තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
ඔක්තෝබර් 10, 2019

අද ඔක්තෝබර් 02 බදාදාය....

අතීතයේ ආදරණීයන් වෙනුවෙන් ලියැවුණු - ගායනා කෙරුණු ගීත අපමණයි. එක් එක් රචකයන් එක් එක් ආකාරයෙන් ඔවුන්ගේ ආදරය විදිනවා - දකිනවා...

ඉතින් තිලාට හිතුණා දස්කොන් ප්‍රමිලාගේ ආදරය ඔවුන් දුටු ආකාරය ලියවුණු - ගැයුණු ගීත ටිකක් ලියා තබන්න....

දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොයෙනා ගමනකි යන්නෙ...

(ආචාර්ය පණ්ඩිත් අමරදේව - විශාරද නීලා වික්‍රමසිංහ)

සක්මන් කරන මලුවෙ පාළුයි දේවී

(කරුණාරත්න දිවුල්ගනේ - සමිතා එරන්දතී)

සක්මන් මළුවේදී බැඳී හාද දස්කොන් අද අමතක වේද

(සුසිල් ප්‍රේමරත්න, මල්ලිකා කහවිට)

මට දස්කොන් වෙන්නට බැහැ ප්‍රමිලාවනී (වික්ටර් රත්නායක)

ප්‍රමිලා බිසොවනි නාඩන්නේ (නන්දා මාලනී)

රැව් නැඟුණා අපේ ප්‍රේම පුරාණේ නගරේ දසතේ

ලැව් ගිණිවාගේ වැලපෙනවා අද ප්‍රමිලා දේවී දස්කොන් ...

(සුජාතා අත්තනායක)

දුහුල් සලුවක නෙතුහොවා ගෙන

වලාකුලු වැව්‍ බැම්ම පාමුල (ජානක වික්‍රමසිංහ)

මිහිරිම වසන්තය අරන් (ජානක වික්‍රමසිංහ- චාම්‍පා කල්හාරි )

රාත්‍රිය අපෙයි දස්කොන් (නිරෝෂා / සමන් ජයනාත් ජිනදාස)

දුකිනා වෙසෙනා බිසවුනි ප්‍රමිලා... (රූකාන්ත-චන්ද්‍රලේඛා)

දස්කොන් වාගේ බෙල්ල කෑපේවීදෝ..., මං බය නෑ. මං බය නෑ.....

(නිහාල් සිල්වා)

අමතක වුණ ඒවා තියෙනවා නම් තිලාට කියන්න..

අද ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දාය ......

අද විශේෂ දිනයක් වැඩි ගණනක් දීලා මධුවිත වැඩියෙන්ම පානය කරන දිනය... හැබැයි ඉතින් තමන්ගෙ වාසස්ථානවල සහ තරු හෝටල්වල ඒ දිනයට කියන්නෙ අමද්‍යප දිනය...

අද හවස තිලාට බලන්න නොහැකි වූ රෂ් චිත්‍රපටය බලන්න ගියා... එහි නිෂ්පාදක වසන්ත විජේන්ද්‍ර කාලයක සිට තිලාගේ හිතවතෙක් නිසාත් අපේ ⁣සගයෝ චිත්‍රපටය රසකර කීව නිසාත් උද්දික, සාරංග, යුරේනි, ඉසුරු රංගනය අසංකිගේ ප්‍රථම සිනමා රංගනය බැලීම ඕනකම හේතුන් මත චිත්‍රපටය බැලීමට පිස්සුවෙන් හිටියේ.....

“මරු”

ආයෙත් බලන්නම ඕනෙ කියල දැනුණා...

අසංකි රංගනය නවකයි කියල දැනුනෙම නෑ.... ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ... අසංකි රංගනය ආරම්භ කළේ අපේ දක්ෂ ටෙලිනාට්‍යය හා චිත්‍රපට නිර්මාණකරු චාමර පීරිස්ගේ “ඇසිඩ්” ටෙලි නාට්‍යයෙන්නෙ....

අද ඔක්තෝබර් 04 සිකුරාදාය......

අද උදේම ගෙදරින් පිටිත් වුණා අපේ ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා ⁣කොළඹ පිටකොටුවෙ නව සිනමාහලක් හදන්න ආරම්භ කළා... එය වසර 105කට පස්සේ කියල අපේ අරුණගේ ලිපියක සඳහන් වුණා... අතගැහුව වැඩක් හරියට කරන කෙනෙක් වශයෙන් ප්‍රචලිත බුද්ධි කීර්තිසේන ළඟදීම ඔහු විසින් අපේ මිනිසුන්ම ගිනිතබා විනාශකළ ගාමිණි නැවත ආරම්භ කිරීමටද අදිටන් කරගෙන සිටියි....

සැලොන්, ස්පා, ප්ලාස්ටික් බඩු කඩ අඩියෙන් අඩිය ඇරෙන මේ‍ රටේ සිනමාශාලා හැදෙන එක කොච්චර දෙයක්ද... හැබැයි මුදල් පසුම්බියට බර නොදැනුණොත්........

අපේ මාධ්‍ය සගයෝ පිරිසකුත් ඇවිත් හිටියා.....

අද ඔක්තෝබර් 05 සෙනසුරාදාය ....

ජීවිතාන්තය දක්වා හිරේ ගිය හිරකරුවාටත් නිදහසක් තියෙනවා.... ඒ මායියගේ කන්දොස්කිරියාවෙන් බේරිලා කනක් ඇහිලා ඉන්න පුළුවන්කම...

තිලාට නම් දවසෙන් බාගයක් හරි බේරිලා ඉන්න පුළුවන් ආයතනයට ආවම.....

ඒත් අනේ මට දුකේ බෑ අපේ ආයතනයේ ඉන්නවා කිහිප දෙනෙක් ගෙදරත් මායියා ආයතනයෙත් මායියා.

එහෙම කෙනෙක් තමයි අපේ අනිත් තිලාක් පෙරේරා... ගැලවීමක් නෑ ඔබ්සර්වර් පුවත්පතේ ඉන්නවා මායිය මංජුලා ප්‍රනාන්දු....

විගණන අංශයේ ඉඹුලාන දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදිනිය ඉන්නවා බුද්ධිකා ඉඹුලාන.....

අපේ ජායාරූප ශිල්පි රොෂාන් පිටිපන... දිනමිණ මාධ්‍යවේදිනිය ඉන්නවා චතුමි පිටිපන...

අපේ ඉන්නවා ජායාරූප ශිල්පි රුක්මල් ගමගේ ගැලවීමක් ඇත්තෙම නෑ... අපිත් එක්කම ඉන්නවා දමයන්ති ගමගේ... සරසවිය පවුලේ ජ්‍යේෂ්ඨයා චන්දන දයාසිරිවර්ධනගේ මංජුලාත් ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්නගේ ශ්‍යාමා සමරසිංහත් ලේක්හවුසියේ ඉන්නවා...

ප්‍රමෝද් ද සිල්වා, දුෂ්මන්ත මායාදුන්න බේරුණා මායියලා අස්වෙලා ගිය නිසා..

අනේ ඉතින් අනික් අය...

අද ඔක්තෝබර් 06 ඉරිදාය....

අපේ තාරකයත් මාර වැඩ කරන්නෙ (තාරක වික්‍රමසේකර - සිළුමිණ) තාරක විදේශ සංචාරයක් ගිහින් එන ගුවන් යානයේ තිබිලා මුදල් පසුම්බියක්..... බැලුවම කැනඩා ජාතිකයෙකුගේ මුදලින් ලක්ෂ 12 පමණ මුදල් හා ක්‍රෙඩිට් කාඩ්,‍ රියදුරු බලපත්‍රය තිබිලා.... ඉතින් තාරක කැනඩා කොමසාරිස් කාර්යාලයේ උපකාර ඇතිව අයිතිකරුගේ ශ්‍රී ලංකාවේ සිටින හිතවතෙකුට නැවත ලබාදීලා....

තාරකට තිලාගෙන් - අපෙන් තරු ගොඩක්........

හැබැයි තිලාගේ මුදල් පසුබිය ඇහින්දනම්‍ යෝගට්‍ එකක්වත් දෙන්නම වෙනවා...

අද ඔක්තෝබර් 07 සඳුදාය.......

තිලාගේ වටිනාකම ආයෙත් වැඩිවුණා ....

තිලාට අවුරුදු හතරේදි පහේදි අහල පහළ නැන්දලා මාමලා උම්මා දීලා "⁣චෝයි බබා" තිලාගේ මනාපය ගන්න පොරකෑවා....

පුංචි තිලා අසරණ වුණා....

තරුණ කාලේ ගැනු ළමයි තිලාව බෙදාගන්න පොරකෑවා...

තිලා අසරණ වුණා..

අදත් කියල වෙනසක් නෑ... අදත් තිස් පහක් මනාපේ ඉල්ලලා පොරකනවා....

කවුරු වුණත් තේරුම් ගන්න ඕනේ එකවර ගොඩක් මනාපේ ඉල්ලනකොට තිලා අසරණ වෙනවනේ...

අද ඔක්තෝබර් 08 අඟහරුවාදාය ...

ඉදිරි දිනවල අපට බර වචන ඇහෙන්න පුළුවන්.... සිංහල සාහිත්‍යය අ.පො.ස සා/පෙළ හා උසස් පෙළ ඉ⁣ගෙන ගන්න ළමයින්ට විශේෂයි.....

ප්‍රතිවාදීන්                    උද්ධමනය 
අවස්ථාවාදීන්                සහනාධාර 
විස්වාසණියත්වය           සංශෝධනය 
විශ්වාසභංග                  නගාසිටුවීම 
දෝෂාභියෝගය             නිෂ්ප්‍රභ 
විපරිතකරණය              වර්ජන 
භෞමික අඛණ්ඩතාවය    විෂමතා 
විඤ්ඤාණය                 යටිතල පහසුකම් 
අන්‍යෝන්‍ය                  ප්‍රතිපාදන 
සහයෝගය...               සම්‍මුතිය 
නම්‍යශීලීත්වය              සුළුතරය 
පක්ෂග්‍රාහිත්වය             බහුතරය 
උඩුයටිකුරුකරණය        සංහිඳීයාව 
ප්‍රතිමල්ලවයන්             ප්‍රතිපාදන 
විනයානුකූල

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.