සංගීත ලෝකය ජය ගන්නට සැරසෙන සුජීව හර්ෂන්

අගෝස්තු 1, 2019

ඔබගේ නම සඳහන් කළොත්?

සුජීව හර්ෂන්

සුජීවගේ වෘත්තීය?

සංගීතය තමයි.

කොයි කාලේ වගේද ඔබ ක්ෂේත්‍රයට එන්නේ?

දෙදහස් පහේදි විතර.

ඒ ගමන් මඟ ගැන කෙටි සඳහනක් කළොත්?

ඒ දවස්වල තිබුණේ සී. ඩී. කලාවනෙ. ඔහොම ඉන්න අතරතුරදි දිනේෂ් අමිල නමැති මගේ මිත්‍රයා මට ආරාධනා කළා බෑන්ඩ් එකකට. කටුනේරිය ඒන්ජල්. බෑන්ඩ් එකත් එක්ක දිගු කාලයක් හිටියා. බෑන්ඩ් එක කරපු සී. ඩී. වලට මං ගායනයෙන් එකතු වුණා. ඒ කලේ ගොඩක් ජනප්‍රිය වුණ බෑන්ඩ් එකේ සී. ඩී. එක තමයි හයිවේ කියන නොනවතින ගී එකතුව. මගේම කියලා ගීතයකුත් ගැයුවා. ඔය එක්කම දුක මටනේ තමයි ඒ සිංදුව. ඊට පසුව විදෙස් ගත වුණා.

නැවතත් ඔබ කරළියට එන්නේ වස්තුව මගේ එක්ක?

ඔව්. ඒ මගේ තුන්වැනි ගීතය. ජූනි මාසෙ තමයි අවුට් කළේ. විරහ ගීතයක්. හැමෝම විරහ ගීත කරන එකේ මං විතරක් වෙන මාර්ගයක යන්න බැහැනෙ. ඉතින් ඒකයි මමත් විරහ ගීතයක් කළේ. මේ වන විට හිතුවටත් වැඩිය ප්‍රතිචාර වස්තුව මගේ ගීතයට ලැබිලා තියෙනවා.

ඔබ තවත් ගීතයක් නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා නේද?

ඒකේ වැඩ කටයුතුවලින් භාගයක් විතර ඉවරයි. ඉතාලියේ වෙසෙන නදී පෙරේරා කියන මගේ හිතවතිය තමයි සිංදුව ලිව්වේ. වස්තුව මගේ සිංදුව නිසයි මේ සිංදුව මට නදීගෙන් ලැබුණේ තෑග්ගක් විදිහට. නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ දෙනුවන් කනුෂ්ක ඒක සංගීතවත් කළා. රත්තරං කියලා තමයි ටයිටල් කරලා තියෙන්නේ.

ඔබ මියුසික් වීඩියෝ කරලා නැතිද?

තවම නැහැ. නමුත් රත්තරං ගීතයට වීඩියෝවක් කරනවා. මගේ මතයට අනුව ගීතයකට වීඩියෝවක් අවශ්‍යමයි. එහෙම වීඩියෝවක් යද්දි තමයි ගායකයකු විදිහට අපි ජනප්‍රිය වෙන්නේ.

ආයේ සංගීත කණ්ඩායමකට කතා කළේ නැද්ද?

දැන් බෑන්ඩ් ගහන්න කාලයක් නැහැ. තනි ගායකයකු විදිහට ඉදිරියට යනවා.

ප්‍රසංග වේදිකාවට ඔබ සහභාගී වෙනවද?

ඔව්. ෂෝස්වලට නිතරම ආරාධනා ලැබෙනවා. මං දැනට සිංදු කියලා නැත්තේ මේරියන්ස් සහ ජිප්සීස් බෑන්ඩ් එක විතරයි.

සුජීවගේ ගම සහ ඉගෙන ගත්තු පාසලත් මතක් කරමු?

මගේ පදිංචිය කුරුණෑගල. කවිසිගමුව ශ්‍රී ගාමිණී විදුහලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ.

මේතාක් කල් පැමිණි ගමනට උපකාර කළ අය ගැනත් මතක් කරමු?

මුලින්ම දිනේෂ් අමිල,සේනක ක්‍රිස්බන්, ඉන්දික ප්‍රසාද්, සහිල් හිමංස, රොෂෙන් වළිසුන්දර, අයෝමා රුවිනි සහ දිනේෂ් හේමන්ත.

0777900191 මේ සුජීවගේ දුරකතන අංකයයි.

වස්තුව මගේ ගීතයේ පදමාලාව

යන්න ඉඩ තියෙනවා හැරයන්න
ඕනි නම් අත මාගේ
දුන්නු දුක් විඳිනවා මිය යන්න
කාලය එනතුරු රහසේ
මට නුඹව නැති කරන් ඉන්න හැකිවට නෙවෙයි
හැරයන්න පවසන්නෙ මේ ජීවිතෙන්
ඇස් දෙක පියා ගත්ත දාකම මගේ
ඇවිදිල්ල යනවාද ඉස්සර වගේ . . .

සරදමක් වගේ ආදරේ මගේ
පුද දුන් නමුත් ඔබට මහ මෙර වගේ
රණ්ඩුමයි කළේ නැති වැරදි මා අතේ
පවසලා හැමදාම වෙනසක් නොවේ

මහ හුඟක් තිබේ ඔබට ආදරේ
පිළිගන්නේ නැතුවාදා වස්තුව මගේ
වතාවක් නොවේ විඳින දුන් හිතේ
ඔබ හිංදා හැමදාම කඳුළුයි නෙතේ

ගීපද – අයෝමා රුවිනි
සංගීතය – තරිඳු බණ්ඩාර

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.