තිලාගේ සරසවියේ ඩය-රියupdate....

හොරෙන් කියවලා බලන්න....
අගෝස්තු 29, 2019

අද සරසවිය 25 වෙනි තිලාගේ ඩය-රියupdate එක අරුණ අතුළු සරසවිය පවුලේ සැමට උදව්‍ කළ හා කියවු සැමට ස්තුතිය.....

අද අගෝස්තු 21 බදාදාය...

පසුගිය දවස්වල තිලා ඇතුළු කිහිප දෙනෙකුට මළ පැනල හිටියේ අලුතෙන් හඳුනාගත් හූනන් විශේෂ 6 ජාතික වීරයන්ගේ නම්‍ භාවිතා කිරීම ගැන....

ඒත් පසුව හොයල බලනකොට තේරුණේ නම් සත්ව පර්යේෂක සමීර සුරංජන් කරුණාරත්න මහතා ඒ වීරයන්ගේ නම් මාධ්‍ය වැරදි විදියට භාවිතා කරලා කියලා..... උදාහරණක් ලෙස ගෝඨයිම්‍බර හූනා නොව එම ජීවියා ගොඨයිම්‍බරගේ හූනා ලෙසය .......

සමීර සුරංජන් කරුණාරත්න මහතා හඳුන්වා දුන් හූනන් විශේෂ 6

ගෝඨයිම්බරගේ හූනා (Cnemaspis gotaimarai) - කොකාගල කැළයකින් හමුවූ ජීවියෙකි.

නන්දිමිත්‍රගේ හූනා (Cnemaspis nandimithrai) - කුඩුම්බිගල කැළයකින් හමුවූ ජීවියෙකි.

හිටිහාමිගේ හූනා (Cnemaspis hitihami) - මරගල කැළයකින් හමුවූ ජීවියෙකි.

කොහුකුඹුරගේ හූනා (Cnemaspis kohukumburai) - කඩුගන්නාව කැළයකින් හමුවූ ජීවියෙකි.

බූටෑවගේ හූනා (Cnemaspis butewai) - බඹරබොටුව කැළයකින් හමුවූ ජීවියෙකි.

කිවුලේගෙදරගේ හූනා (Cnemaspis kivulegedarai) - වලපනේ කැළයකින් හමුවූ ජීවියෙකි.

විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා අපේ මාධ්‍ය සගයා නුවන් ලියනගේ සමඟ කරනු ලැබූ කතිකාවක කියල තිබුණේ මරු කතාවක් මෑත කාලයේ සොයාගත් සර්ප විශේෂයකට රාවණා නම යෙදූ බවත් තවත් සත්ත්ව කොට්ඨාස වර්ග 100 පමණ සොයාගත් බවත් දාන්න වැදගත් නම්‍ නෑලූ.......

අගෝස්තු 22 බ්‍රහස්පතින්දාය......

ඊයේ අමුඩ රජා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය තිබුණ නිසා රෑ වුණා.... අද ටිකක් දවල් වෙනකම්‍ නින්ද ගියා... ඇහැරුණේ ඉසුරුගේ (රංගන ශිල්පි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි) ඇමතුමකට....

අයියේ... කවර් එක නම්‍ පට්ට නැගලම යනවා.... මම අරුණ අයියාටත් කතාකළා.... දැනට කෝල්ස් බර ගාණක් ආවා.....

හවස අරුණියි තිලයි ගියා හේමාල් රණසිංහ සමඟ සරසවියට වචන හුවමාරුවකට කතා කරනකොට තේරුණේ, හොයාගෙන, අමුණගෙන අත්දැකීම්‍ එකතු කරගෙන බුද්ධියෙන් රඟපාන ශිල්පියෙක්....

තිලා හවස හොරෙන් ඉසුරුගේ මු⁣හුණ පොත බැලුවා ලයික් 1400 ගණනක් හා කොමෙන්ටු මේ වන විට හාරසිය හැත්ත ගණනක්.....

තිලා කැමතිම කොමෙන්ටුව වුණේ “මල්ලි ආයේ අපේ ගෙදර එනවිට ඔය පින්තුරේ අපේ බිත්තයේ ගහලා තියෙයි”...

අද අගෝස්තු 23 සිකුරාදාය....

අද නන්ද මාලනි මහත්මියගෙ උපන් දිනේ. තිලා ඩය-රියභනඤචබඥ කලින් ලියපු එකක් නැවත ලියන්න වටින කතාවක් නිසා ලියන්නේ කලෙකට ඉස්සර අපි ගිය බොහොම සුන්දර තැන්වලට...

ඒ අපේ රසඳුන පත්තරේ තිබුණා සංචාරක සටහන් කියල ලිපියක්... ධර්මසිරි ගමගේ මහත්තයායි තිලයි යනවා ලිපියට අඩුම කුඩුම හොයන්න... ඒකට අමරදේව මහත්තයා හා සුනිල් ආරියරත්න මහත්තයායි තව කවුරු හෝ යනවා...

ඉතින් අපි තීරණය කලා සීගිරිය රෑ නගින්න.... සංස්කෘතික දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් ඇතිව පෝය දවසක සීගිරිය ආරක්ෂක නිලධාරීන් සමඟ රෑ සීගිරිය නැග්ග නන්දා මාලනි මහත්මියත් කුලේ අයියත් (කුලරත්න ආරියවංශයන්) ගමනට සහභාගි වුණා ගීතත් ගායනා හරිම සුන්දරයි... සීගිරිය උඩට හඳ පායලා වටේටම ලස්සන පේනවා... ඉතින් අපි සුන්දර රැය පහන් කරල බිමට බහිනකොට පාන්දර වෙලා... අතීතයෙන් බිඳක් හටියට ලියුවෙ තව තියෙනවා මුහුදක් තරම් (ගමගේ මහත්තයා ගැණත්)

ඉතින් ඔබට මම දෙන්න බැරි දෙයක් දෙනව මගේ ආයුෂත් අරගෙන ජීවත් වන්න...

ඔබට සුබ උපන් දිනයක්....

(ජායාරූප ශිල්පින්ට වි⁣ශේෂයි.. මට මතකයි එතකොට කැමරාවලට සේයාපටල භාවිතා කරන කාලේ හඳ එළියෙ පින්තූර ගන්න ඒ.එස්.ඒ එක්දහස් හයසියේ (1600) වර්ණ සේයාපටලයක් පාවිච්චි කළා)

අද අගෝස්තු 24 සෙනසුරාදාය....

මේ‍ ලෝකයේ හුස්ම ගන්නට ඔක්සිජන්වලින් 20% නිෂ්පාදනය වෙන්නේ ඇමසන් වනාන්තරයෙන් තිලා දැනගත්තෙත් ඒ ගින්න නිසාවෙනි... ලෝකයේ පෙණහල්ල ලෙස ඇමසන් හැඳින්වීම වරදක් නැත... වනාන්තරයෙන් එකතුවන අතු ගංගා 1100 පමණ වෙයි. මෙම ගංගාවලින් ගංගා 17 ක්ම සැතපුම් 1000 කට වඩා දිගින් බව දන්නෙත් මේ‍ ප්‍රශ්නෙ නිසා...

එහෙත් තිලා කල්පනා කළේ ගින්න පැතිරෙන වේගයෙන් දුවන්න හෝ ඉගිලෙන්න නොහැකි සතුන් හා කෘමීන් ගැන.....හිත⁣ාගන්නවත් බෑ...

පිට රටක වෙන දේවල්වලට සමගාමීව අපේ රටේ වෙන්නෙ ඔය වගේ දේවල් විතරයි...

ඊට සමගාමීව අපේ ඇල්ල ප්‍රදේශයේත් ගින්නක් පැතිරිලා....

කවුරු හරි ඊට සමගාමීව ගිනිතිබ්‍බද දන්නෙ නෑ.....

අද අගෝස්තු 25 ඉරිදාය...

අපේ සිසිරයාත් (සිසිර යාපා) අලුත් වැඩක් පටන් අරන් තිලා දන්නෙත් නෑ.... අද උදේට අපිට පත්තර කියවලා දෙන්න පටන් අරන් අපිට පොඩි කාලේ තිබුණ අසා ලිවීම, බලා කියවීම වගේ දේවල් ගුරුවරු උනන්දු කලාට තිලාලා උනන්දු වුණේ නෑ... දැන් තමයි තෙරෙන්නෙ. වෙලාවට සිසිරලා හිටියේ....

සතියේ පත්තර

සති අග පුවත් සමාලෝචනය සිසිර යාපාගේ වීඩියෝව තිලාට හමුවුයේ colombo trust (සිංහලෙන් තිබුණේ එහෙමයි) යන මුහුණු පොතේ තිබිල... කොහොම වුණත් මචං උ⁣⁣ඹේ අලුත් වැඩේට හදවතින්ම සුබ පැතුම්...

අගෝස්තු 26 සඳුදාය.......

බස්වල යන අයට පේන්නෙම වැරදිනෙ... ඇත්තටම වෙන්නෙත් එහෙමනේ අද තිලාට 170 බස් එකක ඒ වගේ සුන්දර රියදුරු මහතෙකුයි ටිකට්‍ දෙන මල්ලි කෙනෙකුයි ඉන්න බව තේරුණා... ඒ

පියමන් කෙරුවෙමු මහවෙල් මැද්දෙන් ආදරයේ උණුසුම ළඟ, වත්සුණු සුවඳීන්, පොඩි දුවගේ සිනා වැලයි, සිනා සිසි එයි, යාළු බාළ සඳේ, හැමදාමත් යාළුවේ, නුග සෙවණක්, පළිඟු තලාවක, බුදු පියාණනේ, මහ වරුසාවට, නව දැළි හේනක, සැදෑ අඳුර, දෙනුවර මින් පසු, සුනිල් වන් නුවන්, ඉතින් ඔය වගේ ගීතවලින් කන් ⁣පුරෝගෙන බත්තරමුල්ලෙන් බහින ගමන් අර මල්ලිට ස්තුති කරන්න බලනකොට එයත් ඉස්සරහට ගිහින්...

ස්තුතියි මල්ලිටයි රියදුරු අයියටයි සුන්දර ගීත ටිකක් දාලා එවා අහගෙන යන්න වෙන අය වගේ බස් එකේ බෙරිහන් දෙන්නෙ නැතිව හිටියට.... තිලා බස්එකෙන් බැහැල පිටිපස්ස බැලුව NB 7372  වගෙයි අංකය මතක

අගෝස්තු 27 අඟහරුවාදාය....

අපේ ජායාරූප වැඩ්‍ඩන් ⁣දෙදෙනෙක් පසුගිය දවසක ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙලා... ඒ යමුනි රශ්මිකා පෙරේරාට හා සමීර පීරිස්ට

සුබ පැතුම් මචංලා දෙන්නටම....

වැඩි විස්තර පසුවට....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.