තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ජූලි 25, 2019

අද ජූලි 17 බදාදාය ...

අද ඊයේ ඇසළ දන්සල් තිබුණ නිසා අපේ මායියට නිවාඩු.... තිලාගේ සාක්කුවටත් පහසුයි.... උදේ සුනිල් කොඩිතුවක්කු, ලක්ෂ්මන් කොඩිතුවක්කු සහ පිරිස තලවතුගොඩ පන්සල ඉදිරිපිටම දන්සලක්... ඒක දන්සලක් කව්‍වට රජ බොජුන් වගේ රස 32ට ටිකයි අඩු ⁣... පරිප්පු සෝයා පොලොස්, කිරිහොදි, අලහොදි, දෙල්, සීනි සම්‍බල්, කට්ලට්‍, පොල් සම්‍බල්, ලුණු මිරිස් සමඟ බත් පාන් මඤ්ඤොක්කා, රොටි, ඉඳිඅප්ප, ආප්ප, බිත්තර ආප්ප, කඩල, කව්‍පි, මුං ඇට, නූඩ්ල්ස් කොච්චර ආවත් හදනවා.... දෙනවා.....

තිලා කල්පනා කළේ හදිසියේ උණක් හිසරදයක් හැදිලා දොස්තර ගාවට යන්න වුණොත් උදේට කෑවෙ මොනවද කියලා....

මාගලක් වගේ කොලයක් ඕනෑ වෙනවා කාපුවා ලියන්න...

තිලා යෝජනා කරනවා හැම පෝයටම මෙවැනි දන්සල් තියන්න....

අද ජූලි 18 බ්‍රහස්පතින්දාය....

නිමල් අයියා (නිමල් ලක්ෂපතිආරච්චි) නැතිවී වසර හතක්.... සුදර්ශියේ නුග ගහයට මිතුරන් මතක් කර තිබුණා තිලාටත් මතක් වුණා.... නිමල් අයියා සමඟ වැඩකළ හැටි ඉස්සර නිමල් අයියා ගුවන් විදුලියෙන් අයින් වෙලා හිටිය කාලේ සුදර්ශියේ නුග ගහයටදී නිතර හමුවුණා..... ඒ කාලේම වෙළෙඳ ප්‍රචාරක කටයුතුත් කළා... තිලාත් ඒවට සම්බන්ධ වුණා... එහි නිර්මාණකරුවා මංජු කාරියවසම්.... දවසක් වතුර මෝටර් වෙළෙඳ දැන්වීමක් රූගත කරන්න පාදුක්ක පැත්තේ ගියා... එදා කැමරාකරණය කළේ චන්න දේශප්‍රිය වගේ තිලාට මතක එදා තමයි තිලාට තේරුණේ නිමල් අයියා දක්ෂයා වගේම දක්ෂයෝ තෝරන්නත් දක්ෂයෙක් බව....

"මල්ලි මම අලුත් වැඩක් පටන් ගන්නවා.... මට උඹලව ඕනේ "ඒ තමයි

"සිරස⁣ රේඩියෝව"

(නිමල් අයියාගේ තව කතා පසුවට.....)

අද ජූලි 19 සිකුරාදාය...

අද අපිට වැඩ ගොඩයි.... උදේ අරුණි සහ තිලා ගියා චිත්‍රපට සංස්ථාවට සභාපතිනිය අනුෂා ගෝකුල මහත්මිය සමඟ වචන හුවමාරුවකට....

දවල් යන්න වුණා අරලියගහ මන්දිරයට.... සමන් අතාවුදහෙට්‍ටි විසින් රචිත අලුත් පොත් කිහිපයක් ගැන වචන හුවමාරුවකට සභාපතිතුමිය ඇයගේ ගමේ කතාවක් ආදේශ - උපමා කරගෙන තමයි වචන ගළපන්නෙ. ඇගේ ගමේ විද්වත් රැස්වීමකට අදාළ නැති කෙනෙක් (මතක හැටියට ඤාණරත්න) සාකච්ඡාවට සහභාගිවෙලා අදහස් ප්‍රකාශ කරන්නත් ගත්තා.... ඒ අයගේ ගරුත්වයට සලකලා අනෙක් විද්වත් අය නිහඬව හිටියා... ඊළඟ දවසෙත් කෙසේ හෝ හොයාගෙන ආවා මේ‍ කරදරය නිසාම එදා සාකච්ඡාවට අදාළ අයගේ නම පමණක් මුද්‍රණය කරලා පත්‍රිකාවක් තිබුණා "කෝ මගේ නම නෑනෙ" එදත් ඔහුගේ ගරුත්වය ගැන සලකලා අමතක වෙන්න ඇති අනෙක් උදවිය කිව්වා එදා ඔහුම නම පෑනෙන් ලියාගෙන සාකච්ඡාවට සහභාගිවුණා... ඊළඟ දිනයෙක් ලැජ්ජාව නිසා එන එකක් නෑ කියල හිතලා එයාගේ නම මුද්‍රණය නොකර හිටියා. ඔහු ඇවිත් කෝ අදත් මගේ නම නෑනේ අද නම්‍ අමතක වෙලා වෙන්න බෑ... අනික් අය මේ කරදරය නිසාම සාකච්ඡා කරල ලැජ්ජා නැති කෙනාව විද්වතෙක් කලා ඔන්න ඔහොමයි අපේ ගමේ ඤාණරතන විද්වතෙක් වුණේ........

කතාවට දැන් අදාළ කෙනත් කවදා හරි කියන්නෙ නැතැයි හිතලා අපි ආවා...

අද ජූලි 20 සෙනසුරාදාය....

මේ‍ දවස්වල හරියට හුළංනෙ... ඉතිං ඒක තිලාටත් දරුණු ලෙස බලපෑවා... වේළෙන්න දාලා තිබුණ තිලා ඇඳුම්‍ හොයන කොට වෙලෙන් එගොඩ පන්සල ගාවින් යන්න ලැජ්ජයි තරුණ උපාසිකාවන් ඉන්නවා... අද උදේ බලනකොට පොල්කඩන අයියා මගේ සරමක් උගේ වගේ ඇදගෙන යනවා... අන්තරේට ගියාම තේරුණේ හුළං තවත් අයට බලපාලා...

රෙදි ගන්න බලනකොට රෙදිත් නෑ රෙදි දාපු වැලත් නෑ.... වැල බැදපු ගස් දෙකත් නෑ....

මචං තහඩු ටික ගියා තව ටිකකින් ඔහෙට එයි.

සුළඟේ පාවී ඈ වෙත යාවි මා පැතු පැතුම් .......

එඩ්වඩ් ජයකොඩි මාමා සුළඟක් වී ඇවිදින්න ගිය නටාෂාව හොයනවද දන්නේ නෑ.......

රෑ භද්‍රා අක්කා කතා කළා මල්ලි සුසිල් අයියා (සරසවිය හිටපු කර්තෘ රංගන ශිල්පි සුසිල් ගුණරත්න ) ජීවතුන් අතර හිටියා නම් දැන් සීයා කෙනෙක්... දුවට (උත්තරා) පුතෙක් ලැබුණා... 17 වැනිදා භද්‍රා අක්කා (ලංකාවේ පළවෙනි ටෙලි නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පිනියක් භද්‍රා නන්දනි) කිව්වෙ දුකයි සතුටයි දෙකට එකතු කරගෙන කියලා තිලාට තෙරුම් ගියා..

අද ජූලි 21 ඉරිදාය....

පාස්කු ඉරිදා මිලේජ්ච ප්‍රහාරයයට මාස තුනයි... ඒත්

යුද්ධයේ සිටි රණවිරුවා පසුව අටපාස් එකා පසු කාලයේ රණවිරුවා විය... දැන් නැවතත් අට පාස් එකාය....

දේශපාලකයන් ඒ කාලයේ අසරණවී දැන් නැවතත් පොරවල් වී ඇත....

අන්තර්ජාලයේ වීරයෝ දැන් නැවතත් කෙල්ලනට පැණි හලමින් සිටියි...

මුහුණු පොතේ හාමුදාවට බැඳුනු වීරයෝ නැවතත් තම මායියා කියන විදියට ජීවත් වෙමින් සිටිති...

වැරදිකරුවෝ නිදහස් වෙයිද

උදව්‍කරුවන්ද එලෙසමය

සාමාන්‍ය ජනයාටත් අමතක වෙමින් පවතියි

ප්‍රහාරයේ සැබෑ පාඩුව ඒ පවුල්වලට හා නෑ හිත මිතුරන්ට පමණි...

අද ජූලි 22 සඳුදාය...

අද උදේම අහන්න දකින්න ලැබුණේ ප්‍රවීණ ගුවන් නිවේදිකා කුසුම් පිරිස් අභාවප්‍රාප්ත වෙයි.......එකවර හිතට ආවේ

"මෙ‍ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි."

ඒ තිලා කුඩා කල ඇගේ හඬයි.... ඔබට නිවන් සුව.....

අද ජූලි 23 අඟහරුවාදාය....

අද තිලා සුපුරුදු බස් රථයේ යන ගමන්

පව්‍ බං මාලි..

වෙනදා වගේ පොර ටොක් දුන්නේ නෑ

බොහොම සාමකාමිව 26 ඛෙත්තාරාමයට එන්න කිව්වා

මාලි ඉතින් කොහොමත් වැඩ්‍ඩනේ ⁣.....

අවුල තියෙන්නෙ ලොකු අයත් එක්ක තියෙන තරහ ඔළුවෙ තියාගෙන මාධ්‍යටත් කතාකරන්නෙ....

තිලාත් කනට දාගත්ත ටික මුහුණු පොතෙන් හොයාගෙන බැලුවා..

මම මීටකලින් ක්‍රිකට් අයතනයට දැනුම් දුන්නා එක් දින පිටියෙන් සමුගන්න බව

අද ස්ථිරවම දැනුම්වත් කළා ඔහුන් මගේ කැමත්තට ඉඩදුන්නා ....

බස් එකේ සද්දෙ නිසා හරියට ඇහෙන්නෙත් නැ

මගේ ක්‍රිකට් ජීවිතයේ වසර 16 කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම අභියෝගයක්ම ජයගෙන ක්‍රිඩා කරපු බවත් කියා සිටියා.

ලබන 26 වෙනිද ඛෙත්තාරාම අවසන් තරඟයට එන්න කියල ඉල්ලීමකුත් කලා...

එයාට වැරදි කරපු අයට මෛත්‍රී කරන බවකුත් තේරුණා ..⁣...

ස්තුතියි මාලි... ඒත් සිටිය යුතු කෙනෙක්

මාලිගේ මායියටත් ස්තුතියි..... මුහුණු පොත දුන්නට

අත්පුඩි ගහපු අය වගේම ෆොටෝ ගහපු අයත් එදාට ඛෙත්තාරාමයට ඒවි....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.