අයියලා නංගිලා එක්වෙලා

ඔක්තෝබර් 31, 2019

අර්ජුන් කපූර් සහ ජාන්වී කපූර් කියන්නේ කවුද කියලා බොලිවුඩ් උන්මාදය තිබෙන කවුරුත් දන්නවා. ඉස්සර වගේ නෙවෙයි අද නව තාක්ෂණය නිසා අවුරුද්දක් පුරා බලාගෙන ඉන්න දීවාලි උත්සවය සමරන මොහොතේම ජනප්‍රිය පවුල්වල විශේෂ සිදුවීම් අපට දකින්න පුළුවන්. සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ නිවෙසෙත් දීවාලි සැමරුමක් ගිය ඉරිදා පැවැත්වුණේ සුපුරුදු පරිද්දෙන්. ගිය වසරේ නම් ජාන්වී සුදු සාරියකින් සැරසිලා ආවේ හරියට අම්මා ශ්‍රීදේවිගේ කපාපු පළුව වගේ. ඒත් මේ වසරේ ඇය වර්ණවත් ඇඳුමින් සැරසිලා දීවාලි සමරන්න අනිල් කපූර් බාප්පාගේ නිවෙසට ආවා. අනිල් කපූර් සිටියේ සුපුරුදු කළු කුර්තා පිජාමාවෙන්. ඒ වෙලාවේ අර්ජුන් කපූර් බොනීගේ පෙර විවාහය වූ මොනාගේ පුතා ජාන්වීගේ ඒක පාර්ශ්වික සහෝදරයාත් එහි ඇවිත් සිටියා. අර්ජුන්ගේ වගේම ජාන්වීගේ අම්මත් මේ දිවාලි උත්සවේට නැති වීම දෙදෙනාටම වේදනාවක් බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. එත් සුපුරුදු පරිදි වෙනදා වගේම පවුලේ පින්තූරයක් ගන්න කපූර් පවුල එකතු වුණා. එහෙත් ජාන්විගේ නැගණිය කුෂි කපුර්ට මේ උත්සවයට සහභාගී වෙන්න පුළුවන් වුණේ නැහැ. ඇගේ නෙතට පවුලේ සේයා රුව දැකලා කඳුළක් උපන්නේ සතුටට වගේම දුකටත් වෙන්න ඇති.

 

Add new comment