තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
දෙසැම්බර් 5, 2019

අද නොවැම්බර් 27 බදාදාය ........
පසුගිය දිනවල ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත්වන දෙයක් සිදුකළා... රුවන්වැලි සෑයට නැවතත් ⁣කොත් පලැන්දීමෙ උත්සවය සිදු කෙරුණා.... හැමෝම දන්න කරුණක් වුවත් තිලාට මතක් උණේ පන්ඩිත් අමරදේවන් ගයන රත්න ශ්‍රී විජේසිංහන් රචනා කළ ගීතයේ කොටසක්...
සතර වරම් දෙවි මහරජ හතර වටින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්....
පලා පෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින් නුඹෙ පා යටින් සඳකඩ පහන පායලා
බ්‍රහස්පති තාරකාව මුදුන් වී සරත් නුඹ ගැබ
ස්වර්ණාමාලි මහා සෑ අග කොත් පලන්ඳලා...

අද නොවැම්‍බර් 28 බ්‍රහස්පතින්දාය ..........
කාන්තාවන්ගේ 64ට අමතරව අලුත් මායං වගයක් එකතු වෙලා කියල පරණ මායං එක්ක එකතු කරන්න ඉඩ මදි නිසා නැවත ලියා තබමි... පිරිමින්ගේ මායං ගවේශනාත්මකව සෙවීමට අරුණි, තිලානි, අයන්ති, මල්මි සොයුරියන්ට බාරදෙන ලදී...
කොන්ඩය පාට කිරීම නහයට කරාබු දැමීම, නාභිය පේන්න ඇඳුම්‍ ඇඳීම, නාභියට කරාබුවක් දැමීම, නාභිය වටා ටැටු ගැසීම, හායි කියා මැසේජ් කර ඒ සමඟම සොරි කීම, තමන් රැවටීමට නොහැකි බව කීම, නිතරම කොල්ලො චැට්‍ එකට එන බව පැවසීම, මම මැසේජ් බලන්නෙ නැතිබව පැවසීම, මුහුණු පොතේ නිතර සෙල්ෆි දැමීම අපේ....

අද නොවැම්බර් 29 සිකුරාදාය ......
අපි චීනෙට ණයයි කියල මුහුණු පොතේ එක එක ක්‍රම ගැන යෝජනා කරලා තිබුණා...
චීනෙ වගේ ඇස් හදාගමු ... එකවගේ නිසා ණය දුන්නා කියමු... දුන් කෙනා අදුරන්න බෑ කියමු.....
ඔය වගේ දේවල් අතර තිලා හිතුවෙ වෙනත් දෙයක්... අපේ අමාත්‍යාංශවලට චීනේ වගේ නම් දාමු... එතකොට රැවටිලා ණය බොල් ණය කරයි...
හැබැයි අක්ෂර ගැන හිතන්න එපා...
තැපැල් අමාත්‍යාංශයට දාමු ලියුං කියුං කියල
කෘෂිකාර්ම අමාත්‍යාංශයට කංකුං අමාත්‍යාංශය කියල
⁣ඉඩම්‍ අමාත්‍යාංශයට දාමු ඉඩං කඩං
මුදල් අමාත්‍යාංශයට සිලිං බිලිං
පාර්ලිමේන්තු අමාත්‍යාංශයට දාමු කියුං කෙරුං
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට දාමු ගොඩිං මඩිං
විදේශ අමාත්‍යාංශයට දාමු වටිං පිටිං කියල..
ජලජ සම්‍පත් අමාත්‍යාංශයට දාමු ඇලෙන් දොලෙං බොලං..කියල.....
ප්‍රවාහන අමාත්‍යාංශයට දාමු බස්තියං පයින්..
පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශයට දාමු හිමිං යමං කියල
වනිතා කටයුතු අමාත්‍යාංශයට දාමු කං කෙඳීරි ....
ආහාර හා සමුපකාර අමාත්‍යාංශයට කමිං බොමිං
එතකොට.. රැවටෙයි....

අද නොවැම්බර් 30 සෙනසුරාදාය ........
ළඟදි දවසක් ගයාන් සඳරුවන් (ප්‍රවීණ යතුරුපැදි ධාවනශූර ) කතා කළා...අයියේ හෙට හවස ලයිට් හවුස් එක ළඟ නාවික කෑම්ප් එකේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා එන්න ඇවිත් යන්න..
ඉතින් වෙදගේ, ෆවුස් සමඟ තිලා ගියා කාලෙකින් ගයාන් හමුවුණෙ... බැලුවම ගයාන් මල්ලි වැලිසර නාවික හමුදා කෑම්ප් එකේ අලුත් ධාවන පථයේ මොටර් රථ ධාවන තරගයක් සංවිධානය කරලා.. දෙසැම්බර් 01ට..
ඒත් නොවළැක්විය හැකි හේතුවක් නිසා තිලාට හෙට යන්න වෙන්නෙ නෑ.......තිලාටත් වෙන වැඩ...

අද දෙසැම්බර් 01 ඉරිදාය ............
දන්නෙම නැතිව වසරේ අන්තිම මාසයටත් ආවා....
අද ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරාගෙ (ජයසිංහ) උපන් දිනය අද.... ඉතිං ඇය ගැන පරණ ලියපු එකක් භනඤචබඥ කලා....

සබිතා අක්කා තිලා දකින්නෙ ඉතා නිහතමානි රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක් හැටියට. එයට හේතුත් තිබුණා... ඒ තිලා සරසවිය පුවත්පතින් ඔබ්සර්වර් පුවත් පත⁣ට වෙන්කරපු කාලේ සිනමාවට සම්බන්ධ අය ඇසුර අඩුවුණා... සමහර අය නොදැක්ක වගේ යන කාලේ වෙනසක් නොකර දැක්ක ගමන් සැප දුක අහල සුපුරුදු ⁣විදියටම ඇසුරු කරන්න ඇය නිහතමානී වුණා....
තිලා ඇයගේ මුලින්ම ජායාරූප ගත්තේ සරසවියේ පුවත්පතේ කවරයක් සඳහාය. ඒ අය ලංකාවේ සහ පකිස්තාන් සිනමාවේ ඉහළින්ම සිටි කාලයේ...
මට එදා හිතුණා ඇයගේ කැපවීම හා නිහතකම නිසා සිනමා හා ටෙලි අධ්‍යක්ෂක - නිෂ්පාදකවරුන්ට කෙතරම් පහසු ඇත්ද ...
විශේෂත්වය නම්‍ ඇය අදත් එලේසමයි. තාමත් සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක් වෙලා... නව පරපුරේ ශිල්පිනියන්ට ඇය හොද ආදර්ශයක් වේ‍වි....
අක්කේ ඔබට සුභ උපන් දිනක්.....

අද දෙසැම්බර් 02 සඳුදාය ...
අංගානි ..අනවර්ත...කොළඹ අපි අවා ..ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ නව පරපුරේ නිර්මාණකරුවෙක් වන සුරංග සෙනෙවිරත්නගේ නවතම ටෙලිනාට්‍යය...
" කකුළුවෝ සහ මකුළුවෝ " මුහුරත් එක තිබුණ... ඒ වෙනුවෙන් හවස පුංචි සාදයක් තිබුණා.... ටෙනි, ප්‍රසාද්, නුවන් මහේෂ් ඇතුළු අපි සහභාගි වුණා.... ඒකත් අමුතුම ආතල් එකක්.... ටෙලි කණ්ඩායමක් එක්ක ඉන්න කොට හරිම ජොලි.... ටෙලියේ තේමා ගීතය ගැන කියනකොට තිලාට වචන හොඳට හුරුබවක් දැනුණා...පසුව දැනගත්තේ මුහුණු පොතේ දැකල තිලාට වචන ටික ක්ලික් වුණා...කැමති නිසාම ලියන්න හිතුණා.
මොකටද දවස් හතක්
හොඳටම ඇති එක දවසක්
සුදු කොඩි එපා
බැනරුත් කෙහොමත් එපා
දුක් වින්දේ නෑ ඒ තරං
ජීවිතේ වින්ද ඇති වෙනකං

යාලුවෝ එයි ඇතිවෙන්න කොහොමත්
එකෙක් අල්ලන් බයිට් කරපං
තරහක් නෑ හිතේ කොනකවත්
උඹල බොයි නේද කොහොමත්
තියෙන බෝතලෙන් උගුරක්
අයින් කරපං මටත්
සුදුකොඩි එපා..........

ඔමියක් කැරමක් ගහපං
ප්ලේන්ටියේ මාරියක් පොඟවන්
හිනා වෙවි කනගමං
අපේ අම්මගේ හිත හදපං......
සම්පත් රන්ධීර් ගීතය එවලෙත් ගායනා කළා... පට්ටයි ...
(මතක විදියට වචන ලිව්වා රචකයා අදටත් ???)

අද දෙසැම්බර් 03 අඟහරුවාදාය ........
නිහාල් සිල්වා අප හැරගොස් වසර 30 ක්.........
නැවත ඔහු ගැන ලියන්නට ඕන .....ලියන්නම ඕන
මා මළත් මෙලෝ කුස රතුරෝස පිපෙනු ඇත......
පුන්තිලා හි ගීතයත් ඇතුළත්ව..
හවස ගියා සූනාමි බලන්න ....විස්තර පසුව නිදිමතයි.....

තිලා-ක්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.