ගී අඹරේ නවක තරුව

- පේෂලා රසාංගනී
ජූලි 18, 2019

පේෂලා රසාංගනී ගැයූ පළමු ගීතය හිත හංකිති කැවුණා වේ.

ප්‍රවීණ සංගීතවේදී රංජිත් ඩයස් සංගීතවත් කළ එයට රූප රචනාවක් එක්කර සමාජ මාධ්‍යජාලාවන් වෙත මුදා හැරීමටත් ඇය කටයුතු කරනු ලැබුවා. පළමු ගීතයට ලද ප්‍රතිචාරත් සමඟ දිරිමත් වූ ඇය මේ වන විට ගී නිර්මාණ හතක් පමණ පටිගත කළා. ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් සමඟ ගැයූ ඉරි රටා සුදු වැලි තලාවක නැමැති ප්‍රේමණීය යුග ගීතයේ වින්දනිය රූප රචනය අන්තර්ජාලයේ මුහුණු පොතේ පමණක් දෙලක්ෂ දහතුන් දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් මේ වන විටත් නරඹා රසවිද තිබීම ගීතයේ සාර්ථකත්වය කියා පෑමක් වැනියි.

සෑම මෙහොතකම නව නිර්මාණ කෙරේ විමසිලිමත් වන ඇය සංගීතවේදී අනුර විජේසිංහයන්ගේ සංගීත නිර්මාණයකට අනුව ගැයු බඹරින්දු සරණා පෙම් හද උද්‍යානේ වේග රිද්ම ගීතය ද ඇයගේ විවිධාකාරි ගීත ගැයිමේ හැකියාවනට නිදසුනකි.

සිය සංගීත චාරිකාවේ මෙපමණ දුරක් පැමිණීමට ශක්තියක් දුන් තම ආදරණිය සැමියා නීල්රුවන් කුමාර මෙන්ම ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද උපුල් පෙරේරා, රංජිත් ඩයස්, මහේෂ් ජයවර්ධන, අනුර විජේසිංහ අප අතරින් වියෝ වූ ලලිත් කුමාර යන සංගීතවේදීන් මෙන්ම පියල් රත්නායක සමන් වෙලගෙදර යන ගීත රචකයන් ද මෙවන් ලියනගේ අසේල රත්නායක යන රූප රචනා නිර්මාණකරුවන්ද ළබැදි මිතුරු මිතුරියන්ද ඈ සිහිපත් කරනුයේ මහත් ළෙන්ගතු වූ ගෞරව භක්තියෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.