සුපර් ස්ටාර් තරඟයෙන් ආ රුවන් ගායනයෙන් ඉදිරියට

නොවැම්බර් 14, 2019

කන්ද උඩරටින් සංගීත ලොවට පැමිණි තරුණයෙකි රුවන් කුමාර. මේ වන විට ගායකයකු වශයෙන් කටයුතු කරන හෙතෙම ස්ව නිර්මාණ කිහිපයක් ද ඉදිරිපත් කොට තිබේ.

මං ගායනයට අවතීර්ණ වුණේ සිරස සුපර් ස්ටාර් තරගාවලියෙන්. එහි තෙවැනි අදියරේ අන්තිම සියයට වෙනකම් එන්න ලැබුණා. ඉන් ඉවත් වුණායින් අනතුරුව මගේම ගීතයක් ගයන්නට හිතුණා. ඒ අදහස ඔස්සේ තමයි මගේ පළමු ගීතය වන පාට ගෑව ආදරේ නිර්මාණය වන්නේ. ඒ සිංදුව මට හදලා දුන්නේ රුවන් මීගස්වත්ත. ඊට පස්සේ නොලැබෙන ඔබේ යනුවෙන් මගේ දෙවැනි සිංදුව ගයනවා. ඒක යුග ගීතයක්. නිමන්ති චමෝදරී තමයි මාත් එක්ක සිංදුව ගැයුවේ. නොලැබෙන ඔබේ ගීතය අන්තර්ජාලය හරහා සෑහෙන්න ප්‍රේක්ෂක ප්‍රමාණයක් රස වින්දා. ඒකට වීඩියෝවකුත් කළා. සිංදුවේ පද ලියූ සත්සර කසුන් අයියා තමයි වීඩියෝව අධ්‍යක්ෂණය කළේ. දුලිප් මිරැන්ඩෝ සංගීතය නිර්මාණය කරලා දුන්නා. මගේ තෙවැනි ගීතය සැනසුමක් පතා. රුවන් මීගස්වත්ත පද ලියලා සංගීතවත් කරලා මියුසික් වීඩියෝවත් මට කරලා දුන්නා ඒ සිංදුවේ. මේ දිනවල මං මගේ අලුත්ම ගීතය ගයන්න සූදානමින් සිටිනවා. ඒක රැප් ගීතයක් වේවි. මේ වන විට මං පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටිනවා. සංගීත විශාරද දක්වා ඉගෙන ගත්තා. මගේ ගුරු පියාණන් වූ සුගතපාල මාස්ටර්වත් මේ වෙලාවේ මතක් කරන්න කැමැතියි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.