තිලාගේ සරසවියේ ඩය-රිය update ...

හොරෙන් කියවලා බලන්න....
නොවැම්බර් 28, 2019

අද නොවැම්බර් 20 බදාදාය....

ගිය සතියේ තිලාට ආරංචි වූ විලසම නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත්වුණා...

 

2018 සැප්තැම්බර් 6 ඩය-රිය Update ලියපු එකම නැවත update කළා.......

(අද සැප්තැම්බර් 06 බ්‍රහස්පතින්දාය......)

අද කිලිනොච්චිය ඉඳලා ගෙදර එන ගමන් සුපුරුදු තැනක කෑමට නැවැත්තුවා... ඒ සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ හමුදා අවන්හලට... මට එය සුපුරුදු තැනක් වූයේ අවුරුදු කීපයකට කලින් බ්‍රිගේඩියර් කමල් ගුණරත්න මහතාගේ (පනස් තුන් වෙනි සේනාංකය මුහමාලෙ) ඉල්ලීමකට සාලියපුර ගජබා කඳවුරේ සහ නිලයන්ගෙ ඡායාරූප ගත්තා ගජබා රෙජිමේන්තුවේ සඟරාවකට...

පසු කලෙක අවසන් අදියරේදී ඔහු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලෙස පනස් තුන් වෙනි සේනාංකය පුදුක්කුඩුඉරිප්පු ප්‍රදේශය මුදාගත් අතර නන්දිකඩාල් කලපුව මහ ත්‍රස්තවාදී නායකයන් හමුවන තෙක් සටන මෙහෙයුවා... අවසානයේදී හමුදා සේනාංකාධිපතිවරු සියලුදෙනා වගේ එකතු වූ ස්ථානය වුයේත් ඔහුගේ 53 ස්ථනයේ... මමත් ධනේෂිත්, ඒ දින කීපයක්ම ඔහු සමඟ හිටියා... පසුව ප්‍රසන්න ෆොන්සේකා, රනිල් විජේපාල (අප අතර නැති උණත් තාමත් මතකයි) ශානිකා, රුක්මල් එකතු වුණා.

පසු කලෙක ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම යන දිනට පසුදා

'රණබිම ඔස්සෙ නන්දිකඩාල්" යනුවෙන් ග්‍රන්ථක් එළිදක්වා ගත්කතුවරයකු බවටත් පත්වුණා... අදත් ඔහුගේ උපන් දිනයට සම්බන්ධ කරගෙන "කඩොල් ඇත්තු" යනුවෙන් ග්‍රන්ථයක් එළිදක්වන බව අරංචි වුණා...

ඉතින් ඔබගේ උපන් දිනයට සහ නව ග්‍රන්ථයට සුබ පැතුම්

(ගිය සතියේ ලියූ රටම ගරු කළ යුතු චරිත අතරට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාත් එක් චරිතයක්... තවත් ඉන්නවා ඉදිරියේදී ලියල තියන්න ඕනා මටත් අමතක වෙන ලෙඩක් හැදුණොත්...)

තිලා පණ්ඩිතය වගේ ඩය-රියභනඤචබඥ ලියන්න ගිහින් ඔය චරිත වලට හානියක් වෙයිද දන්නෙත් නෑ.....මම නම් ඉතින් මොකෙක්ද......)

එදා මෙන් අදත් මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන්ගෙන් රට ගලවා ගැනීමට ශක්තිය දහිරිය ලැබේවා..........

.....තිලා

 

අද නොවැම්බර් 21 බ්‍රහස්පතින්දාය..........

අද වරක්ස් අංකල්ගේ (විජේරත්න වරකාගොඩ හෙවත් කොරලේ මහත්තයා) උපන් දිනය... ඒ නිසාම අපි කලින්ම ගියා වරක්ස් අංකල්ගේ ගෙදරම අරුණිත් තිලාත් ඉදිරියේ පරණ කතා පෙට්‍ටගම ඇරියා හිතුවටත් වඩා සුන්දර දවසක් වුණා... කතා කරගෙන යනකොට...

තිලාගේ හිත දිවගියේ ඉතා පුංචි කාලේ හීනයක් වගේ මතකයකට... අයියලා අක්කලා හා අහල පහළ අය අපේ ගෙදරට එනවා රේඩි⁣යෝ එකේ මුවන් පැළැස්ස අහන්න.....

කෝරළේ මහත්තයා, මැණිකේ, කදිරා, ඩිංගි ගුරුන්නාන්සෙ, උක්කු බංඩා, නාමලි, පිනා නම් මතකයි .....එකම චරිතයක් වසර පනස් ගණනක් එකදිගට කළ එකම ශිල්පියා වීමේ භාග්‍යය වරක්ස් අංකල්ට හිමියි... සමහර විට ලෝක වාර්තාවක් විය හැකියි.... ඔබට වරක්ස් සිය දහස් වරක් ආයුවඩන සුබ උපන් දිනයක් ......

තිලා වැඩ ඇරිල ගෙදර එනකොට අපේ බාල පරම්පරාව හැංගිලා ඉඳල වතුර ගැහුවා... බැලුවම හෙට උපන් දිනය නිසාලු... තව පැය හතරක්ම තියෙනවා කොහොමත් තිලා හැමදාම නාන නිසා හොඳයි ...

 

 

අද නොවැම්බර් 22 සිකුරාදාය........

අද උදයේම නිදි ඇඳෙදී පළවෙනි ඇමතුම ආවෙ කලාකරුවන්ගේ දුරකතන අංක හා උපන් දින මතක ගබඩාවක් හිමි සිරි කහවල අයියාගෙන්...

සුබ උපන් දිනයක් තිලා... එතකොටයි පියවි සිහියට ආවෙ අද තිලා⁣ගේ උපන් දිනය... ඉන් පස්සේ දිගටම ⁣සුබ පැතුම් අවා ....

ආයතනයෙන් බේරිලා ගෙදර ආවා බාල පරම්පරාව කේක් එකක් ගෙනත් කපන ගමන්... ආයේ වතුර කෑවා... ආයෙත් රෑ වෙලා සින්දුවක් කියන්න කියල වතුර ගැහුව.... මෙගා ටෙලියක් වගේ ඉවරයක් නෑ...එකම වරදට දඬුවම් තුනක්....

 

අද නොවැම්බර් 23 සෙනසුරාදාය........

ඊයේ නිදාගන්නකොට රෑ වෙලා... උදේ ඒක ටිකක් ඇල්ලුවා.... උදේ වරුවම කැප කළේ සුබ පතපු ගජයන්ට අකුරුවලින් උත්තර බදින්නට....

තිලා කල්පනා කළේ සුබ පතපු අය වැයික්කියේ හිටියනම්‍ ප්‍රාදේශීය සභාවත් දිනාගන්න ......

ඒත් තිලාට මිනිස්සු ඉදිරියේ කතා කරන්න ගියාම කකුල් වෙවුලනවා....

අවමංගල්‍යයක කතා කරන්න ගියාම මංගල සභාවෙන් අවසරයි කියවෙනවා...

මනාපේ ඉල්ලන්න බෑ කලින් මනාපේ ඉල්ලුව ඇයගේ සැමියලා ඉන්නවා...

දෙවනි මනාපේ ඉල්ලන්න බෑ මායියගෙන් ගුටිකන්න වෙනවා...ඒ නිසා ඒක හරියන්නේ නෑ.......

 

අද නොවැම්බර් 24 ඉරිදාය.....

අපේ අරුණ ඉන්දියාවේ ගියානේ... ඉන්දියානු අන්තර්ජාතික සිනමා සම්‍මාන උලෙළට සහභාගි වීමට සඳහා... අරුණ සම්‍මානයක් අතේ තියාගෙන පින්තූරයක් දාලා හැමොම හොල්මන්... එහෙදීත් හැමෝම අරුණ බැලුවෙ නැත්නම් චිත්‍රපටය හරි නෑ කියල නැගිටලා යනවලු.....

 

අද නොවැම්බර් 25සඳුදාය ...

අලුත් තාලෙක විදුහලක් අසන්නට ලැබුණා... දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ස්මාට්‍ පාසල ලෙසින්...

ගාල්ලේ රූමස්සල ප්‍රදේශයේ බෝනා විස්ට (ඕභධදච ඍඪඵබච ) විද්‍යාලය වසර දෙසීයක් පමණ පැරණිලු...

මාටින් වික්‍රමසිංහයන්, සෙනරත් පරණවිතානයන්, එඩ්වින් ආරියදාසයන්, ඒ.ටී ආරියරත්නයන් වැන්නවුන් ඉගෙනගත් පාසල.. ස්මාට්‍ තාක්ෂණය ටැබ් භාවිතයෙන් උගන්වීමට වෙනම පන්ති පටන් අරන්.... අනාගතයට පෙර සූදානම් වන්නට කදිම අදහසක්... එහි ගෞරවය විදුහල්පති කරුණරත්න ගනේවත්ත මහතාට හිමිවිය යුතුයි.....

අනේක් පාසල්වලත් උත්සහ කරමු...නෙහ්.....

 

අද නොවැම්බර් 26 අඟහරුවාදාය .......

තිලාටත් මේ දිනවල සුන්දර හීන පේනවා.... අද තිලා දැක්ක හිනේ මතක් කළාම අපේ කට්ටිය රියැලිටි තරගයකට සහභාගි වෙලා.... ඒක මෙහෙයවන්නා ප්‍රසිද්ධයි වගේ මතකයි... තරගයේ අවසන් වටයට තේරුණේ කමල් ජයමාන්න සහ විමල් කරුණාතිලක වගේ මතක... අනිත් අය මතක නෑ... කමල් නම් කලින් මේ තරගය දිනල තිබුණා... විමල් කලින් උත්සහ කළත් දිනල තිබුණේ නෑ... මෙහෙයවන්නා කියන්න පටන් ගත්තා..

දැන්... ඔබ දිනවන්නේ කමල්ද..?...විමල්ද..?....විමල්ද ..?..කමල්ද ..?..

එයාලද වෙන කෙනෙක් ද කියන්න කලින් අහැරුණානෙ....

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.