තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ඔක්තෝබර් 3, 2019

අද සැප්තැම්බර් 25 බදාදාය.......

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ජීවිත රංගයෙන් සමුගෙන වසර 15 ක්....

ඒ නොමියන මිනිසා ගැන බොහෝ දේවල් දැන සිටියත් ඔහු රංගනයෙන් දායක වු චිත්‍රපට එකින් එක පිළිවෙළ ලියා තබන්නට තිලා හිතුවා... එයට ගුණසිරි අයියාගෙ ⁣(ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා) තාරකා මේ‍ඝයෙන් ඔබ්බට ග්‍රන්ථයත් උපකාරි කරගත්ත......... (1) රේඛාව 1956,

(2) දෛවයෝගය 1959, (3) සංදේශය 1960, (4) පිරිමියෙක් නිසා 1960, (5) දස්කොන් 1962, (6) රන්මුතු දූව 1962 (7) අදට වැඩිය හෙට හොඳයි1963 (8) ගම්පෙරළිය 1963 (8) ගැටවරයෝ 1964 (10) ධීවරයෝ 1964 (11) සුදෝ සුදු 1965 (12) චන්ඩියා 1965 (13) යටගිය දවස 1965 (14) ආදරයයි කරුණාවයි 1965 (15) සත පනහ 1965 (16) සැනසුම කොතැනද 1965 (17) සීතල වතුර 1966 (18) සීගිරි කාශ්‍යප 1966 (19) පරසතුමල් 1966 (20) ඔබ දුටු දා 1966 (21) සැනසිලි සුවය 1966 (22) සොරුන්ගෙත් සොරු 1967 (23) ඉපදුනේ ඇයි 1967 (24) රෑන ගිරව්‍ 1967 (25) ඔක්කොම හරි 1967 (26) සූර චෞරයා 1967 (27) දෙහදක දුක 1968 (28) ඔබ නැතිනම් 1969 (29) බඩුත් එක්ක හොරු 1969 (30) මී මැස්සෝ 1969 (31) සූරයන්ගෙත් සූරයා 1969 (32) පාරා වළලු 1969 (33) ආත්ම පූජා 1970 (34) ඔහොම හොඳද 1970 (35) හතරදෙනාම සූරයෝ 1971 (36) වැලිකතර 1971 (37 නිධානය 1972 (38) සහනය 1972 (39) එදත් සූරයා අදත් සූරයා 1972 (40) ආදරේ හිතෙනවා දැක්කම 1972 (41) මිරිඟුව 1972 (42) සදහටම ඔබ මගේ 1972 (43) හොඳම වෙලාව 1973 (44) හොඳයි නරකයි 1973 (45) හොඳට හොඳයි 1973 (46) කස්තුරි සුවඳ 1973 (47) ඔන්න බබෝ බිල්ලෝ එනව 1974 (48) සැනකෙළිය 1974 (49) හිත හොද මිනිහෙක් 1975 (50) රත්තරං අම්මා 1975

අද සැප්තැම්බර් 26 බ්‍රහස්පතින්දාය......

සිංහල බයිස්කෝප් ගොඩ්‍ ෆාදර් වෙනුවෙන් ඩය-රියupdate එකේ තවත් දවසක් - පිටුවක් වෙන්කෙරුවා

(51) ආවා සොයා ආදරේ 1975 (52) සිරිල් මල්ලි 1975 (53) සූරයා සූරයාමයි 1975 (54) රජගෙදර පරවියො 1975 (55) නයනා 1976 (56) කවුද රජා 1976 (57) හුලවාලි 1976 (58) නිල්ල සොයා 1976 (59) දෙවියනි ඔබ කොහිද 1977 (60) චිං චිං නෝනා 1977 (61) චන්ඩි පුතා 1977 (62) යකඩයා 1977 (63) චන්ඩි ශ්‍යාමා 1978 (64) ආශා දැසින් 1978 (65) හිත මිතුර 1978 (66) අප්සරා 1978 (67) සීතා දේවි 1978 (68) මිනිසුන් අතර මිනිහෙක් 1979 (69) සරුංගලේ 1979 (70) අමල් බිසෝ 1979 (71) මල් කැකුළු 1980 (72) උතුමාණෙනි 1980 (73) සංඛපාලි 1980 (74) මයුරිගේ කතාව 1980 (75) තවලම 1981 (76) සාගරයක් මැද 1981 (77) රිදී තැල්ල 1981 (78) බාඳුරා මල් 1981 (79) චංචල රේඛා 1981 (80) සක්විති සුවය 1982 (81) හලෝ ශ්‍යමා 1982 (82) මිස් මල්ලිකා 1982 (83) යුගාන්තය 1985 (84) යළි හමුවෙන්නයි 1986 (85) කොටිවලිගය 1986 (86) පූජා 1986 (87) සත්‍යග්‍රහණය 1987 (88) උතුර දකුණ 1991 (89) සාජන්ට් නල්ලතම්බි 1993 (90)නොමියන මිනිසුන් 1994 (91) පවන රළුවිය 1994 (92) ශක්ති 1994 (93) දෙමෝදර පාලම 1995 (94) ලොකුදුව 1996 (95) අපායේ තප්පර 84000 1997 (96) අන්තිම රැය 1998...... මේ‍ වෙනුවෙන් ජීවිතයේ කෙතරම්‍ කැපකිරීමක් කරන්න ඇද්ද......

....නව පරපුරට විශේෂයි....

අද සැප්තැම්බර් 27 සිකුරාදාය...⁣....

අද නිතර ඇහෙන්නේ නැති සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක් බස් එකේදී ඇහුණා....

පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ 
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ 
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ 
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු 
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු 
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ 
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා 
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා 
ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා 
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩ කඩිති වැව් තාවලු ......

එය මහින්ද චන්ද්‍රසේකර රචනා කරල තිබුණෙ අත්දැකීමක් අසුරෙන් කියල තිලා අසා තිබුණා..

ඒත් අද ගුරුවරු දින දෙකක් පමණ පාසල් වහලා වර්ජනයක නිරත වෙලා....

වර්ජනය කරපු දුම්රිය සේවකයෝ ගුරුවරුන්ට බනිනවා ළමයින්ට ඉස්කොලෙ නෑ කියල....

ගුරුවරු බනිනවා කෝච්චි වර්ජනය නිසා ගමනක් යන්න නෑ කියල...

අද සැප්තැම්බර් 28 සෙනසුරාදාය ....

පියෙකුට ලබන්න පුළුවන් උපරිම සතුට ලබන්න සහ පුතෙකුට ආඩම්‍බර වෙන්නත් පසුගිය දවසක පියෙක් සහ පුතෙක් වාසනාවන්ත වුණා.

ඒ තාත්තා උදිත දන්වත්ත හා කවීෂ දන්වත්ත පුතුය.

ඔහුන් දෙදෙනා පසුගියදා එකම ගුවන් යානයක ප්‍රධාන නියමු හා සහයක නියමු ලෙස ගුවන් යානය පදවගෙන මවුරටට පැමිණි ඉතිහාසගත ගුවන් ගමනට දෙදෙනා වාසනාවන්ත වුවා....

ඔබ දෙදෙනාටම සැලියුට්‍ ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ රැන්දුවාට......

අද සැප්තැම්බර් 29 ඉරිදාය......

පොත් පොත් පොත්...

බුක් ෆෙයාර්, බුක් ෆෙයර් බුක ෆෙයාර්

විලි ලැජ්ජාවෙ බෑ මිනිස්සු දැනගත්තොත් එක පොතක් ගන්න බැරිවුණා....ඉස්සර නම්‍ තිලාට පොත් ගන්න ගාණක් ලැබුණා දැන් ඒකත් නෑ.....ඉහි.. ඉහි.. කියවීම මිනිසා සම්‍පූර්ණ කරයි.......ඉහි

අද ඔක්තෝබර් 30 සඳුදාය.......

අද අපේ ප්‍රසාද් (ප්‍රසාද් සමරතුංග) ⁣උදේ ඉඳන් අවුලෙන් හිනාවුණත් කතාකළත් අවුලක් තියෙනවා කියල තේරුණ නිසා තිලා ඇහුව මොකද මල්ලි ඔයා

"අද ටිකක් වෙනස් "

"නෑ අයියේ මාර අවුලක් මායියා අලුතෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන... දැන් ඉතින් අන්දයගේ බූදලේ වගේ පාචිච්චි කරයිද දන්නෙ නෑ .."

" ටිකක් හරි සහනයක් දැනෙන්නෙ පනස්දහෙන් ඉවරයි අන්ලිමිටඩ් වුනානම්‍ මං ඉවරයි අයියෙ...."

ඒකනේ ඕනෑම කනගාටු දෙයක සතුටු පැත්තකුත් තියෙනවා කියල කියන්නෙ...

අද ඔක්තෝබර් 01 අඟහරුවාදාය ......

අද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද ඉතින් අපේ කට්ටිය මායිය ඉදිරියේ ළමා දිනය සැමරුව ඇයි හැමෝම මායියලා ළඟ චුටි බබාල වගේනෙ ඉන්නෙ ....

ළමයින්ට නම්‍ වැඩිහිටි දිනය ගාණක් නෑ... උන් හිතන්නෙ වැඩිහිටි කියන්නෙ “හිටිය වැඩියි කියන එක කියල”...

ඉස්සර වැඩිහිටි දිනය සැමරුවා මහරගම යූත් එකේ...

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.