තිලාගේ සරසවියේ ඩය-රියupdate...

හොරෙන් කියවලා බලන්න....
සැප්තැම්බර් 12, 2019

අද සැප්තැම්බර් 04 බදාදාය...

අද උදේ වැඩට යන්න එළියට බැස්සා විතරයි කලණ කතාකලා... (රංගන ශිල්පී කලණ ගුණසේකර)

"අයියේ අපි සූස්ති කියල ෆිල්ම් එකක් කලානෙ... වෙලාවක් ⁣අද හවස බලන්න එන්න"

ඉතින් හවස අරුණියි, තිලානියි, ටානියා, අයන්ති පිරිවරාගෙන තරංගනියට ගියා.... චිත්‍රපටය තිලාට නම්‍ මරු....

එකේ තිලාට ක්ලික් වුණ දෙබස්....

අඬන්න එපා අපි මැරෙන්නනෙ ඉන්නෙ හිනාවෙලා මැරෙමු...

තාම ඉන්නෙ යුද ආතල් එකේ, මොකක් හරි පොඩි ආතල් එකක් ඔණේ පොඩි එකක්, හරියට 96 වර්ල්ඩ්‍ කප්එක වගේ, දඬුමොණරෙ හොයාගත්ත කියල තාම ඉන්නෙ ඒ ආතල් එකෙ, බයිසිකලයක් වත් හදාගෙන නෑ, බයිසිකලයක් හැදුවත් ඒකට බඩු ගන්නෙ චීනෙන්, මේ‍වයෙ දෙවිවරු නෑ සුසා, දෙවිවරු හැටියට ඉන්නෙ පාලකයෝ, තනියම ඉපදෙන්න නෑ... කවුරුහරි දෙන්නෙක් එකට එකතු වෙන්න ඕන, ඔය මරණ බය කියන එක, එක එක කාලවලදී එක එක විදියට එන්නෙ එකම උල්පතකින්, මිනිස්සු ගහල මැරෙනවට වැඩිය අලි ගහල මැරෙන එක සැපයි... තිලට මතක විදියට තමයි ඉතින්....

අද සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දාය...

අද උදේ පිටත් වුණා යාපනය බලා... අරුණ ගුණරත්න, ගුණසිරි සිල්වා, කුමුදු ලාල් වල්පොල, සුගත් බණ්ඩාර, තුසිත චන්ද්‍රකුමර, මංජු ප්‍රසන්න, අපේ රථාආචාර්ය රුවන්... යාපනයේ තියෙනවා සෑම වසරකම අන්තර්ජාතික සිනමා උලෙළක්... ඒක විශාල කැපවීමකින් සංවිධානය කරන්නෙ අපේ අමෝමා අක්කා (අනෝමා රාජකරුණා)....

කොළඹ ඉඳන් එන්න නොහැකි වුණු අයට, එන්න ප්‍රමාද වුණු අයට ඊර්ෂ්‍යා හිතෙන විදියට අපි පින්තූර අන්තර්ජාලයට යැවීම දිගටම කළා... නොයන අයටයි ප්‍රමාදයට හේතු දක්වන අයට අරුණ කියන්නේ..

මචං පත්⁣තරේ ගහන්න කවුරු හරි ඉන්නවා, මේ ෆිල්ම් එක ආයේ බලන්න බෑ, මචං නිවුස් හොයන්න පුළුවන් අද ෆිල්ම් එක ආයේ හෝල් වල බලන්න බෑ, මචං වයිෆ් කෙනෙක් හොයා ගන්න පුළුවන්, ඒත් මේ ෆිල්ම් එක ආයේ බලන්න බෑ, මචං උඹට මිනිහෙක් මම හොයල දෙන්නම්, මේ‍ ෆිල්ම් එක හොයන්න නම්‍ කියන්න එපා...

හවස ප්‍රසන්න විතානගේ නිර්මාණ කළ "ඔබ නැතිව ඔබ එක්ක", පසුව ප්‍රසන්න අයි⁣යත් එක්ක සුපුරුදු චිත්‍රපට වචන හුවමාරුව

අද සැප්තැම්බර් 06 සිකුරාදාය...

අදත් යාපනයේ.... යාපනයෙ ආ එකෙන් හිතට වදයක් වුණ එකම කාරණය අද මේ‍ජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ උපන් දිනයට සමගාමීව අලුත් පොත ⁣හදුන්වාදීම යෙදිලා තිබීම... තිලාට ඒකට සම්බන්ධ වීමට නොහැකි වුණත් ඒ දෙකටම හදවතින්ම සුබ පැතුම්‍...

⁣ජෙනරාල් ගුණරත්න සමඟ යුද පෙරමුණේ ගෙවපු කටුක ජීවිතය ඉදිරියේදී තිලාගේ ඩය-රියභනඤචබඥ එකෙන් ලියන්නම වෙනවා, මේ‍ දවස්වල කනවා බොනවා (වතුර) බයිස්කෝප් බලනවා... දවල් බුල් බුල් (ඡභත ඡභත ) කියල බැලුවා නේපාලේ කත්මන්ඩු ප්‍රදේශයේ කතාවක්... ප්‍රධාන රංගන ශිල්පිනිය වන ස්වස්තිමා වතාවක් ලංකාවට ආ බව රොඩ්නි අයියා පැවසුවා.

අද සැප්තැම්බර් 07 සෙනසුරාදාය .....

අද නම්‍ උදේ මෙලෝ රහක් නැති චිත්‍රපටයක් බැලුවා.. දැන් කණ්ඩායමට එක එක්කෙනා වැඩි වුණා... අද රොඩ්නි අයියා හා මනෝහරි අක්කා ආවා (රොඩ්නි විදානපතිරණ හා මනෝහාරි හේවාවසම්‍) අනිත් අයට

රෑ වටමේ‍ස සාකච්ඡාවක් තිබුණා ජාත්‍යන්තර සිනමා උලෙළ හා විත්‍රපට ගැන..

අද සැප්තැම්බර් 08 ඉරිදාය...

මම මේ‍ දිනවල ඉන්නෙ ගුණෙ අයියාගේ කාමරේ

ඒ කියන්නෙ මගේ කාමර සගයා ගුණසිරි (ප්‍රවීණ සිනමා විචාරක ග්‍රන්ථ කර්තෘ ගුණසිරි සිල්වා) අද අයියාගේ උපන් දිනය... ඉතින් උදේ ඉන්න ගමන් අයි⁣යාගේ ලියපු පොත් ගැන කතා කළා මේ‍ වනවිට සිනමා, ජනමාධ්‍ය, නාට්‍ය විචාර, සාහිත්‍යය විචාර, කෙටිකතා, දේශපාලන, පරිවර්තන ඇතුළු පොත් 50කට අධික සංඛ්‍යාවක් කියවන්නන්ට මේ‍ වනවිට මුදාහැරල. තිලා නාහෙට නාහපු කාලේ තමයි ගුණසිරි අයියාගේ නාහෙට නාහාපු කාලේ පොත කියෙව්වෙ. තිස් පස් වසරක සිනමා විචාර භූමිකාව, කෙරුම්කාරයන්ගේ ලෝකය, පිහාටු පෑන කියෙව්වෙ. ඊට පස්සෙ ඉතින් ඔහුව ඇසුරු කරන්න ලැබුණනේ. එතකොට ඒවායේ නොතෙරුණු තැන් කතා කළා... තාරකා මේ‍ඝයෙන් ඔබ්බට ඉදිරියේදි කියවීමට නියමිතයි (ගුණසිරි අයියාගේ උපන් දිනය වෙනුවෙන් පොත් පරිත්‍යාග කළා කියවන සරණගතයන්ට තිලාටත් ලැබුණා) ඔබට සුබ උපන් දිනයක්...

අද හවුස් ඔෆ් මයි ෆාදර්ස් නැරඹූවා... නම එහෙම වුණාට සිංහල-දමිළ චිත්‍රපටයක්.. හවස සුපුරුදු වචන හුවමාරුවක් තිබුණා තල් ගොට්ටෙන් සුප් බිබී......

අද සැප්තැම්බර් 09 සඳුදාය...

අද උදේම අරංචි වුණා අපේ සරසවියේ යතේජාට පුංචි කොලු පැටියෙක් ලැබිලා ...

අපිට යාපනයේ මිනිස්සු කියන්න ඇත්තෙ බයිස්කෝප් සරණාගතයෝ කියල... ඇයි කොයි වෙලාවෙ බැලුවත් යාපනයේ මැජෙස්ටික් සිටි එක ළඟ සහ යාපනය සරසවිය ළඟ. දවසට චිත්‍රපටි 3 සහ 4 ළඟදීම අපිට සතියකට වැඩිම චිත්‍රපට නරඹන්නාට හිමි සම්මානය ලැබෙන්නත් ඉඩ තියෙනවා.... උදේ සුමිත්‍රා රාහුබද්ධ රචිත නවකතාවක් අසුරෙන් කෙරුණු කන්දක් සේමා ඉතින් සිංහල චිත්‍රපටයක් නැරඹූවා නිරෝෂා දිගටම රඟපාන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ. කතාකරල අහන්න ඕන. රුවන් අයියාත් (ප්‍රවීණ සිනමා කැමරා ශිල්පි රුවන් කොස්තා) කැමරාවෙන් දාන වෙට්‍ටු -සෙල්ලම්‍ කියල වැඩක් නෑ...

අද අපේ රෑනට තව දෙන්නෙක් එකතු වුණා රමේ‍ෂ් උවයිස් සහ සමන්ත යහම්‍පත්....

අද යාපනයේ ජාත්‍යන්තර සිනමා සම්මාන රාත්‍රිය අපේ මාධ්‍ය කොල්ලො කීප දෙනෙකුටත් සම්මාන ලැබුණා... ඒ සිනමාව වෙනුවෙන් මාධ්‍ය හරඹයට... සරසවියේ කර්තෘ අරුණ ගුණරත්න, ඩේලි මිරර් නියෝජ්‍ය කර්තෘ රමේ‍ෂ් උවයිස්, ලංකාදීප විශේෂාංග කර්තෘ සමන්ත යහම්‍පත්, ඇතුළු තවත් මාධ්‍ය සගයන් ⁣කිහිප දෙනෙකුට... කොහොමද කොළඹදී තුන්දෙනා වෙන වෙනම සමරන කොට දැන්ම ඩය-රිය දින වෙන් කරල තියාගන්න ඕන...

අනෝම අක්කාටත් අපේ සිනමාව ජාත්‍යන්තරය හා සම්බන්ධ කරන්න දරන මෙහෙයුමට රසිකයෙක් විදියට තිලාගෙන් සැලියුට්.... සම්මාන උලෙළේ වැඩි විස්තර මෙවර සරසවියේ පිටු අතර..

අද සැප්තැම්බර් 10 අඟහරුවාදාය ...

අද තමයි බයිස්කෝප් සරණාගත කොල්ලො ටික යාපනය පුරා ඇවිදලා කොළඹ අඩුවට තියෙන බඩු වැඩි ගාණක් දීලා යාපනයෙන් ගත්තේ සහජීවනය වෙනුවෙන්. එන්න පිටත් වෙලා හොටලයේ (උඉ) උදේට සංග්‍රහ සඳහා ඉන්න යාපනයේ නංගිලාට (තංගච්‍චි) බොහොම ශෝක බරිතව. ඒ අයගේ ඇස්වල කදුළු ...

සරසවියට සම්මාන වැස්සක් වගේ අද නුවන් නයනජිත් කුමාරටත් සම්මානයක්....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.