තිලාගේ සරසවියේ ඩය-රියupdate...

හොරෙන් කියවලා බලන්න....
නොවැම්බර් 21, 2019

අද නොවැම්බර් 13 බදාදාය....

මෙවර ඩය-රියඋනඤචබඥ එකේ මොකක්දෝ පුංචි අඩුවක් කියල තේරුණා... කිහිපදෙනෙක් කිව්වා... තිලා මෙවර ලියල තියෙන්නෙ දානමය පිංකම අතරතුරේ කියලා...

ඇත්තම තමයි......

එදා ඩය-රියඋනඤචබඥ ලියන්න වින්ද දුකක්...

ටිකක් දින පිළිවෙළට ⁣එකත් එකතු කරන්න පටන් ගන්නකොටම...

"පුතේ අපි ගිහින් එන්නම්‍ "

තිලා දණගහල වදිනගමන්

" ආයේ වෙලාවක එන්න..."

ආයේ පටන් ගන්නකොට මචං මම යනවා... ආයේ සෙට්‍ වෙමු වැඩේ එල...

ඕකේ මචං ....තෑන්ක් යූ..."

ආයේ වචන දෙකක් කොටනකොටම

"තිලා මල්ලි අපි යනවා...

හොඳයි අයියේ කෑම කෑවානේ..... ඔක්කොම හරි මල්ලි..

තිලා පෝන් එකෙන් ඩය-රියඋනඤචබඥ කොට කොට ඉන්න කොට හිතන්නෙ මැසේජ් කරනවා කියල...

"අඩෝ තිලා මේ අස්සෙ කෙල්ලන්ට චැට්‍ කරනවෝ .........

ඔන්න ඔහොමයි තිලා ගියවර ඩය-රියupdate කළේ...හරියට ඒ.සී බස් එකක මැද්දේ සීට් එකේ වාඩිවුණා වගෙ.....

අද නොවැම්බර් 14 බ්‍රහස්පතින්දාය ....

අද ලෝක දියවැඩියා දිනය..........

ඒ නිසාම තිලා හිතුවා ආහාර පාලනය මෙන්ම හැම දෙයක් ම පාලනය කරගන්න

සීනි භාවිතය අඩුකරන්න, තෙල් භාවිතය අඩුකරන්න

මධුවිත අතරහරින්න, මස් මාංස වලින් ඈත්වෙන්න, පලතුරුවලට ඇබ්බැහි වෙන්න, එළවළු විතරක් කන්න

ඒ නිසා ගියසතියෙ වැඩිපුර අළුකෙහෙල් වැඩිපුර ආහාරයට ගත්තා.....

පස්සෙ හොයල බලන්න ඕන තව ගුණ ආහාර ගැන......

 

අද නොවැම්බර් 15 සිකුරාදාය .......

ඊ⁣යේ අපේ දීප්ති අක්කා (දීප්ති ෆොන්සේකා) තිලාව හැම තැනම හොයල තිබුණ හේතුව අහන්න දීප්ති අක්කා හමුවුණාට පසුවයි ඇය ⁣අපේ ආයතනයේ ඉන්නා අවසන් දින බව...

" ඇයි අක්කේ හදිසියේම.."

නෑ... බන් අනික් අයටත් තැන දීලා යන්න එපැයි ඔය මදැයි කොලා...

ඇත්තම තමයි ඇය තිලාට හමුවුයේ 94-95 විතර සරසවිය පුවත්පතේ සංගීතයට අදාළව ලියන කාලයේ... තිලා කලින් හිතුවෙ මාලිනී ෆොන්සේකාගේ නැගණියක්ය (ඒ වගේම ලස්සනයි හැඩරුවයි..) පස්සේ දැනගත්තේ අපේ උපාලි අයියගේ මායියා කියලා... (ප්‍රවීණ ඡායාරූප ශිල්පි උපාලි ෆොන්සේකා) තිලා ඇයත් සමඟ ඉස්සර සරසවියේ ඉන්න කාලෙ වගේම මෑත ආරෝග්‍යා පුවත්පතේ ඉන්න කාලෙත් ආරෝග්‍යා කණ්ඩායම එක්ක ජොලි ගමන් ගියා... අන්තිමට ගියේ හැටන් පැත්තෙ සුන්දර ගමක ආරෝග්‍යා වෛද්‍ය සායනයකට... දීප්ති අක්කා පොත් කිහිපයකුත් රචනා කලා...

ලතා... හෙළ ගී රැජින,

දියවැඩියාව ශ්‍රී ලංකාවක්,

සිරොසියස් ඇතුළු අක්මා රෝග වළකා ගන්න,

උගුර, කන, නාසය රෝගාබාධවලින් මිදෙමු......

අපි නම් කිව්වෙ "ආරෝග්‍යා පරමා ලාභා" කියල

 

අද නොවැම්බර් 16 සෙනසුරාදාය .....

පසුගිය ටිකේම තිලා ඇතුළු හැමෝටම පුදුම බලයක් තිබුණනේ.... ඉතින් අදින් පස්සේ ඒ බලය ඉවරයි...

හෙට සිට ඒ බලය පුද්ගලයකුට පවරනවා මදැයි මාසයක් දෙකක් තිස්සෙ ඔය බර කරතියාගෙන හිටිය. නිදහසේ මළගෙදරකට දානේ ගෙදරකට මගුල් ගෙදරකට යන්න නෑ.. විස්තර අහනවා... දැන් ඒ කරදරෙන් නිදහස්...

හවස මුහුණු පොතේ ඇඟිලි ගොඩයි ... මුහුණු පොතේ මුල් පින්තූරයේ ලස්සනට සුන්දරව සුදුවට ඉන්න නංගිලා ඡන්දෙ පාවිච්චි කරල සෙල්පි ගහල අතේ ඇඟිලි දානවා මූණෙයි අතෙයි වෙනස ....

මූණ සුදු වෙන්න ගාන දෙවල් අතේ අඟිලිවලට ගාන්න බැරිද කියල අහල බලන්න ඕනෑ සැලූන් එකකින්....

සමහර ඡන්ද නිලධාරීන් හැදුම්‍පත දිහා බලල මූණ දිහා ටික වෙලාවක් බලන් ඉන්නවා අඳුරගන්න බැරිව ....

සමහරු අයිඩෙන්ටි කාඩ් එක හංගාගෙන පාස්පොට්‍ එක ගෙනවා ළඟදි මැලේසියා ගියා කියල පේන්න...

තිලා ඉතා පුංචි කාලේ ඡන්ද ප්‍රතිඵල ඇහුවට පස්සේ ඡන්දෙ ප්‍රතිඵල එකින් එක අහන්න වුණේ නෑ... එක්කො රාජකාරි යෙදුණා...

මෙවර නම් ගෙදර අපේ පුංචි පරම්පරාව නම් බිම පැදුරු එලාගෙන බිස්කට් ගෙනත් හරිබරි ගැහිලා ලෑස්ති වුණා. තිලා හොඳට නිදාගත්තා.

 

අද නොවැම්බර් 17 ඉරිදාය ....

අද රටට අලුත් නායකයෙක්...

 

අද නොවැම්බර් 18 සඳුදාය......

අද ශ්‍රී ලංකා ජනරජයේ සුවිශේෂ දිනවලින් එකක්...

ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් උදෑසන අනුරාධපුර රුවන්වැලි සෑ රජුන් අබියසදි දිවුරුම් දුන් වග ඩය-රියඋනඤචබඥ එකේ මතුවට දැන ගැනීම පිණිස ලියා තබමි ......

අද හවස ආරංචි වුණා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ලෙස වැඩ බාරගන්නා බව වැඩි විස්තර හොයල බලලම සුබ පතන්න ඕනේ .....

ඔහු ගැන මීට සති ගණනකට කලින් ඩය-රියඋනඤචබඥ ලිව්වා මතකයි ....

 

අද නොවැම්බර් 19 අඟහරුවාදාය ......

අපේ පිටු සැලසුම් ශිල්පි සචින් ඉන්නවනේ... පොර අමතර රැකියාවක් කරනවා කියලා ආරංචි වුණා...

ඇත්තටම දැන් එක දෙයක් කරල ජීවත් වෙන්න අමාරුයිනෙ... පසුගිය සතියේ දවසක් දෙකක් සචීව දැක්කෙ නෑ... කඨින පෙරහැරවල් කාලේ නිසා අතුරුගිරිය පැත්තෙ පන්සලක කඨින පෙරහරේ ගිනි බෝල කරකවන්න බාර අරගෙන.... ගිනිබෝල කණ්ඩායමෙ ලීඩර් සචි... ඕක මෙහෙට ආරංචි වුණේ සචිගේ ෆෝන් එක මෙසේ උඩ දාලා ගිහින්.... දිගටම ස්වාමීන් වහන්සේ නමක් කතා කරල අපේ කෙනෙක්ට කියල සචින් මහත්තයාට කියන්න ගිනි බෝල කණ්ඩායමෙ වෙන්කරපු මුදල් ගන්න එන්න කියන්න කියලා ....

පස්සේ නම් යෝජනා කළා කණ්ඩායමට...

දස අතේ කරකවන සචීගේ ගිනිබෝල...

⁣ගිනිගෙඩි නොදෙන සචීගේ ගිනිබෝල...

දිය යටත් ගිනි බෝල කරකවන්න...

සචී ගිනි බෝල වෙත එන්න...

තිලාටත් ටිකක් විතර පුළුවන්....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.