තිලාගේ සරසවියේ ඩය-රියupdate...

හොරෙන් කියවලා බලන්න....
නොවැම්බර් 14, 2019

අද නොවැම්බර් 06 බදාදාය....⁣

තිලා හදිසියේම ගොඩවුණා තිලා වැලි කෙළියේ හිටපු අසල්වැසි නිවසටකට.....

ඉස්සර තනිකර කලා පවුලක්... තාත්තා එල්.එස්.පෙරේරා ⁣ඉස්සර කවියෙක් කියල මතකයි ...

ලොකු පුතා සමිත ලියනගේ පොඩිකාලෙම ලොකු මිනිස්සු අදින චිත්‍ර අදිනවා... අනිත් අය නිල්මිණි, මහෙෂ්, පානි, මුර්ති අඹනවා වෙසක් - පොසොන්වලට තරගෙට කුඩු හදනවා සින්දු කියනවා...මාර සුන්දර ළමා කාලයක් තිබුණා... ඒ අම්මාත් හරිම සුන්දර මවක් වුණා.. හැමෝගෙම හැඩතල වෙනස් වුණාට ගතිගුණ එලෙසමයි ......

මේ ඔක්කොම තිලාට මතක් වුණේ ගෙදර ඒ කාලේම කරපු මුර්තියක් දැකලා... එලෙසමයි.... හැබැයි ඒ කාලේ ඒ අය තිලාට කිව්වෙ තිල්ලා කියල......

අද⁣ නොවැම්බර් 07 බ්‍රහස්පතින්දාය....

තිලාට මරු කවියක් දැකගන්නට ලැබුණා... කුමාර හෙට්ටිආරච්චිගේ කවියගේ.........

තිලා අමුවෙන්ම ඩය-රියට කොපිකලා ....

ඉස්කෝලේ යන කාලෙත් කරපු දේ........

දවස්වල චිත්‍රපටයක් 
බලා හවසට ගෙදර යනකොට 
මහ බරක් කරපිට තියාගෙන 
හපොයි මං දුක් විඳීනවා

ගාමිණී මාලිනී දෙන්නම 
මගේ උරහිස් දෙකේ ඉඳගෙන 
ඉතින් දෙන්නම කරතියාගෙන 
ගෙදර යනකොට ඇඬෙනවා

තවත් දවසක විජය ගීතා 
මගේ දෙවුරට නඟිනවා 
හපොයි දෙන්නගේ බර 
දරාගෙන යද්දි උර දෙක රිදෙනවා 
සනත් සබීතා දෙන්නත් 
මගේ කරපිට නඟිනවා 
හපොයි දෙනනගේ බරත් එහෙමයි 
මගේ යටි බඩ රිදෙනවා

හත් ඉලව්‍වයි මෙන්න ලෙස්ටර් ඔළුව උඩ ඉඳගන්නවා

යද්දි කොඳු ඇට රිදෙනවා

පතිරාජ හිස උඩින් ඉඳගෙන මගේ කන්දෙක අදිනවා

පතී හසමත වඩම්මවාගේන 
වීරයයන් පා නගනවා 
අනේ පාඩුවෙ ඉන්න දෙන් නැ 
ප්‍රෙඩී මට කිති කවනවා

ඇනත්නී සී සේම හියුගෝ බඩෙ බඩවැල් අදිනවා......

අද නොවැම්බර් 08 සිකුරාදාය.....

ලෝක කරුණවන්ත දිනේ... ඉදිරියේදී යෙදිල තියෙනවා කියල තිලාට කනින් කොනින් ඇහුණා ...

එහෙම දිනයක් ඇහුවමයි ......

ඒත් තිලාට අදාළ නෑ... කරුණා⁣වෙන් දයාවෙන් තිලාගේ හදවත උතුරලා යනවා .... දිනයක් දාන්න තරම් මිනිසුන්ගෙ කරුණාව දයාව පිරිහිලාද..?????

අද නොවැම්බර් 09 සෙනසුරාදාය.......

අද තිලා⁣ට ඩය-රිය ලියන්නවත් වෙලාවක් නෑ... පුල් බිසී.... මොනවා කරන්නද පැය 24 ම වැඩ...

අද නොවැම්බර් 10 ඉරිදාය....

අද තිලාගේ මවගේ තුන් මස් පිංකමෙ බණ... පිටිදූවෙ ධම්ම විනීත ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට අමුතු අදහස් ටිකක් එකතු කලා....

"දස මසේ උරේ කත්වා... කිව්වාම පුරුෂයෙක් ඇහුවා උරේ නෙවෙයිනෙ උදරයෙනේ කියල..."

ඒ වගේ කතා බණට එකතු කළා...

තව කෙනෙක් කිව්වා එතකොට පිරිමින්ටත් උදරයක් තියෙනවනේ ....

එතකොට සමහරු ප්‍රස්න කරනවා එතකොට උර දෙකක් තියෙනවනේ වම්‍ උරේ දකුණු උරේ......

එතකොට දසමාසේ ⁣දෙවුරේ කත්වා ......

ඔන්න ඔය තේරුම දන්නෙ නැති අයත් ඉන්නවා......

තිලාත් ඉතින්......

අද නොවැම්බර් 11 සඳුදාය.....

අද පිංකමේ දානය නිසා පන්සලට ගියා.... ස්වාමීන් වහන්සේලා වඩම්මවාගෙන එන්න... තිලා දැක්ක හැටිය අහන්නෙ මේ දිනවල රටේ උණුසුම් කතන්දරය ගැන......තිලා මේ දවස්වල පුල් බිසී....

අද අයි ටී එන් සම්බන්ධ වැලක් අපේ ගෙදර... උපාලි බණ්ඩාර වීරසේකර, කුමාර සිරිවර්ධන... මංගල ඇවිත් හිටියා... හැබැයි අද ආවෙ මගෙ යාළුකමට නෙවෙයි තිලාගේ මලයගේ යාළු කමට...

අද නොවැම්බර් 12 අඟහරුවාදාය ...

අද පෝය නිවාඩු වුවත් තිලාට වැඩ හවස් තිලාගේ යාලුවෝ නම් දිග නිවාඩුවක් නිසා... වැව්වල ඇල දොළවල බැහැල නාන පින්තූර එවනවා... පාප මිත්‍රයෝ...

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.