තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
අගෝස්තු 22, 2019

අද අගොස්තු 14 බදාදාය...

අද පෝය සුපුරුදු විදිහට දැ⁣හැමෙන් සෙමින් සිටියා. ගේ පුරාම රූපවාහිනීයේ රේඩියෝවෙ ඇසුණු බණ මේ‍ පෝයට අඩුවෙලා ගිහින්.

අද අගෝස්තු 15 බ්‍රහස්පතින්දාය...

අද කාලෙකින් ආයතනයට ගියා.... අපේ ගාමිණි සුසන්තගේ මවගේ අවමංගල්‍යයට සහභාගි වුණා. දීප්ති අක්කා සහ ආරෝග්‍ය පත්තරේ පිරිසත් සමඟ ගාමිණි මිනුවන්ගොඩ පැත්තෙ ඉඩම්‍ හිමි වැවිලිකරුවෙක් නිසා ඒ පැත්තෙන් පොල් ඉඩමකුත් බැලුවා... ළඟ එන බෝනස් එකෙන් ගන්නවා... ආරෝග්‍ය කට්‍ටිය එක්ක නිසා හිසරදයක්වත් නැතිව ආයේ ආවා... ආරෝග්‍යා පරමා ලාභා...

අද අගෝස්තු 16 සිකුරාදාය....

අද හවස ‘ස්පර්ශ’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය තිබුණා... තරංගනී ශාලාවට ගියා... අරුණ, අරුණි, ප්‍රසාද්, නිශ්ශංක, හේමා⁣ලි, ඒක හොල්මන් ගැන චිත්‍රපටයක් වුණත් බය හිතුණේ නෑ... අපේ ඉස්සරහම ලෝක කායවර්ධන ශුරයා වූ ලූෂන් පුෂ්පරාජ් හිටිය නිසා ඉවර වෙලා ඉතින් සියලෝම සතුටින් විසිර යන අතරේ අපිට විසිරෙන්න වුණේ නෑ ඒ අමරසේන වඩුගේ හා ලංකාවෙ ටෙලිනාට්‍ය ගොඩ්‍ෆාදර් නාලන් මෙන්ඩිස් විසින් අරුණත් තිලාත් වාහනයකින් පැහැරගෙන තලවතුගොඩ පිහිටි සුපිරි හෝටලකට ගෙනගිය නිසා (තිලාගේ ගෙදරට හූවක දුර) ඉතින් පුංචි මධුවිතක් සප්පායම් වන අතරේ නාලන් අයියාගේ නාට්‍ය නිර්මාණ ගැන කතාවුණා. නිර්මාණයක් කරල පොරවල් වෙන අතරේ වැඩිම ටෙලිනාට්‍ය හා වැඩිම අලුත් නළු-නිළි පිරිසක් හඳුන්වා දුන් අය අතර නිර්මාණකරුවෙක් නිසයි වචන හුවමාරුව නැගලම ගියා..

අද අගෝස්තු 17 සෙනසුරාදාය...

තිලාගේ එක් නවාතැන් පොළක් වු සුදර්ශියට (සිංහල සංස්කෘතික ආයතනය⁣ට) නව නිලධාරී මඩුල්ලක් පත්වෙලා..

නව සභාපති වශයෙන් ඩබ්ලිව්.ජයසිරි

නව ලේකම් ධූරය සඳහා ලක්ෂ්මන් මෙන්ඩිස්

භාණ්ඩාගාරික වශයෙන් කීර්ති බණ්ඩාර

උප සභාපතිවරු වශයෙන් මහාචාර්ය මුදියන්සේ දිසානායක, කිංස්ලි ලෝස්, පත්මසිරි කොඩිකාර

උප ලේකම් : උදේනි අල්විස්

උප භාණ්ඩාගාරික : ලක්ෂ්මන් අරච්චිගේ

හස්ත කර්මාන්ත අනුමණ්ඩලය : දිනේෂ් ජයශාන්ත

චිත්‍රපට අනුමණ්ඩලය : සුගත් සමරකෝන්

මැහුම් අනුමණ්ඩලය : නයනා කුමාරි

සංගීතය අනුමණ්ඩලය : සම්‍පත් හේවාපැලැන්ද

ජන සම්‍මත සාහිත්‍යය අනුමණ්ඩලය : මංජු කාරියවසම්

නැටුම්‍ අනුමණ්ඩලය : ගීත් ද සිල්වා

නාට්‍ය අනුමණ්ඩලය : රත්නා පුෂ්පකුමාර

සාහිත්‍යය අනුමණ්ඩලය : නුවන් කුමාර කටුගම්පොළ

කලාව හා නිර්මාණ අනුමණ්ඩලය :

රෝහාන් සමරදිවාකර

ඔන්න නව නිලධාරීන් සැමටම සුබ පැතුම්

අද අගොස්තු 18 ඉරිදාය...

මේ‍ දිනවල මාධ්‍ය ⁣සගයන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ජනාධිපතිවරණ අපේක්ෂකයන් හා මීළඟ ජනාධිපති ගැන මගුල් ගෙදරකට ගියත් මළගෙදරකට ගියත් බණගෙදරකට ගියත්, පන්සලේදී , බස්එකෙදී, මහා පාරේදී හමුවුණත් ඕකම තමයි ......

ජ්‍යෙතිෂ්‍යවේදීන් එක එක කතා කියන අතරේ.

අපේ රත්නායක (කේ.සී.ජේ රත්නායක) නම්‍ අමුතු තාලේ අනාවැකියක් කියල තිබුණා යු ටියුබ් නාලිකාවට. එයා කියන හැටියට දැනට ඉන්න අය අතරට අලුත්ම කෙනෙක් එනවා කියල තිලා ප්‍රබල කාන්තා චරිතයක් වෙන්නත් ඉඩ තියෙනවලු ... අනේ මන්ද අපිටත් තියෙන පුරස්න ...

අද අගෝස්තු 19 සඳුදාය...

අද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගැන කතාකරන්න නැවත අවස්ථාවක් උදාවෙලා.... ඒ අද උදේ ආරංචි වුණා ලුතිනන් ජෙනරාල් නිලයට උසස්කර ශ්‍රී ලංකා යුද හමුදාවෙ 23 හමුදාපතිවරයා ලෙස පත්වු පුවත.

තිලාට සහ අ⁣⁣පේ ධනේෂිට මුලින් හමුවන්නෙ හතරවන මානුෂික ⁣මෙහෙයුම පටන් ගත් මුල් කාලයේ මන්නාරම තල් අඩි ප්‍රදේශයට පනස් අටවන සේනාංකාධිපති වුයේ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වායි.. ප්‍රධාන කාර්යයක් වු⁣යේ සහල් නැලිය යනුවෙන් හඳුන්වන යෝධ වැව හරහා අස්වද්දන කුඹුරු යාය මුදා ගැනීමය. ඊට පසුව පුනරින් මුදාගත්තේය. පසුව විශ්ව මඩු ප්‍රදේශයේදී සාමාන්‍ය ජනතාව මුදාගන්නා අවස්ථාවක මරාගෙන මැරෙන බෝම්‍බයකින්ද බේරුණේ අනුනවයෙනි.

තව විනාඩි කිහිපයක් ඉක්මන් වුවානම්‍ මායියට මායියගේ දරුවන්ට නැතුව තිලා යටියන්තොට ගිහින් වසර 10 විතර...

පුදුමාතලන් යුද මුක්ත කලාපයේ එල්.ටී.ටී.ඊය විසින් සිරකරගෙන සිටි ලක්ෂ ගණනක දමිළ සාමාන්‍ය ජනතාව මුදාගෙන පාරා 3 නැව⁣ තෙක් පැමිණිම ඔහු කළ වාර්තාවක් වැනිය ඒ මන්නාරම් මුහුදෙන් ප⁣ටන්ගෙන රට හරහා මුලතිවු මුහුදෙන් අවසාන කළ ගමන්මගේ කාර්යයයි...

ඔහු එදා රෑ අප සමඟ (ප්‍රසන්න, ශානිකා, රනිල්, මිහිරි, රුක්මාල්, තිලා) ආඩම්‍බරෙන් පැවසුවෙ ඒ පැත්තේ මුහුදෙන් පටන් අරන් මේ‍ පැත්තෙ මුහුදෙන් (මන්නාරම සිට පුදුමාතලන් දක්වා) ඉවරකරපු හැටි... ⁣

තව දේවල් බොහෝ ඇතත් ඔහුට සුබ පැතීමට ඉතිරි කරමි.......

ප. ලි. තිලා ඔහු ගැන ඩය-රියභනඤචබඥ එකේ ලියුවෙ මාස ගණන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවුණු ඔහු ගැන කොහේ හෝ ලියවිය යුතු නිසාය. ඔහුගේ කාර්යයන් ඇසින් දුටු සාක්කිකරුවන් අතර තිලාත් සිටි නිසාය...

අද අගෝස්තු 20 අඟහරුවාදාය....

අද උදේ ඉතා කණගාටුදායක ආරංචියක් අපේ සිළුමිණේ අමිල ජානක මල්ලි දාලා තිබුණ.... ඒ මීට වසරකට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවෙ විශේෂ කර්ය බලකායේ සාජන් මේ‍ජර් චම්පික කුමරසිංහ විරුවා මියගිය පුවත....

අමිලටත් තිලාටත් කුඩාඔය පැරෂුට්‍ පුහුණුවීමකදී හමුවුණ ඔහු පසුගිය නිදහස් උලෙළේ ෂැන්ග්‍රිලා හෝටලයේ උඩ සිට අපූරු පිම්මක් ඉදිරිපත් කළා මතකයි...

අද උදේ අම්‍පාරේ පුහුණුවකදි අඩි 10,000 (දහදාහක්) පමණ උඩදී පැරෂුට්‍ එක තවත් එකක පැටලි වැටීම නිසා ඔහු දැයෙන් සමුගත්තේ ඔ⁣හුගේ හැකියාවන් මතකය පමණක් ඉතිරි කර තබමින්.

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.