තිලාගේ සරසවියේ ඩය-රියupdate...

හොරෙන් කියවලා බලන්න....
ඔක්තෝබර් 17, 2019

අද ඔක්තෝබර් 09 බදාදාය....

අද තිලා අසනීපෙන්.... ඒත් රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම සමග කතාබහක් එක්කම ජායාරූප ගන්නත් අරුණිත් මාත් යොදාගෙන තිබුණා...

ඒ අතරේ යශෝධා කියපු එක් දෙයක් නිසා තිලාත් අරුණිත් මුහුණුට මුහුණ බලාගත්තා...

රටම දන්න යශෝධා වැනි උගත්, දක්ෂ, රූමත් රංගන ශිල්පිනිය වසර 7 කින් චිත්‍රපටයක සහ වසර 5 කින් ටෙලිනාට්‍යයක රංගයෙන් දායක වෙලා නැතිලු...... තිලාටත් මතක්වුණේ ඒ මෙහොතේ....

අන්තිමට තිරගත වුයේ සමනල සංධ්වණිය...

දක්ෂ රංගන ශිල්පිනියකගේ දැනුම තරුණ පෙනුම වසර හතක් නිකම්ම⁣..........

ආහෝ දුකකි..... ඉරකි තිතකි.......

 

අද ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දාය......

තිලාට හොඳටම අසනීපයි ගෙදරට වෙලා ඉන්න ගමන් මතක්වුණා..

සිංහල සිනමාවේ සිහින කුමරා විජය කුමරතුංගයන් ජීවත්ව සිටියා නම්‍ වසර 74 ක්....

තිලා පාසල් සමයේ කිහිපවරක් විජයව දැක තිබුණා.. එක් වරක් තලවතුගොඩ ප්‍රදේශයේ දේශපාලන වේදිකාවක් ඇමතීමට එන බව ආරංචියට තිලා කොට කලිසමක් ඇඳගෙන ගියා විජය කුමරතුංගයන් පියවි ඇසින් බලන්න...

ඔහුගේ අවසන් කටයුතු කළ දවසේ තිලා ආධුනික ජායාරූප ශිල්පියෙක්... ඒත් තිලා අමරුවෙන් මුදල් හොයාගෙන සේයා පටයක් (ෆිල්ම් රෝලක්) කචඵඩඪජච කැමරාවක් අරගෙන නිදහස් චතුරස්‍රයට යනකම් ජායාරූප ගත්තා...

තිලාට මතකයි ඔහුගේ වැඩිම ජායාරූප ප්‍රමාණයක් අරගත්ත ජායාරූප ශිල්පි අතුල මහවලගේ එදා ⁣කනගාටුවෙන් සිටි හැටි... සෑම නළු නිළියකගේම නෙත් තෙත් වුණු හැටි

ගාමිණි ⁣ෆොන්සේකයන් හා මහාචාර්ය කාලෝ ෆොන්සේකයන් කතා කළ හැටි මග දිගට රසික රසිකයන් අඬපු හැටි......

හෙලිකොප්ටරයකින් කිහිප වතාවක් මල් දාපු හැටි අදටත් මතකයි.......

ඒ අඩුව අදටත් සිනමාවට පසුගිය කාලයේ හොඳටම දැනුණා.....

අද පිටුව ඉඩ මදි නිසා කුමාරතුංගයන් රංගයෙන් දායක වු චිත්‍රපට හා ගීත ඇතුළත් පිටුවක් ඉදිරියේදි ලිවිය යුතුයි......

 

අද ඔක්තෝබර් 11 සිකුරාදාය.........

අපේ චින්තකය ඉන්නාවනේ (චින්තක බාලසුරිය) පොරත් මධ්‍ය කරණයේ චින්තන ජයසේන සුන්දරයාගේ කාලේ ඉඳල කට්‍ට කාපු චරිතයක්...

ඉතින් චින්තකය ගැනත් මාගලක් වගේ දිග කතා තියෙනවා....

අතීතයේ දවසක චින්තකයා මායියාව කසාද බැන්ද දවසේ කුරුලු ජෝඩුව වගේ කීචි බීච් ගාගා ඉන්න කොට මායිය ආදරෙන් මුණදිහා බලාගෙන කිව්වාලු

"අද ඉදල මගෙ අහසත් ඔබයි, සඳත් ඔබයි තරුත් ඔබයි සිතිජයත් ඔබයි..." සුන්දර වචනෙන් හැගුම්බරව කියල ...

කලබල වුණ චින්තකයත්

"ඔයා අවංකව කිව්‍ව එක හොඳයි මාත් ඔයාට කියන්නම කියල හිටියේ..."

මාත් අවංක වෙන්න එපැයි...

අද ඉදල මගේ ශ්‍යමලිත් ඔබයි, ප්‍රියන්කත් ඔබයි, සඳුනිත් ඔබයි, දම්‍මිත් ඔබයි........

හොරාට ඉස්සෙල්ල කෙහෙල්කැන පැන්න...

 

අද ඔක්තෝබර් 12 සෙනසුරාදාය ......

අද කාලෙකින් එල්ෆින්ස්ටන් රඟහලට ගොඩවැදුණ මායාගේ හඬින්...

"මායා"

අහන්න - බලන්න... (විශාරද මායා දමයන්තිගේ ප්‍රසංගය) ඇය චිත්‍රපට 100 පමණ ගී ගයා ඇති බවත් වැඩිම තනු සංඛ්‍යාවක් සැපයූ සංගීත ශිල්පියා සරත් ද අල්විස් .... නිවේදක මහතා පැවසුවා....

ගීත රචනාවලින් නම්‍ වැඩිම අජන්තා රණසිංහයන් වෙන්නට ඇති.....

ඇසුණු ගීත තිලාගේ මතකෙන්, දැස වසා සිටියා, මොරසූරන වැසි හිමිදිරිය, කුරුල්ලෝ ඔබෙ තාලෙන්, කෝම්‍පිට්‍ටු ඉදීයන්, කෝ කවුදෝ, ශාන්ත මේ‍ රාත්‍රියේ, ඉද්ද මල් කතාවෙ, නංගිලාට වාසි බෝ වගේ දැන්, ඔබ සඳ කිරිණවන්න, අශෝක වනයේ සරන්නේ, මනමාලයි මනහාරයි, කොකිලයා කෙවිලිය හා පුරහඳ ලෙස ඇතුළු චිත්‍රපට ගීත ඇතුළත් වුණා...

පවුලේ පුංචි රහසකුත් එළිවුණා.... ඇගේ නැගණිය ජාත්‍යන්තර සම්මානීය සිනමා රංගන ශිල්පිනිය අනෝජා වීරසිංහ....

"මම තමයි ගායිකාවක් වන්න හිතාගෙන සිටියේ මායා අක්කා නිළියක් වෙන්න අසාවෙන් කෙසේ හෝ දෙපැත්තට මාරුවුණා...

ප්‍රසංගය සඳහා අමරසිරි පීරිස්, කිර්ති පැස්කුවෙල්, නුවන් ගුණවර්ධන, ක්ලිටස් මෙන්ඩිස්, සමන්ත පෙරෙරා, කසුන් කල්හාර, නදීක ගුරුගේ, සංඛ දිනෙත්, හස්මින් ගුණසේකර යුග ගායනයෙන් එකතුවුණා ....මවගේ ගීත අසන්න ප්‍රසංගයක් සංවිධානයට උරදුන් කුෂානී සඳරේඛාටත් තිලාගෙන් සැලියුට්‍...

 

අද ඔක්තෝබර් 13 ඉරිදාය....

අපරාදෙනෙ ඉරිදා දවස කොහොමත් නිවාඩු... පෝය සඳ තව පැය කීපයක් ඉවසනවා නම් ...

එහෙනම්‍ රජයේ හා පෞද්ගලික අංශයේ හැමෝගෙම එකම පැතුම වෙලා තිබුණ දවස...

ඇයි එකදිගට දවස් තුනක් ගෙදර...

කරන්න දෙයක් නෑ...

සොබාදහමට නොවන අවනත ලොවෙ කිසිවක් නැ...

තිලාට නම්‍ ඉතින් පෝය කියල නිවාඩු නෑ වැඩනම්‍ වැඩ......

 

අද ඔක්තෝබර් 14 සඳුදාය.....

අපිට රටෙ සොබා දහම අනුව එක එක කාල නම්‍ කරල තියෙනවා.....

වසන්ත කාලය, ගිම්හාන කාලය, හේමන්ත කාලය, වස්සාන කාලය, සිසිර කාලය...

දැන් තිලා තේරවිල්ලක් අහන්න යන්නනෙ..

ඒ අතර අවුරුදු කීපයකට පස්සෙ එන කාලය මොකක්ද ..???

උපකාර හැටියට මේ‍ දිනවල මගුල් ගෙදර, මලගෙදර , ඉලව්‍ ගෙදර, බස් එකේ, කෝච්‍චියේ, ⁣

රටේම කතා වෙන්නෙ ඒක ගැන..

ඒ වගේම ⁣හිතුවත් අය කාතා නොකර ඉන්න

අහල පහළ අය වාද විවාද වලට පැටලෙන

සහෝදර සහෝදරියො, කතා නොකර ඉන්න, එක පවුලේ දෙමව්පියන් දු දරුවන් නුරුස්නා, සැමියා හා මායියා නුරුස්නා සමහර අය වැඩිපුරම සද්දෙන් කතා කරන, මිනිසුන්ගේ සතුට දුක දවසින් දවස උස් පහත් වී වෙනස්වන...

ඒ කාලය කුමක්ද .......???

මීට වැඩිය උදව්‍ කරන්න බෑ.....

 

අද ඔක්තෝබර් 15 අඟහරුවාදාය .....

මේ දිනවල හැමෝටම ප්‍රේමකීර්ති මතක්වෙලා තිබුණා... ඒ අන්තර්ජාල මාධ්‍ය දෙදෙ⁣නෙකුගේ වචන හුවමාරුවක් නිසා.......

" පැසුණු උන් අකලට නැසුණුකල

අකලට පැසුණු උන් කටමැත දොඩනු ඇත "

ඒ වැකිය කෙතරම්‍ අදටත් ඉදිරියටත් ගැළපේද

තිලාට ඔහුගේ කතාවක් මතක තිබුණා...

දැන් අපි කුඩා දරුවෙක්ගෙන් ඇහුවොත් ලොකු වුණාම කවුද වෙන්නෙ කියල ඩොක්ටර් කෙනෙක්,

ඉන්ජිනේරුවරයෙක්, නිතීඥයෙක් වෙනව...

කවුරුත් කියන්නෙ නෑ මම කවියෙක් වෙනව ගීත රචයෙක් වෙනව පිටපත් රචකයෙක් වෙනවා.

වෙනස ......

ඉස්සර රසවිඳීන මිනිස්සු දැන් රසවිඳවනවා...

රසකාරකදාපු බිරියානි කෑවා වගේ...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.