ප්‍රියංකා චොප්රාගේ හුරුබුහුටි තෑග්ග

දෙසැම්බර් 5, 2019

ඇමරිකානු ගායකයෙකු වන නික් ජෝනස් සහ සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා අතර විවාහ ගිවිස ගැනීම පසුගිය වසරේ සිදු වු අතර දෙසැම්බර් පළමු වනදාට යෙදී තිබුණු ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් සිය සැමියාට ඇය විසින් අපූරු තිළිණයක් ලබා දී තිබුණා. ඒ “ගිගෝ ” නමින් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටියෙක්. ගිගෝ දැකීමෙන් නික් අතිශය පුදුමයට පත් වූ බවයි දැනගන්නට ලැබුණේ. මෙය ඇයගේ සැලසුම් සහගත පුදුම කිරීමක්. ප්‍රියංකා ගිගෝව හඳුන්වා දුන්නේ සුරතලෙකු වශයෙන් පමණක් නොවේ. ඔවුන් මේ හුරුබුහුටි බලු පැටියා තම පවුලට එක් කරගෙන තිබුණේ පවුලේ නව සාමාජිකයෙක් ලෙසිනුයි. ඇය විසින් නික් සහ ගිගෝගේ ආදරණීය ජායාරූපයක් ද අන්තර්ජාලයට එක්කොට තිබුණා.

ඉනුෂි මදුෂිකා නවරත්න ප්‍රදීශා ගයන්තිකා කාරියවසම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.