සිනමාවෙන් - ඝරසරප ටෙලිවිෂනයේ - කූඹියෝ

අගෝස්තු 8, 2019

42 වැනි වරටත් උත්කර්ෂවත් අයුරින් සිග්නිස් ටෙලි සිනමා සම්මාන උලෙළ පසුගිය දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජාත්‍යන්තර සිග්නිස් මහා ලේකම් රිකාඩෝ යුනෙස්, ආසියානු සිග්නිස් මහා ලේකම් බෙර්තා ඩෙට්ටා පඩියාන්ද්‍රජනී (රෝමය) මරියා සී ලොරෙන්සෝ සහභාගි වූහ. මුඛ්‍ය දේශනය මහාචාර්ය සෞම්‍ය ලියනගේ විසින් පවත්වන ලදී. 2018 වසරේ තිරගත වූ චිත්‍රපට 26 කට හා ටෙලි නාට්‍ය 19 ක රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට මෙවර සම්මාන ප්‍රදානය කෙරිණි.

ජීවිතයේ එක් වරක් පමණක් ප්‍රදානය කරන සුවිශේෂී අන්තර් ජාතික උපහාර උත්තමාචාරය මෙවර හිමි වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේනටය.

 

හොඳම අධ්‍යක්ෂණය - ඝරසරප – ජයන්ත චන්ද්‍රසිරි

හොඳම නිෂ්පාදනය - ඝරසරප – අර්ජුන කමලනාත්

හොඳම තිර රචනය - ඝරසරප – ජයන්ත චන්ද්‍රසිරි

හොඳම නළුවා - එකෝඩිං ටු මැතිව් – ඇල්ස්ටන් කෝච්

හොඳම නිළිය – දැවෙන විහඟුන් – අනෝමා ජනාදරී

හොඳම සහාය නළුවා - මධුර චාරිකා - සුදම් කටුකිතුලේ

හොඳම සහාය නිළිය – දැවෙන විහඟුන් - සමනලී ෆොන්සේකා

හොඳම සංගීත අධ්‍යක්ෂණය හා ගී තනු නිර්මාණ - ඝරසරප – චින්තක ජයකොඩි

හොඳම ගායනය – යශෝධරා - ඉනෝකා අහංගම

හොඳම ගී පද රචනය - ඝරසරප ජයන්ත චන්ද්‍රසිරි

හොඳම කැමරා අධ්‍යක්ෂණය – යශෝධරා - චන්න දේශප්‍රිය

හොඳම කලා අධ්‍යක්ෂණය - යශෝධරා - බිමල් දුෂ්මන්ත

හොඳම අංග රචනය - කෝමාලි කිංග්ස් - වසන්ත පූර්ණවංශ

හොඳම ශබ්ද පරිපාලනය – යශෝධරා - සසිත රුවන් මාරසිංහ

දක්ෂතම දෘශ්‍ය ප්‍රයෝග - යශෝධරා - චත්‍ර වීරමන්

ජූරියේ විශේෂ සම්මානය - කෝමාලි කිංග්ස් - කින් රත්නම්

නිර්මාණශීලී කුසලතා ඇගයීම් සහතික – උදුම්බරා - නදීශානි හෙන්ඩර්සන්

ටෙලි සම්මාන

හොඳම ටෙලි නාට්‍ය නළුවා - කූඹියෝ - තුමිදු දොඩම්තැන්න

හොඳම ටෙලි නාට්‍ය නිළිය - සහෝදරයා - කලනි දොඩන්තැන්න

හොඳම ටෙලි නාට්‍ය - කූඹියෝ - අසංක දොඩන්තැන්න

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – කූඹියෝ - ලක්මාල් ධර්මරත්න

හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා - කූඹියෝ - කලණ ගුණසේකර

හොඳම සහය නිළිය – තාත්තා - යශෝධරා රසඳුනි

හොඳම තිර රචනය – කූඹියෝ - ලක්මාල් ධර්මරත්න හා දමිත චන්ද්‍රසිරි

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය – තාත්තා - රෝහණ ධර්මකීර්ති

හොඳම ගායනය – විසුවියස් කඳු පාමුල – මිහිඳු ආරියරත්න

හොඳම ගී පද රචනය – තාත්තා - කුමාර ලියනගේ

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය – තාත්තා - සම්පත් වන්නිආරච්චි

හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය – කූඹියෝ - ස්ට්‍රයිනර් ඇඩම්ස්

හොඳම ටෙලි නාට්‍ය අංග රචනය - සහෝදරයා - හර්ෂ මංජුල

හොඳම ටෙලි නාට්‍ය ශබ්ද පරිපාලනය – තාත්තා - ඉන්දික සිසිර කුමාර

කුසලාත ඇගයීම් – විසුවියස් කඳු පාමුල – රන්දිමා ප්‍රනාන්දු පුල්ලේ, සුසිරි ප්‍රනාන්දු 

Add new comment