ලව් වගේද ක්‍රෂ් ?

නොවැම්බර් 21, 2019

පුල්කිට් සම්රත් (Pulkit samrat) සහ ක්‍රිටික් හර්බන්ඩා Kritik harbanda කියන්නෙ මේ දවස්වල බොලිවුඩ්වල ලොකු අවධානයක් දිනාගත් අලුත්ම පෙම් යුවළක්. ශාරුක්ට කාජල් වගේ මේ දෙන්නත් හොද සංයෝජනයක් කියලයි බොහෝ අය කියන්නේ. ඉතිං මේ දෙන්නා රඟපාන pagalpanti චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දවස්වල සිදු වෙනවා. ඒ අතරේ මේ දෙන්නා අතර අපූරු කතාබහක් ඇතිවෙලා තියෙනවා. දෙන්නම තමන්ගේ ප්‍රථම ආදර හැඟුම ගැන කියලා තිබුණෙ මෙන්න මෙහෙම. Pulkit කියලා තිබුණා. එයාගෙ හිත පළමුවෙන්ම බැඳුනේ ටීචර් කෙනෙක්ට කියලා. Kriti මේකට සෑහෙන්න විහිළු කළා කියලත් ආරංචියි. Kriti ට පළමු සිත්ගත් කෙනා හමුවෙලා තියෙන්නෙ ඇය 12 වසරේදී ටෙනිස් ක්‍රීඩා කරනකොට. ඔහු හුරුබුහුටි පෙනුමින් යුතු පිරිමි ළමයෙකු බවත් ඇය කියා සිටියා.

ඉනුෂි මදුෂිකා නවරත්න
ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්