තිලාගේ සරසවියේ ඩය-රියupdate...

හොරෙන් කියවලා බලන්න....
අගෝස්තු 15, 2019

අද අගෝස්තු 07 බදාදාය...

මේ‍ දිනවල තිලාට ගෙදරට එන හැමෝම කියන්නේ මව ගැනයි ඉතින් තිලාට හිතුණා මව්‍වරුන් වෙනුවෙන් ගැයණු ගීත මතකයෙන්ම ලියන්න හිතුණා....

ආදරයේ උල්පත වු අම්මා, උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මෙ, ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා, අම්මා ජීවන උයන්තෙරේ, දිලිඳුනේ දරුවනේ මගේ, අම්මා කියලා බහ තෝරනා, මේ‍ ජීවනයේ, අම්මාවරුනේ, සෙනෙහෙ අම්මගේ, සොම්නස හෝ සන්තාපය,

අද අගෝස්තු 08 බ්‍රහස්පතින්දාය .....

අද මවගෙ සත්දින බණ උදේ ඉදන් ඒකට මහන්සිවන්නට සිදුවුණා... ඒ ගැන දන්නෙ නැති දේවල් බොහෝයි... දන්න අයගෙන් උපදෙස් හා උපකාර ඇතිව සංවිධානය කළා... බණට වැඩමකල ගැමුණුපුර සෝමවංශ හිමියන් බණට පැවසුවේ මා කුඩා හිමිනමක අවදියේ මේ‍ මව

"හාමුදුරුවනේ සිවුරු අත්හරිනවානම්‍ මගේ පාංශු කූලේ දීලා ඉවර වෙලා කරන්න.."

දුක දරාගෙන හිටපු තිලාට ඒකට නම්‍ කඳුළු ආවා..........ඇය හැමටම මවක් වෙලා....

අද අගෝස්තු 09 සිකුරාදාය ........

උදේ පන්සලට ගියා හීල් දානෙත් අරගෙන තවත් මවක් වෙනුවෙන් දානේ පූජා කරන්න ආ දරුවන් පිරිසකුත් හිටියා තිලාට මතක්වුණා යස ඉසුරු චිත්‍රපටය වෙනුවෙන් ධර්මසිරි ගමගේ අකුරු කළ නන්දා මාලනියන් ගීතවත් කළ අම්මාවරුනේ ගීතය ධර්මසිරි ගමගේ මහතා දසක ගණනාවකට ප්‍රථම ලියූ ගීතය අදටත් අප දෙගොල්ලන්ටම කෙතරම් ගැළපේද..

අම්මාවරුනේ.. අම්මාවරුනේ 
සම්‍මා සම්‍බුදු අම්‍මාවරුනේ 
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා 
සුර ලොව සිට අතපා ඒ කඳුළැලි පිසිනා

අම්‍මාවරු නැති දරුවන්නේ 
සංකා දුක් කවුදෝ දන්නේ 
ඒ දුක දන්නා අම්මාවරුමයි 
යම්‍ මතු දිනයක බුදුවන්නේ 
සංසාරේ මතු බුදුවන්නේ ... 
අම්මාවරුනේ......

සෙනෙහස වැඩිදා සිතද බොළඳවී 
ලොවම ආදරේ කියා සිතේ 
මායාවක් වී එහි තනිවුදා 
අම්මා පමණයි ළඟ ඉන්නේ 
අම්මා පමණයි ළඟ ඉන්නේ... 
අම්මාවරුනේ ......

අද අගෝස්තු 10 සෙනසුරාදාය ......

අද මොටර් රථ ධාවන ශුරයෙක් වන උපුල්වන් සේරසිංහත් පින් අතේ වැඩකට ආරාධනා කරල තිබුණා... ඒ ඔහුගේ නිවසේ හිමිවරු 260 නමකට සාංඝික දානයක් දුන්නා.. තිලාත් වැඩ කටයුතු අතරේ එයටත් සුළු වෙලාවකට සහභාගි වුණා...

අද අගෝස්තු 11 ඉරිදාය ......

මේ‍ දිනවල අහසත් අඳුරුයි... නිතරම ටික ටික වහිනවා... තිලාගේ හිතටත් මොකක්දෝ අවුලක් තියෙනවා... හිත එකම තැන දවස් ගාණකින් කැමරාව අල්ලලා නෑ ...

කටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා.....

ඒත් තිලා වෙනුවෙන් පසුගිය කාලයේම නොයෙක් අයුරින් කැපවුවන්හට පින්......

අද අගෝස්තු 12 සඳුදාය ....

මේ‍ දිනවල ජනාධිපතිවරණ අපේක්ෂක අපේක්ෂිකාවන් තෝරන ⁣තරඟය ඉතා උණුසුම් මෙන්ම එක් එක් අපෙක්ෂකයාට ඉදිරියට ගෙන ඒමට රූපවාහිනී හා රේඩියෝ නාළිකා තරඟය ඊටත් වඩා උණුසුම්ය. සමහර රටවල වගේ කැමති කෙනාට මනාපය දීලා ගම්‍වල මිනිසුන් ආයතනවල මිනිසුන් බෙදෙන්නෙ නැතිව හිටියනම් කොතරම් හොඳද.... ⁣⁣

තිලා කල්පනා කළේ එකිනෙකා ආයෙත් බෙදන කාලේ ළංවෙලා... අපි දැනටමත් මිනිස්සු නොයෙක් බලවේග දේශපාලන වශයෙන් බෙදලා... ජාතීන් වශයෙන් බෙදලා....

ආගම් වශයෙන් බෙදල..... 
කුල වශයෙන් බෙදල.... 
උඩරට පහතරට වශයෙන් බෙදල..... 
උතුර දකුණ වශයෙන් බෙදල....

ඇති නැති වශයෙන් බෙදලා.... සහෝදර සහොදරියෝ බෙදල, එකගෙයි අය බෙදල වෙන මුකුත් ඕන නෑ කසාද යුවලත් බෙදලා....

අද අගෝස්තු 13 අඟහරුවාදාය ........

ලෝකයේ හොඳම ආහාර වේල වශයෙන් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අහාර ඉහළම මට්ටමේ ඇති බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් තහවුරු කරගෙන තිබෙන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. විද්‍යාඥයන් 37 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් රටවල් ගණනාවක කළ ආහාර පරික්ෂණයක් අනුව ලංකාවේ ආහාර වේලක සමබල පෝෂණය ඇතිබව සඳහන්කර තිබෙනවා...

බත්, කොළ පැහැති ආහාර, කජු, පරිප්පු, පොල්කරි, කහ, සියඹලා, කුරුඳු ඇතුළු කුළුබඩු එකතු ආහාරවල පෝෂණ ගුණය ඇතිබව සඳහන්.......

ඒත් අපි රසකාරක දාපු අහාරවලින් දිවට ආතල්දී ශරීරයට වධ දෙනවා.....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.