අග්නිපාත් නිසා හැදුණු අලුත් වීඩියෝවක්

- චතුර දිසානායක
ඔක්තෝබර් 3, 2019

“ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වන අග්නිපාත් සඳහා අන්තර් ගතවනවා අභී කියලා ගීතයක්. මං ඒකෙ කවර් වර්ෂන් එක ගැයුවා. අයියා සහ නංගි කෙනෙක් අතර ඇතිවන සහෝදර බැඳීම අන්තර්ගත වූ අනුුවේදනීය අන්දමින් ඉරණම විසඳෙන කතාවක් තමයි ඊට ඇතුළත් වෙන්නේ.”

දෙරණ ඩ්‍රීම්ස්ටාර් පස්වැනි අදියර හරහා ඔබ වඩාත් හඳුනාගත් ඔහු චතුර දිසානායක. චතුර ගායනයට අමතරව පද රචනයට සංගීත අධ්‍යක්ෂණය සහ රංගනයට ද දස්කම් ඇත්තෙක්. ඔහු නිකුත් කොට තිබෙනවා බොහොම අපූරු මියුසික් වීඩියෝවක්. ඒ පිළිබඳ මෙන්ම චතුරගේ කලා ජීවිතය ගැන ඔහු දැක් වූ අදහස් කිහිපයකි මේ.

සිරස නාළිකාවේ රියැලිටි ෂෝ එකකින් තමයි මං මුලින්ම ගායකයකු හැටියට එළියට ආවේ. ඒක කළේ ප්‍රදීප් මහේෂ් ලියනගේ. ඊට පස්සේ ඩ්‍රීම්ස්ටාර් සීසන් ෆයිව් එකට එකතු වුණා. මං ඒකෙ අන්තිම හතළිස් අටට ආවා. ඊට පස්සේ දිගටම සංගීත වැඩ කටයුතුවලට යොමු වුණා. ගීත දොළහක් විතර ගැයුවා. වඩාත් ජනප්‍රිය වුණේ ආදරෙන් අපි ළං වෙලා සහ හිනැහෙන්න ළඟ ඉන්න ගීත. නිරුක්ෂාන් ඒකනායකගේ මඟ පෙන්වීම මත තමයි මං රංගනයට එන්නේ. දෙවැනි ඉනිමේ ජිලා තමයි මං රඟපෑ පළමු චරිතය. රෑනගල වලව්ව, නෝ පාර්කිං, සුසුමක ඉම වගේ නාට්‍යවලත් ගාඩි, ගෙම් සෙල්ලම වාගේ චිත්‍රපටවලටත් මං රංගනයෙන් දායක වුණා. මං මේ වන විට වෙනත් අයට ගීත හැට පහක් විතර කරලා තියෙනවා. පද රචනය වගේම සංගීතවත් කරපු ඒ ගීත වරින් වර ප්‍රචාරය වෙද්දි මට දැනෙන්නෙ ලොකු සතුටක්. අනිත් හැමෝම ගායකයො සිංහල සින්දුවලට විෂුවල් කරද්දි මට වෙනසක් කරන්න හිතුණා. මං හින්දි සින්දුවකටයි විෂුවල් එක කළේ. ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වන අග්නිපාත් සඳහා අන්තර් ගතවනවා අභී කියලා ගීතයක්. මං ඒකෙ කවර් වර්ෂන් එක ගැයුවා. මා මිත්‍ර නිරුක්ෂාන් තමයි මට විෂුවල් එක කරලා දුන්නේ. අයියා සහ නංගි කෙනෙක් අතර ඇතිවන සහෝදර බැඳීම අන්තර්ගත වූ අනුුවේදනීය අන්දමින් ඉරණම විසඳෙන කතාවක් තමයි ඊට ඇතුළත් වෙන්නේ. නිරුක්ෂාන්, දිල්හානි වීරසිංහ, දයා පිටකොටුව වගේ අය එහි රඟපැවා. ගීතයේ ෂූට් එකට පිටකොටුව වීදියක්ම මට හිස් කරලා දුන්නා.

ඒ වෙනුවෙන් මහන්සි වුණේ දයා අයියා. ඔහු තමන් අතින් මුදල වියදම් කොට තමයි ඒ වැඩ කළේ. ගීතයට අනුව නිරුක්ෂාන්ගේ චරිතයට අනුව ඔහුට මුට්ට කර ගහන්න වෙනවා. ඇත්තටම ඔහුට මුට්ට කර ගහන්න සිදු වුණා. මේ වන විට ගීතයට ලොකු කමෙන්ට් එනවා. අන්තර්ජාලය තුළ අභී කවර් වර්ෂන් කියලා ටයිප් කරපුවාම ගීතය රස විඳින්න පුළුවන්. මේ වෙලාවේ මට නිතරම උදවු කරන දෙරණ ලක්සිරි සර් ඇතුළුපිරිසව මතක් කරනවා. මගේ ගම වරකපොළ. මා අධ්‍යාපනය හැදෑරූ කෑගල්ල ශාන්ත මරියා විදුහලත් මතක් කරන්න කැමැතියි.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.