත ළඟ සින්දුවට වීඩියෝවක් කරලා දුන්නේ තරිඳු ඒ. විමලවීර.

 

නෙත ළඟ ගීතයේ පදමාලාව

නෙත ළඟ දඟ කරනා / පුංචි සමනලියේ

සමුගන්නම් අද මා / හමුවන තුරු ආයේ

ඔය හසරැල්ලක්වත් යළි දකින්නට වරම් නෑ ආයේ

වරම් නෑ ආයේ

 

සිතූ සිතුම් පැතූ පැතුම්

ළං වී උන් කාලේ

පිරූ පෙරුම් හැඬූ හැඬුම්

ඔබමයි මගෙ ජීවේ

දුරස් වූ කාරණේ නොදනිමි

තවම අනේ

බිඳක්වත් ආදරේ නැතිදෝ

හිතේ ඔබේ

 

සිතේ සුසුම් හදේ තැවුල්

උරුමයි මට ලෝකේ

ඔබේ පැතුම් මැවූ ලොවේ

ඉටුවේවා සිතුසේ

දුරස් වූ කාරණේ නොදනිමි

තවම අනේ

බිඳක්වත් ආදරේ නැතිදෝ

හිතේ ඔබේ

 

ප්‍රසාද් සමරතුංග / නිශ්ශංක විජේරත්න

 

Add new comment