අමීර්ගේ දිරිය දියණිය

ඔක්තෝබර් 31, 2019

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන්ගේ දුව අයිරා ඛාන්. ඇය මේ දිනවල පුවත් මවන්නියක් වෙලා. ඒ ඇයගේ කුලුඳුල් නාට්‍යයේ අධ්‍යක්ෂණයට අතගසා ඇති නිසා. ඇය අනුවර්තනයක් ලෙසින් නිර්මාණය කරන්නේ යුරිපිඩීස් විසින් නිර්මාණය කරන ලද ග්‍රීක ශෝඛාන්තයක් වන මීඩියා වේදිකා නාට්‍යයයි. අනෙක් අතට ඇය දැනටමත් සමාජ මාධ්‍යවල ජනප්‍රිය තරුවක් වගේම බොලිවුඩ් තරු දරුවන් අතිරින් කෙනෙක්. මෑතකදි ඉන්දීය පිලේ හිටපු ක්‍රිකට් නායක යුවරාජ් සිං ඔහුගේ බිරිය හැසල් කීච් සමඟ ඉන්දියාවේ ලොකුම ධනවතා වන අම්බානිගේ නිවෙසට ගියේ දීවාලි සමරන්න. සිං යුවළ එකට ඉද්දි පුදුම ආදරණිය බවක් ලස්සනක් තිබුණා. හේසල් විශේෂයෙන්ම පැමිණ සිටි සියලුදෙනාගේ අවධානය දිනාගෙන මේ උත්සවයෙදි කැපී පෙනුණේ ඇය සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු දෙවඟනක් වගේ පෙනුණ නිසා. කොහොමවුණත් පසුව ඇය ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩයක සඳහන් කර තිබුණා ඒ සියලු ඇඳුම් ආයිත්තම්වලින් සැරසීමේ ගෞරවය ලැබිය යුත්තේ අමීර් ඛාන්ගේ දියණිය වගේම හේසල්ගේ මිතුරිය වන අයිරා ඛාන්ටයි කියලා. ඊ ළඟට අයිරා හේසල්ව තවත් පුදුම කරමින් ඇගේ මීඩියා නාට්‍යයේ ප්‍රධාන චරිතයට හේසල් තෝරා ගත්තා. හේසල් මීට පෙර සල්මන් ඛාන් සමඟ බොඩිගාඩ් චිත්‍රපටයේ රඟ පා තිබෙනවා. මිතුරුකමටත් වඩා ඒ හේතුව නිසයි ඇයට මේ චරිතය පිරිනමන්නේ කියලයි අයිරා තමන්ගේ සමාජමාධ්‍යවල කියා තිබුණේ. කොහොම වුණත් දණක් නමා අයිරා තම පිටපත දුන් මොහොතේ හේසල් මේ ආරාධනය ඉතා උණුසුම් අයුරින් මහා හඬින් කැමැත්ත ප්‍රකාශ කරමින් පිළිගත් අයුරුයි මේ පින්තූරයේ පෙනෙන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.