ජයතු ගැන වගතුග ටිකක්

ඔක්තෝබර් 3, 2019

නළු නිළියන් ඔබ වඩාත් හඳුනන්නේ ඔවුන් රඟපාන චරිතවලිනි. ඇතැම් විට ඒ අයගේ සැබෑ නම නොදන්නා නමුදු චරිත නමින් ක්ෂණයකින් ඔවුන් ඔබ හඳුනා ගනියි. මහේන්ද්‍ර සමන් කුමාර ද එවැනි අයෙකි. කෝපි කඩේ ටෙලි සිතුවමේ ජයතු ලෙසට ඉතා දිගු කලක් ඔහු ටෙලි නාට්‍ය ලෝලී ඔබ පිනවීය. කෑගලු පුරවරයෙන් රංගනයට පිවිසි මහේන්ද්‍ර රංගනයේ නියැළෙන්නේ රැකියාවක් කරන ගමන්ය. වරාය අධිකාරියේ ඔහු සේවය කරනු ලබයි. ඊට මුල් තැන දෙමින් රඟපාන මහේන්ද්‍ර චිත්‍රපට රැසක මේ වන විට චරිත රඟපා තිබේ. ඇහැළේපොළ කුමාරිහාමි, අප්පට සිරි, දෙමෝදර පාලම 2, ආදරේට ආදරෙන්, ගින්දරී 3, එදත් දිනුම් අදත් දිනුම්, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් ඒ අතරින් කිහිපයකි. සකුගේ කතාව, සිඳු, මිතු වැනි නාට්‍ය හරහා ද මහේන්ද්‍ර ඔබ හමුවට ආවේය. වේදිකා නිර්මාණවලට දායකවීමට ද ඔහු අමතක නොකළේය. ජයසේකර අපොන්සුගේ කිරා සහ රාජු යන නාට්‍යවලට මහේන්ද්‍ර රංගනයෙන් දායක විය. මේ කටයුතුවලට අමතරව මහේන්ද්‍ර සංගීත ප්‍රසංග සංවිධායකවරයකු ලෙස ද ක්‍රියාකාරීව සිටියි. ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කෑගල්ල බටුවත්ත සහ දේවාලේගම වළගම මහ විද්‍යාලවලිනි. මෙතෙක් පැමිණි ගමනට බෙහෙවින් උදවු කළ පිරිස අතර සිටින ඩොනල්ඩ් ජයන්ත, චතුර පෙරේරා, විල්සන් කරු, ටෙඩී විද්‍යාලංකාර යන අය මහේන්ද්‍ර ආදරයෙන් මතක් කොට සිටියේය.

0718885335 මේ මහේන්ද්‍රගේ දුරකථන අංකයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.