ජගත් චමිල අයියා එක්ක රඟපාන්න ආසයි

ඔක්තෝබර් 10, 2019

- රනිඳු චාමර ලියනගේ

 

රනිඳු චාමර ලියනගේ නව පරපුර නියෝජනය කරන රංගන ශිල්පියෙකි. මේ වන විට දශකයකට වඩා වැඩි කාලයක් රංගන කටයුතුවල නියැළෙන ඔහු සිය කලා ජීවිතය ගැන අදහස් බෙදා ගත්තේ මේ අන්දමිනුයි.

ඔබගේ කලා ජීවිතය ආරම්භ වන්නේ?

මං රංගනයට එන්නේ ඇඟිලි සලකුණ මාලා නාටකයෙන්. ඒකේ සුසිරන් ද සිල්වා මහතාව මතක් කරන්න ඕන. ඊට පස්සෙ ඉසුරු භවන, රෝස කටු, පබා, රන්තලිය වලව්ව, මිදුම් අම්මා, කුම්භීර හෝරාව වැනි නිර්මාණ ගණනාවකම රඟපෑවා.

ඔබ රංගනයේ යෙදෙන්නේ වෘත්තියක් විදිහට ද?

ඔව්. මේක මගේ ආසාව. හැබැයි ඒක විනෝදාංශයක් කරගන්න කැමැති නැහැ. මං සල්ලි උපයන්න නෙවෙයි රංගන කටයුතුවල නියැළෙන්නේ. වෘත්තීයක් විදිහට වෘත්තීය ගරුත්වයෙන් වැඩ කරගෙන යනවා.

ඔබ මිනිස්්සු අතරට ගිය චරිතය?

පබා නාට්‍යයේ මං රඟපෑ චරිතයෙන් මාව ගොඩක් දෙනෙක් හඳුනගත්තා. මං හිතනවා ඒක තමයි ජනප්‍රිය වුණේ.

ඔබට රිසි සේ රඟපාන්න ලැබුණු චරිතය?

තවම එහෙම චරිතයක් ලැබිලා නැහැ. මං හිතනවා මගේ හැකියාවෙන් තවමත් වැඩි දෙනෙකු ප්‍රයෝජනයට ගෙන නැහැ. මට අත දිගහැරලා රඟපාන්න චරිතයක් ලැබෙනකම් ඉන්නවා. රඟපාන චරිතය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගන්නත් මං සුදානම් හාමුදුරු නමකගේ හෝ ගොළු චරිතයක් රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා.

ඔබ නිෂ්පාදනයටත් යෙමු වුණා නේද?

නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. තවම ඒවා ආවෙ නැහැ.

රඟපාන්න කැමැත්තෙන් ඉන්න නළුවෙක් ඉන්නවාද?

ජගත් චමිල අයියත් එක්ක රඟපාන්න ආසාවෙන් ඉන්නවා.

ඔබ ඉගෙන ගත්තු පාසල?

ගම්පහ බණ්ඩාරනායක.

ඔබේ ගම?

උපන් ගම ගාල්ල.

උදවු කළ පිරිස මතක් කළොත්?

අශෝක චාමින්ද වාස්. ඔහු තමයි මාව නිතර දිරිමත් කරන්නෙ. එන්කවුන්ටර් කියලා නාට්‍යයක මං රඟපෑවා. මං ඒකේ වෙනස්ම චරිතයක් කරන්නේ. එහි අධ්‍යක්ෂ චාමර පෙරේරාවත් මතක් කරන්න ඕනෑ.