තිලාගේ සරසවියේ ඩය-රියupdate...

හොරෙන් කියවලා බලන්න....
නොවැම්බර් 7, 2019

අද ඔක්තෝබර් 29 බදාදාය .....

අපිට හිටිය දක්ෂ ජායාරූප ශිල්පියෙක් මීට වසර කීපයකට ඉහත ක්‍රිකට් තරඟයක් තියෙනකොට හිටියෙ ඉදිරියෙන්ම

හැබැයි ඩිජිටල් කැමරා (ච්.ඉ.ඹ්.) හදුනවා දෙන්න කලින් ෆිල්ම් රෝල් තියෙන කාලේ රොල් 2න් විතර තරඟයේ ජායාරූප අරන් ඉවරයි (ජායාරූප 60 හෝ 70 විතර )

ප්‍රථමයෙන්ම ක්‍රිකට් ක්‍රිඩාංගණයකට පුටුවක් අරන් යන්නෙත් ඔහු ඊට හේතුව කැමරා ස්ටැන්ඩ්‍ (ට්‍රයිපෝඩ්‍) එකට උස නැති නිසා.ඒ කාලයේ අර්ජුන, රොෂාන්,අරවින්ද, මහානාම ,මුත්තයියා මුරලිදරන් ,සනත් ජයසූරිය, ලඟින් ඇසුරු කළා

තවත් කාලයක ඔබ්සර්වර් මැගසින් එකේ මුල්පිටුව සැරසුණා පසුව ලේක් හවුස් ජායාරූප අංශයේ ප්‍රධානියා වෙලා ඉන්න අතරේ ඔස්ට්‍රේලියා රජයෙන් ඩැහැගත්ත...

ඒ තමයි ප්‍රවීණ ජායාරූප ශිල්පි නිශාන්ත සුමනදාස......

නිශා....... ඔබට සුබ උපන් දිනයක්......මචං

අද ඔක්තෝබර් 30 බ්‍රහස්පතින්දාය ......

ඊයෙ හවස ප්‍රසාද් සමග තිලා ගියා නීල පබලු ටෙලියේ ලොකේෂන් එකට එකේ නිෂ්පාදක ලලිත් වසන්ත හා නිර්මාණකරු සඳුන් රාජකරුණා කැමරා ශිල්පි දිලීප පුස්සැල්ල අපේ හිතවත්තු..

හැබැයි අපි ලොකේෂන් එකට ගියේ ඒ නිසා නෙවෙයි ඒ තිදෙනාගේ ආනුභාවයෙන් ජනප්‍රිය වු සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම රංගන ශිල්පියාට( සුමිරාන් ගුණසේකර) හා රංගන ශිල්පිනියට (නයෝමි තක්ෂිලා) හිමි සම්මානය එම නට්‍යයට ලැබුණු නිසාවෙන්.නවකයන්ට සම්මාන ලැබෙන එක....

බොහොම හොඳයි ....ඒත් සම්මානය ආභරණයක් කරගත්තොත් ගමන හබක්.... ⁣

අද ඔක්තෝබර් 31 සිකුරාදාය........

දක්ෂ රංගන ශිල්පිනියක් වීමේ හැකියාව හා හදාරා රංඟනයට පය තැබීමත් සමගම මීරිගම ප්‍රදේශයේ කුඹුරක් අස්වද්දන යෞවනියක් ගැන අසන්නට ලැබුණා ..ඇය නමින් සකුන්තලා මාල⁣දෙනිය. කොළඹ " සුදර්ශියට" (සිංහල සංස්කෘතික ආයතනය ) නාට්‍ය හා රංග කලාව හදාරා පසුව වැඩිදුර අධ්‍යපනය සඳහා ඉන්දියාවට ගොස් නාට්‍ය හා රංගන කලාව හදාරා පැමිණ වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍යය කිහිපයකට දායකවී පසුව සියලු දේ අතහැර කුඹුරක් අස්වද්දන ⁣දිරිය යෞවනියක් වෙලා..

අපට දක්ෂ රංගන ශිල්පිනියක් නැති වුවත් කොළඹට ආසන්නව කුඹුරු ශීඝ්‍රයෙන් පුරන්වී යන කාලයක ඇයගේ කැපවීමට තිලාගෙන් සැලියුට්‍ ........

අද නොවැම්බර් 01 සෙනසුරාදාය .......

අද තිලාගේ හිතවතෙක් හමුවෙන්න ආවා හිතවතාට මායියා හැමදාම කැත විදියට බණිනවලු ......

" දැන් මොනවා කියලද බනින්නේ "

" කියල වැඩක් නැ මචං

හරකා කියනවා වෙලාවකට බූරුවා කියනවා

වස්සා කියනවා ⁣වෙලාවකට බල්ලා කියනවා

අහගෙන හිටිය තිලා

"ඒ අතින් අපේ මායිය හරි වැදගත් මචං කේන්ති ගියාම බාගේට නම්‍ කියල බණින්නෙ නැ වාසගමත් එක්කම ..."

" හරියට බිල් ක්ලින්ටන්

ජොර්ජ් බුෂ්, මන්මෝහන් සිං, ෂාරුක් ඛාන් ,ඩොනල්ඩ් ට්‍රම්ප් ,මහෙන්ද්‍ර සිං මොදී, බිල් ගේට්ස් ,මයිකල් ජැක්සන් වගේ මුලට කැල්ලක් දාලා...."

පොල් බූරුවා

මී හරක

ගොන් වස්ස

හැලි වඳුර

වල් බල්ල

මැටි මෝලා

පොලොස් කොට්‍⁣ටෝරුවා

ඒ අතින් උබගේ මායියට කිසිම වැදගත් කමක් නෑ මචං.උඹේ දුක සාධාරණයි දැන් වැදගත් මායියලා හොයන්න හරි අමාරුයි මචං ....

අද නොවැම්බර් 02 ඉරිදාය..........

ආචාර්ය පන්ඩිත් අමරදේව අපේ ලෝකයේ සංගීතය රජු අප හැර ගොස් වසර තුනක්

පසුගිය දවසක අමරදේව මහතාගේ දියණිය සුභානි අමරදේව ඇයගේ සැමියත් සමඟ ලේක් හවුස් ආයතනයට පැමිණියා ජායාරූප ගන්න අතරේ තිලා නැවත සිහිපත් කළා ධර්මසිරි ගමගේ මහතා හා තිලා රසඳුන සංචාරක සටහන් සඳහා රට වටේම සුන්දර ස්ථානවල සැරිසැරූ හැටි ....

අප දෙදෙනා අමරදේව මහතා අතුළු පිරිසක් සමඟ සේනානායක සමුද්‍රයේ පුංචි දුපතක ගීත ගයමින් රැය පහන් කළ හැටි

මාදුරුඔය වැව මැද්දේ පුංචි දූපතක ඔහුගේ සංගීතය රසවින්ද හැටි

ගල්ඔය රක්ෂිතයෙ ගී ගයපු හැටි....

එදා ප්‍රථමයෙන්ම ගයපු ගීතයත් මතකයි....

ඔබෙ නමින් සෑය බඳීමි විමානයෙන් බසිනු මැනවි

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලි⁣යේ.......

අමරදේවයන් ගැන තිලාගේ අත්දැකිම්‍ මතක් කළා....තවත් දවසක ඩය-රියභනඤචබඥ හොරෙන් කියවමු....

අද නොවැම්බර් 03 සදුදාය.....

කාලය යන ⁣ වේගය හිතාගන්නවත් කාලයක් නෑ ...

තිලාගේ මව නැතිවෙලා මාස තුනකුත් වෙලා ඉතින් තුන් මාසේ පිංකමට ළඟ නිසා තිලා ගියා ඥාති හිතමිත්‍රාදීන්ට මතක් කරන්න........

මාධ්‍යයට සම්බන්ධ නිසා අපි මේ කාලේ ගෙයකට ගියාම විනාඩි 45 විතර.....

ප්‍රථමයෙන්ම අහන්නෙ

"මොකද වෙන්නෙ "

කියල අහනකොට රටේ දේවල් සහ අපේ දේවල් කතා කරල වෙලාව හරි ..

ඒ නිසා තිලා මේ දවස්වල ෆුල් බිසි....

අද නොවැම්බර් 04 අඟහරුවාදාය ......

මෙච්චර කල් මායියලාගේ ගෑස් බලපු අපිට ගෑස් විකුණාන ඒකාගෙත් ගෑස් බලන්න වුණානේ ....

මම කවදාවත් මූණේ දැලි ගාගෙන නෑ කියපු මායියලාගේ මූණවල්වල දැලි ගැවිලා...

ගමේ‍ රසට ගමේ ආරේට ගමේ තාලේට බත්කඩේ මුදලාලි ගෑස් නැති නිසා අද කෑම නෑ මහත්තයෝ කිව්වා .....

දර පෝරණු පාන් කියල ගහල තියෙන බේකරියේ ගෑස් නැති නිසා වසා ඇත කියලා දොරේ ගහල තිබුණා......

ගේ ඉස්සරහ කඩේ සද්දෙ නැත්තෙ මොකද කියල බැලුව ගෑස් නැති නිසා කොත්තු නෑ. කොත්තු නැති නිසා සද්දෙ නෑ.....

අපේ අයිය කෙනෙක් රට වටේම ගම වටේම දුවන වාහනය මේ දවස්වල ගෙදර බැලුවම පොර වගේ දුවල තියෙන්නෙ ගෑස් වලින්.

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.