තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
සැප්තැම්බර් 19, 2019

අද සැප්තැම්බර් 11 බදාදාය....

අපේ කට්ටිය යාපනයේ සිට එන දවසේ රෑ තිලාට මාර අකරතැබ්බයකට මූණ දෙන්න සිදුවුණා... ඒ හැමෝම සාමකාමීව එකම වැඩේට මඟදී අපි අඳුරු පෙදෙසක වාහනයෙන් බැස්ස වේලාවෙ ගහට පොත්ත වගේ බද්ද වෙලා තිබුණු ⁣තිලාගේ ෆෝන් රාජයා වැටිලා කිලෝමීටර් 5ක් පමණ දුරක් ඇවිත් අඩුව දැනිලා නැවත හොයාගෙන යනකොට එතැනම තණකොළ අස්සෙ තිබුණා....

සිද්ධියේ පසුකතා

නිළියන්ගෙ - කෙල්ලන්ට අංකවලට උඹ වගේ කතා කරලද දන්නෙ නෑ.....

ඕකේ තියෙන පොටෝස් බැලුවොත් අනිවාර්යයෙන් පොලිසියේ....

ස්පාවල නම්‍බර්ස් තිබුණ ද....

ගත්ත එකාට පපුවෙ අමාරුව හැදෙනවා ඕකේ තියන නිළි⁣යන්ගේ පින්තූර දැකලා...

අර අසභ්‍ය වීඩියෝවලට ලොක් එකක් දාලද තිබුණෙ

මචං වයිෆ්ට හොරෙන් චැට්‍ කරපුවාත් මාට්‍ටු වෙනවා තිලාට කියපුවා සිහියට ආවෙ ෆෝන් එක අතට ගත්තට පස්සේ

නෑ නෑ නෑ තිලා ෆෝන් එක ලොක් කරල තිබුණේ....

කියපු ඉතිරිවා ලියන්නත් බෑ...

අද සැප්තැම්බර් 12 බ්‍රහස්පතින්දාය...

ප්‍රවීණ පුවත්පත් කලාවේදීන් හා ජායාරූප ශිල්පීන් අතර ඉතා ජනප්‍රිය සුන්දර ජායාරූප ශිල්පි⁣යෙක් හිටියා නිමල් පිටිපන කියල...

ඔහු අප අතරින් වෙන්වෙලා වසර 3 ක්... ඒත් ඔහු⁣ගේ ගතිපැවතුම්, කරපු සුන්දර වැඩ, ජොලි කතා තාමත් අපි මෙනහි කර කර හිනා වෙනවා... දවසක් අපි ගාල්ලේ වැඩකට ගිහින් වෙරළ පාරේ ඉන්න අතරේ නිමල් අයියා ළඟට ආවා සාස්තර කියන ගැහැනු කිහිපදෙනෙක්...

මත්තියාගේ මූණ හරි පින්වන්ත වුණාට ඒවගේම හොස්ස ළඟින් මැස්ස යන්න බෑ.....

හෝව්‍ හෝව්‍ ....

නිමල් අයියා අර ගැහැනු තුන්දෙනාටම අත බලලා සාස්තර කියල.. සල්ලිත් දුන්නා. ඒ වගේම රටේ හිටපු ප්‍රබල දේශපාලන චරිත බලයට ගේන්න තිරය පිටුපස හිටපු චරිතයක්... කතා නම්‍ තව ගොඩයි.... නැවතත් ඉදිරියේදී ඔබට ඩය-රියභනඤචබඥ ඔබ වෙනුවෙන්.

නිමල් අයියගේ පුතා ෂම්මි රොෂාන් රේණුක පෙරේරා පිටිපන අපේ ජායාරූප ශිල්පි සගයෙක්... එයා නම්‍ ඉතින් අහිංසකයි... ප්‍රියංකරයි... රටක් වටියි....⁣

අද සැප්තැම්බර් 13 සිකුරාදාය...

අද පෝය නිසා සුපුරුදු විදියට දැහැමෙන් සෙමින් සිටියා...

හවස අපේ නුවන් මහේෂ්ට මාර වැඩක් වෙලා....

නුවනුත් චිත්‍රපට පිස්සනේ.... ඉතින් උදේ අරුණගෙන් අහල අයියේ ජය ශ්‍රි ඇමතිතුමා බලන්න යනවද... මම නම්‍ හවස යනවා...

උඹ පලයන්... අරුණත් ගාණක් නැතුව කියලා...

ඉතින් නුවන් ජැන්ඩියට ඇදගෙන අයි.ඩී.එච්‍ පැත්තෙ ඉදලා බස් තුනක ඇවිත් කිලෝමීටර් ගාණක් ගෙවාගෙන මංගල දර්ශනය බලන්න ඇවිල්ලා..... බලනකොට රීගල් එක වහලා.... ඒ පාර අරුණ අයියාට කෝල් එකක් දෙනවා...

අරුණ අයියේ රීගල් වහලනේ...

ඔව්....‍ ඉතින් අද පෝයනේ......

පෝයට පික්චර් නෑ කියලා නුවන්ට මතක් වුණේ දැන්...

අද සැප්තැම්බර් 14 සෙනසුරාදාය ....

අද ඉතින් දවසේම වැඩ උදේ යන්න වුණා මායියගේ ළඟම ඥාතියෙක්ගෙ උත්සවයකට කුරුණෑගල... ඒකට මායියාගේ නගයි නගාගේ සැමියයි....

මායියගේ නංගිගේ සැමිය තාරා ඇන්ඩ් ලොකු මල්ලිනෙ (තාරක මඩවිටවිතානගේ)... පොරටත් පසුගිය දවසක සම්මානයක් (මාස්කෝ මාධ්‍ය සම්මානය) ලැබුණා.... ඒ ගැන කතා කර කර ගියා කුරුණෑගල.... පොර මාර ජනප්‍රියයි.... ඒ උත්සවයේ හිටිය ගෑනු ළමයින්ට තාරාගෙයි ලොකුමල්ලි ගෙයි දෙබස් කියන්න වුණා. ඒකට තිලාට හරියට ගළපගෙන වචන 3ක් කතා කරන්න බෑ...

වාහනය පදවාගෙන ගිය දමිත්ටත් බෙල්ලේ අමාරුවක් සයිඩ්‍ කන්නාඩි බලන්නෙත් අපි....

අද සැප්තැම්බර් 15 ⁣ඉරිදාය.....

ඊයෙ ඉතින් වැඩ වැඩිම දවසක් වුණා. රෑ චින්තකයි, තිලායි, මායියයි ගියා අපේ සමන්ගෙ (ජායාරූප ශිල්පී සමන් මෙන්ඩිස්) දෝණියැන්දගෙ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්න. සමන්ගේ දෝණි ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ මිනිබිරිය... ඒ නිසා අපේ ප්‍රවීණ ජායාරූප ශිල්පීන්, කලාකරුවන් සහභාගී වි සිටියා කාලෙකින්.... වැඩේ තිබුණෙත් සුන්දර තැනක... කාලෙකින් අපි එකට එකතුවුණ හන්දියක් බවට පත්වුණා...

ඒත් ඉතින් අපේ එකා ළඟදිම සීයා කෙනෙක්...

ඇයි බන් වෙලාසන මායියෙක් ඕන වුණේ...

අද සැප්තැම්බර් 16 සඳුදාය....

අද වැස්සෙම වැඩට ආවා.. දැන් තිලා සඳුදා වැඩ... වැස්සට අහුවෙලා බොරැල්ලෙ ඉන්නකොට යාළුවෙක් හමුවුණා නම මතකත් නෑ මාත් අඩො කියලම කතා කලා...

අඩො අලුත් ටෙලියක් පටන් අරන් ඩෝ අඩෝ උඹ බැලුවද

නෑ ඩෝ තිලා⁣ට තාම අඩෝ බලන්න බැරිවුණා ඩෝ

අඩෝ කියල වැඩක් නෑ ඩෝ අඩෝ බලපන් ඩෝ

ආඩෝ දසුනයයි, කලණයි, සමනලියයි දෙනවා මාර ඇක්ටිං පාරක් ඩෝ

අඩෝ දැන් අඩෝ ගොඩක් ගිහින් ඩෝ

හරි ⁣ඩෝ මම ඩවුන්ලෝඩ්‍ කරල අඩෝ බලන්නම් ඩෝ

කවුද ඩෝ අඩෝ ඩිරෙක් කළේ

අඩෝ උඹ ඒක දන්නෙත් නැද්ද ඩෝ

සුපුන් රත්නායක ඩෝ අඩෝ කළේ

ස්ක්‍රිප්ට් එකත් සුපුන්ගෙ ඩෝ ....

ආයේ හමුවුණාම කියනවා

අ⁣ඩෝ තිලා අඩෝ මුල් ටික බැලුව ඩෝ

අඩෝ අවසානේ කොහොමද දන්නෙ නෑ ඩෝ

අඩෝ මරු ඩෝ

......අඩෝ........

අඩෝ... හැබැයි අනිත් නාට්ටිත් බලපන් ඩෝ.....

අද සැප්තැම්බර් 17 අඟහරුවාදාය ....

වැස්ස දවස් නිසා බස් එකේ එනකොට තිලාට වැස්ස ගැන ලියවුණු - ඇසුණු ගීත ටිකක් මතක් වුණා

මහ වැස්සක පෙර නිමිති පෙනෙණවා...

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්...

හතර වටින් කළුකරගෙන වහින වෙලාවේ...

මොරසූරන මහ වරුසාවෙ...

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...

වැහි වැහැලා මුතුමල් තුරුමත රැඳිලා...

වැස්ස නුඹ හැඩයි මා හිමි හිමින් තෙමන්න...

බිංදු බිංදු මල් වැස්සෙ තෙමෙන්නට එපා...

හිරි පොද වැස්ස වගේයා...

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ...

වැහි පබළු සැළි...

තවත් තියෙනවා ඩය-රියupdate ඉඩමදි....

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.