තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
අගෝස්තු 1, 2019

අද ජූලි 24 බදාදාය .....

ඊයේ හුස්ම ගන්නවත් බැරි තරමට අපිට වැඩ වැඩි දවසක් වුණා... ඒත් හවස හුස්ම චිත්‍රපටයේ විශේෂ දර්ශනය බලන්නත් ජායාරූප ගන්නත් තිබුණා... අපේ මාධ්‍ය සගයන් වන රමේ‍ෂ්, සමන් නම්‍මුනිගේ ඇතුළු සගයන් එකතුවෙලා මාධ්‍ය එකමුතුවකට එකතු වෙන්න සුදර්ශියට යන්නත් ඕනෑ වුණා. වෙලාව කළමනාකරණය කරගන්න එක තමයි හරිම අමාරුවුණේ... (මොකද තිලාගේ කට්ටිය වගේ අනික් අය වෙලාවට වැඩ කරන්නෙ නෑනෙ) හුස්ම බලලා එක හුස්මට සුදර්ශියට ගියා... 7.30 විතර වැඩේ ඉවරයි. තිලා පුරුදු සුදර්ශිය වටේ රවුමක් ගිහින් පටන් ගත් වැඩේ සාර්ථක වෙන්න කියල හිතාගෙන කාලෙකින් ඉස්සර පුරුදු විදියට සුදර්ශියේ ඉඳල බොරැල්ලට පයින් ඇවිත් ගෙදර අවා..

අද ජූලි 25 බ්‍රහස්පතින්දාය....

කුසුම් අක්කාගේ ලියපු ගීත කෙතරම්‍ දැයි තිලාට දැනුණේ පසුගිය දිනවල ඇහෙන ගීත නිසා. ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, සිතුවිලි සිරවී වැනි ගීත ගැන දැන සිටියද අනිත් ඒවා කුසුම් අක්කාගෙ බව මතක තිබුණෙ නෑ

ඉතින් තිලාට හිතුණා ඇසුණු ගීත ලියා තබන්න....

නිසංසලේ ඔබ තනිවී - අබේ/නිරංජලා

සීතල පිනීමත - එඩ්වඩ් නිරංජලා

අසුරු සැණින් - යමුනා විනෝදනී

ආගාන්තුක ආදරයේ - නිරෝෂා

මගෙ පොඩි දුව - බණ්ඩාර අතාවුද

බිඟු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා

සිහිනයකි ඔබ - බණ්ඩාර අතාවුද

සිතුවිලි සිරවී - බණ්ඩාර අතාවුද

බිදුණු පෙමක විරහ විරාමේ - ස්වර්ණලතා කවීශ්වර

හිත ගාව දඟකලා - වික්ටර් රත්නායක

ලොවක් බලන්නට - රූපා ඉන්දුමතී

ගං ඉවුරේ - එඩ්වඩ්

තිලා සියලුම ගුවන්විදුලි හා අනෙකුත් මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.... සෑම ගීතයකම ගායන ශිල්පින්ගේ මෙන්ම සංගීත නිර්මාණය හා රචකයා නම සඳහන් කළොත් ඇසෙන- දකින වාරයක් පාසා මතකයේ රැඳේවී....

අද ජූලි 26 සිකුරාදාය.......

අපේ ජායාරූප අංශයේ පුතෙක් ඉන්නවනේ... ඒ තමයි ඡායාරූප ශිල්පි දුෂ්මන්ත පුතා කියන්නෙ හරි හුරතල් කියනදේ අහන දැහැමි ජීවිතයක් ගතකරන සැහැල්ලුවෙන් ඉන්න, දේශීයත්වයට නැඹුරුව භාවනා යෝගීව ඉන්න, සංහිඳීයාව - සාමය වෙනුවෙන් ජීවිතය කැපකළ තරුණයෙක් නිසා.... ඒත් මේ දවස්වල හරි වෙනස්.... රැවුල වවලා... උඩු රැවුල නිතරම කරකවනවා.... තනියෙන් හිනා වෙනවා.... තනියෙන් කතා කරනවා.... හිටපු ගමන් සින්දු කියනවා..... ලස්සනට අඳීනවා... වැඩ කෝටියයි... හරියට ජැක්ලීන් වැහිලා වගේ... .......ශාන්ති කර්මයක් කරන්න වෙයිද දන්නෙ නෑ.....

අද ජූලි 27 සෙනසුරාදාය......

කවුදෝ කෙනෙක් රේඩියෝ එකේ ධනාත්මකව හිතන පතන වැඩ කරන හැටි කියලා දෙනවා පාසල් ළමුන්ට තිලාත් අහගෙන හිටිය...

අපරාදේ තිලා ඉස්කොලේ යන කාලේ එහෙම අය හිටියනම් ධනාත්මකව වැඩ කරන්න තිබුණා තිලා ඒකාලේ ඉගෙන ගත්තෙ අන් අයට දුකක් දෙන්න හොඳ නෑ... හිත රිදවන්න හොඳ නෑ.... වගේ දේවල්... ඒ නිසාම තිලා පන්තියේ අන්තිම පේළියට ගියා, ඉදිරියට යන අයගේ හිත රිදෙයි කියල, පළවෙනියා වෙන්න උත්සහ කළේ නෑ.... පළවෙනියගේ හිත රිදෙයි කියල ක්‍රිකට් ගහන්න ගියත් හිතලම අවුට්‍ වුණා... බෝල් කරන කෙනාගෙ හිත රිදෙයි කියලා, අතට ආපු කැච්‍ එක අතහැරියා බැට්ස්‍මන් ගැන දුක හිතිලා. මැරතන් එක⁣ට ගියත් මගදි නැවතිලා හති ඇරියා පස්සෙන් එන අයට දුවන්න දීලා. බයිසිකල් රේස් එකට ගියත් ලොරියට පළවෙනිය වුණා (රේස් එකේදී වැටිලා ප්‍රථමයෙන්ම ⁣අපදා ලොරියට දාගන්න කෙනා), යාළුවෙලා හිටිය කෙල්ල වෙන කෙනෙක් එක්ක යාළු වුණත් පරිත්‍යාගශීලි වුණා... ඒ කොල්ලගේ හිත රිදෙයි කියලා... තිලා ආයතනයේ තනතුරු ඉල්ලන්න ගියේ නෑ අනිත් අයගේ හිත රිදෙයි කියලා, මායියා බනින කොට ඔළුව පාත් කරන් ඉන්නේ මායියගේ හිත කළකිරෙයි කියලා.... අන්න එහෙමයි තිලාලා ජීවත් වුණේ...

ධනාත්මකව හිතලා ඉදිරියටම ගිය තැනුත් තිබුණා... ඒ චිත්‍රපටියක් බලන්න ගියාම ඉදිරියටම ගියා, කඹ අදින තරඟයකට ගියාම ඉදිරියටම ගියා ....

දැන්වත් ධනාත්මකව හිතන්න ඕනේ....

ඔන්න හැමෝම කියනවා තිලා ගැන ඩය-රියභනඤචබඥ එකේ ලියන්නෙ නෑ කියල ....ඔන්න ලිව්‍ව ........

අද ජූලි 28 ඉරිදාය....

තිලා අද ගියා නව පරපුර නියෝජනය කරන රංගන ශිල්පියෙක් වන රුවන් පෙරේරාගේ ජායාරූප ගන්න... ඒක අරන් ඉවරවෙලා අපි දෙන්නා මහන්සියටයි තිබහටයි පළතුරු එකක් බොන්න කියලා හිතලා කොට්‍ටාව අධිවේගය ළඟ ඉඳල කි.මී ගණනක් ආවා... අහන අහන කඩේ පළතුරු තියෙනවා බීම නෑ ....අපිට හොඳටම හිනා... තිලා කල්පනා කළේ බලු අඩියට 3 ගානේ ස්පා තියෙනවා සැලුන් තියෙනවා.... බාර් තියෙනවා... ඒත් පළතුරු බීම එකක් බොන්න ගිය දුරක්.....

අ⁣පේ හිටපු පොරක් මාර පොරක්වෙලා.... සූර්ය දෙවියන්ට කටහඬ දෙන්න දීලා සූර්ය දෙවියෝ වෙලා දැයේ ප්‍රණාමය කියලා පොස්ටර් එකක් දැක්කා අන්තිමට සූර්ය දෙවියන් අමතන්න කියල දුරකථනය අංකයකුත් තිබුණා කතා කරන්නත් බයයි .....ඒත් ශ්‍රීමත් ඉන්ද්‍රජිත් කියනවට දෙයියෝ කැමතිද දන්නේ නෑනේ.....

අද ජූලි 29 සඳුදාය...

ඊයෙ අපේ ප්‍රවීණ අයිය - මලෝ දෙපළකගේ උපන් දිනය යෙදිලා තිබුණා... තිලා කලින් ලියලත් තිබුණා... අපි බෙහොමයක් ගරු කරන දෙපළ අයියා තිලකරත්න කුරුවිටබණ්ඩාර මල්ලි මහාචාර්ය සුනිල් ආරියරත්න.... තිලාටත් ඔය දෙන්නම එක්තරා කාලයකදී ළඟින් අසුරු කරන්න වාසනාව ලැබුණා.... ඒ තිලක් මහත්තයා අපේ සිළුමිණ හා සරසවියේ කර්තෘ ලෙස කිහිපවරක් පත්වු නිසාම... ළඟදීම විජයබා කොල්ලය චිත්‍රපටය නැරඹීමටත් හැකියාව තියෙනවා... මහාචාර්යතුමා නිර්මාණය කළ ඉතින් සිංහල සාහිත්‍යයට පුවත්පත්කලාවට, සිනමාවට සියළුම කලාවනට මහඟු මෙහෙවරක් කළ ඔබ දෙපලටම සුබ උපන් දිනක් වේවා... දීර්ඝායු වේවා .....

අද ජූලි 30 අඟහරුවාදාය...

හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බංග්ලාදේශ - ශ්‍රී ලංකා තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අවසානයේදීත් මාලිට මෙන්ම සමුගැනීමේ උත්සවයක් එම තරගය අවසානයේදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර වෙනුවෙන් සංවිධාන කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැත්තෙන් කසුකුසුවක් අහුණා.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන දැන්වුවා බවත් හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස යළි එක්වනු ඇති බවටද වාර්තා පළ වනවා...

ඒ අය අයින් කළ යුතුද ක්‍රිකට්වලින් දේශපාලනය අයින් කළ යුතුද යන්න අපිට නොතේරේ......

මේ දිනවල සරසවියේ අයගේ උපන්දින හරියට කේක් කනවා ඉවරයක් නෑ... ඊයෙ හේමාලි විජේරත්නගේ... අද නිශ්ශංක විජේරත්නගේ..... දෙදෙනාටම සුබ පැතුම් .........මචංං.....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.