“වන්දනාවේ යමු පේවීලා” ගැයූ “නිර්මලා”

දෙසැම්බර් 5, 2019

දශක අටක් තරම් ඈත කාල වකවානුවක දී පටිගත කළ "සාල වනේහි වෙසඟේ සාලවනේ හි - පුෂ්ප පිපි ලක්ෂණ ඒ සාලවනේ හි” සහ “වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ” වැනි ග්‍රැමොෆෝන් ගීත අදටත් එක ලෙස ජනප්‍රියව පවතින්නේ, එම මුල් ගීතවල අන්තර්ගත සුවිශේෂී සංගීතමය ආකෘතින් හේතුවෙන් සහ දායක වූ ගායක ගායිකාවන්ගේ සුවිශේෂී ගායන කෞශල්‍යය නිසාම ය. කෙසේ වෙතත්, ඉහත සඳහන් කරන ලද ගීත යුගලය ගායනා කළ මුල් ගායන ශිල්පිනිය කවරෙකු දැයි ඔබගෙන් විමසුවොත් ඔබ මදකට විපිළිසර වන්නට පුළුවන. එම ගීත පළමුවෙන්ම ගායනා කරන ලද ගායිකාව වන්නේ, දැනට දශක ගණනාවකට ඉහතදී මෙරට සිංහල ගීත ක්ෂේත්‍රයට අතිශය ජනප්‍රිය ගීත ගොන්නක් දායාද කොට, 1940 දශකයේදී ම ගීත ක්ෂේත්‍රයෙන් සමුගත්, පූර්ව-සිනමා ග්‍රැමොෆෝන් ගී යුගයේ ගීත කෝකිලාවක වූ, “නිර්මලා” නමැති ගායිකාව යි. මේ ලිපියෙන් මා සංක්ෂේප කරන්නේ ගායිකා නිර්මලා විසින් පළමුවෙන්ම ග්‍රැමොෆෝන් තැටියකට ගායනා කළ “වන්දනාවේ යමු පේවීලා” ගීතයේ ඉතිහාසයත්, ගායිකා නිර්මලා ගේ ඔබ නොදත් ජීවන තතු බිඳකුත් ය.

මෙරට ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසය සලකා බලන විට, වර්ෂ 1939 කඩඉම් වසරක් ලෙස පෙන්වා දිය හැකි ය. එවකට ජනප්‍රියව පැවැති “නුර්ති” සහ “නාඩගම්” ගීත ශෛලීන්ගෙන් ස්වායත්තව “නව ගීත” ගොන්නක් ඩ්ර්ඍ සහ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ශබ්දවාහිනී තැටි ලේබල ඔස්සේ බිහිකිරීම ආරම්භ වන්නේ වර්ෂ 1939 පටන් ය. “අලුත් සින්දු” නොහොත් “නව ගීත” යන “ලේබලයෙන්” මේවා හැදින්වුව ද, එම ගීත තනු බොහොමයක් එවකට ජනප්‍රියව පැවැති හින්දි, තෙළිගු, දමිළ ,මරාති හෝ බෙංගාලි තනු ඇසුරින් නිෂ්පන්න කරන ලද ඒවා විය. අතළොස්සක් පමණක් ස්වතන්ත්‍ර නිර්මාණ ලෙස, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, සරණගුප්ත අමරසිංහ වැනි සංගීතවේදීන් අතින් එවකට බිහි නොවුයේ ද නොවේ. මෙම වකවානුවේ ඩ්ර්ඍ සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂ ධූරය දරන ලද්දේ එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් විසිනි. පස් අවුරුදු ගිවිසුමක් යටතේ නවක ගායක ගායිකාවන් ඩ්ර්ඍ සමාගමට බඳවා ගැනීම සිදු කෙරුණි. පැරණි නුර්ති යුගයේ ශිල්පීන් වන ඇනී බොතේජු, ලක්ෂ්මිබායි, රෙජිනා පෙරේරා, සුසිලා ජයසිංහ, සෝමකාන්තා, විල්බට් පෙරේරා ආදී ප්‍රවීණ ශිල්පීන් මෙන්ම, නවක ශිල්පීන් ලෙස, රුක්මණී දේවී, නිර්මලා, අනුලාවතී, ලීලාවතී, වාසුදේවි, මියුරියෙල් ජයසිංහ, ඇම්. කේ . වින්සන්ට්, ජෝසප් පෙරේරා, සෙබස්තියන් පීරිස් ආදීහු ද රූපසිංහ මාස්ටර් ගේ කණ්ඩායමට ඇතුළත් වූහ. මේ අතුරින් රුක්මණී දේවිය හා සමකාලීනව ගීත ගායනයට පිවිසුණු තවත් යොවුන් ගායිකාවක වූයේ “නිර්මලා” ය.

වර්ෂ 1924 පෙබරවාරි මස 21 දින ජන්ම ලාභය ලද නිර්මලා උපතින් ශ්‍රී ලාංකික මැලේ තරුණියකි. “නිර්මලා” නමින් ගායන ලොවෙහි කිරුළු දැරුවද, ඇයගේ මුල් නාමය වූයේ “මාස් ධර්මානි ආමත්” ය. කොළඹ කාන්තා විදුහලින් (ඹ්ඒච්ධ්ඡ්ඉ ඛ්ර්‍ණඹ්ඹ්ඡ්ට්ඡ්) අධ්‍යාපනය ලද ධර්මානි, පාසල් ශිෂ්‍යාවක වශයෙන් සිටියදී ම ගායනයට සහ වාදනයට දස්කම් පෑවා ය. පාසල් ගීතිකා කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවක වූ ඈ පාසල් සමයේ දී ගායන-වාදන තරඟාවලි රැසකින්ම ජයග්‍රහණ ද ලැබුවා ය. 1939 වසරේ “ඊඩඥ ඊඪථඥඵ ධට ඛ්ඥරතධද” පුවත්පත මගින් මෙහෙයවූ දීප ව්‍යාප්ත වාදන තරඟයෙන්, වයලීන වාදනයෙන් රිදී පදක්කම දිනාගැනීමට ද ධර්මානි සමත් වූවා ය. ඇයගේ දක්ෂතා ගැන අසා පැහැදුණු රූපසිංහ මාස්ටර් ඩ්ර්ඍ ගීත තැටි සමාගමේ ගීත යුගලක් 1940 වසරේදී පටිගත කිරීමට යන්තමින් තුදුස් විය සපිරූ ඇයට ඇරයුම් කළේ ය. “නිර්මලා” යන නමින් ගායන ලොවෙහි බෞතීස්ම වූ එතුමිය, ස්වකීය පළමු ගීත තැටිය ඩ්ර්ඍ ලේබලයෙන් අංක ව් 13049 යටතේ පටිගත කරන්නී ය. යුග ගී යුග්මයක් අතුළත් වු මෙම ගීත තැටියෙහි නිර්මලාගේ සහාය ගායකයා වන්නේ එවකට ඩ්ර්ඍ සමාගමේ සිටි ජනප්‍රියම තරුණ ගායකයා වූ ඇම්. කේ. වින්සන්ට් මහතා ය. මෙම ගීතය රචනා කරන ලද්දේ, එවකට ඩ්ර්ඍ තැටි සමාගමේ නිත්‍ය ගීත ප්‍රබන්ධක වූ ඩබ්ලිව්. ඩී. මර්සිලිනු ඇල්බට් මහතා ය. “වන්දනාවේ යමු පේවීලා” ගීතය ග්‍රැමොෆෝන් තැටියේ එක් පසෙකත්, අනෙක් පස, “තෙල් මල් පුදා වදිම්” යන ගීතයත් (“දුල් සල් වනේ ළකල්” තනුවට ම) අඩංගු විය. “වන්දනාවේ යමු පේවීලා” ගීතය අතිශය ජනාදරයට පත් වූ අතර නිර්මලා සහ ඇම්. කේ. වින්සන්ට් එවකට සිටි ජනප්‍රිය තරුණ ගායක යුවළ බවට ද පත් වූහ.

පි : වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ

වදින්ටා වදින්ටා රම්‍ය අටමස්ථානේ

 

ගැ : දේව පුරේ සේ සිරි දේ

පූජනීය ඒ නගරේ

 

පි: පූජා දෙමු නිර්වාණේ

පතා මෙ’පොහො දා

 

දෙ : තෛ‍්‍රලෝනා මුණිරාජා -සෙව් සිරිමහබෝධි

දිලේ ශ්‍රී - දිලේ ශ්‍රී

 

ගැ : විසල් අනුරා නගරේ

 

ගැ : ගාමිණි රාජා සැදු ඒ

පි: රත්නමාලි චෛත්‍යරජා

අභයගිරිය ආදී ශුද්ධ අටමස්ථානේ

 

ගැ : අජරාමර දිනු නිමල්

පි: ගුණ සාගර තිලෝගුරු

ගැ : සිහිකරලා බැතිනි පූජා මේ පොහො දා

 

දෙ : තෛ‍්‍රලෝනා මුණිරාජා -සෙව් සිරිමහබෝධි

දිලේ ශ්‍රී - දිලේ ශ්‍රී

 

ගැ : විසල් අනුරා නගරේ

 

ගැ : මල් සෝදා සුවඳ ජලෙන්

පි : චන්දන කර්පූර දුමෙන්

ගැ : පූජා දි පතමු නිවන් ශ්‍රී සම්පත්ති

පි : පූජා දි පතමු නිවන් ශ්‍රී සම්පත්ති

 

“වන්දනාවේ යමු පේවීලා” ගීතයේ මුල් අනුකාරක ගීත තනුව අඩංගු වන්නේ 1940 වසරේ තිරගත වූ මරාති බසින් නිමැවූ “සාන්ත් (=ශාන්තුවර/මුනිවර) ධ්‍යානේශ්වර්” නමැති චිත්‍රපටයෙනි. ඉන්දියාවේ පූනා හි “ප්‍රභාත්” චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වූ , “ෂාහූ මොධාක්” ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කළේ “විෂ්ණුපනත් ගොවින්ද්” අධ්‍යක්ෂකවරයා විසිනි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය “කේශව් වමන් භෝලේ” විසිනි. මෙම මරාති ගීතය රඟපාමින් ගයනා කළේ පසු කලෙක ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ “වසන්ත් දේසායි” විසිනි. මෙම මරාති ගීතය නිකුත් වූයේ “කර්‍ණඋව්ට් ධ්ව්ච්ධ්ඒ” (අංක ර්‍ථජ් 3812) ග්‍රැමොෆොන් තැටි ලේබලයෙනි. කර්‍ණඋව්ට් ධ්ව්ච්ධ්ඒ ගීත තැටි ලේබලයේ විශේෂත්වය වූයේ, ගීතය ගායනා කරන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ චිත්‍රපටයට අදාළ රූපරාමුවෙහි සේයාරුවක්ද, “ප්‍රභාත් පික්චර්ස්“ සමාගමේ ලාංජනය ද ගීත තැටි ලේබලයේම මුද්‍රණය කිරීමයි.

මෙම තනුවෙහි ජනප්‍රිය භාවය නිසාම 1940 වසරේ තිරගත වූ “වේණු ගානම් ” (= මිහිරි ගීතය) නම් දමිළ චිත්‍රපටයට ද ඇතුළත් කෙරුණි. කොයිම්බතූර් හි බ්ඡ්එඡ්ඹ් ර්‍ථධ්ඛ්ඊඋඅඡ්ඉ සමාගමේ නිෂ්පාදනයක් වූ මෙම ප්‍රහසන චිත්‍රපටයෙහි විකට නළු කේ. සරඟපාණි සහ ජනප්‍රිය කර්ණාටක ගායිකා එන්.සී. වසන්තකෝකිලාන් ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ “ගොවින්දරාජුළු නායිඳු” විසිනි. කේ. සරඟපාණි සහ නිළි -ගායිකා වසන්තකෝකිලාන් ඇතුළු පිරිස ගායනා කළ මෙම දමිළ ගීතය ඇතුළත් ග්‍රැමොෆෝන් ගීත තැටිය නිකුත් වූයේ “ර්‍ණච්ඡ්ර්‍ණව්” ලේබලයෙනි (අංක ඛ්ඒ 1439). ර්‍ණච්ඡ්ර්‍ණව් ගීත තැටි බෙදාහරින ලද්දේ මදුරාසියේ “සරස්වතී ස්ටෝර්ස් සමාගම” විසිනි. ලංකාවේ එහි ඒජන්තවරුන් ලෙස කටයුතු කළේ “සීමාසහිත මිලර්ස් සමාගම” ය. එබැවින් මෙම ජනප්‍රිය දමිළ ග්‍රැමොෆෝන් ගීත තැටි ශ්‍රී ලංකාවේ ද එම යුගයේදීම බෙදාහැරීමක් සිදු වුණු අතර, ශ්‍රී ලාංකික ශ්‍රාවකයන් අතර ද, බොහෝ සෙයින් ජනප්‍රිය විය.

“වන්දනාවේ යමු” ගීතයේ සංගීතමය භාවිතය ගැන වෙසෙසින්ම සඳහන් කළ යුතුය. බටහිර සංගීතයෙහි දැක්වෙන මාත්‍රා 6/8 තාලය එසේත් නොමැති නම් හින්දුස්ථානි ඛේම්ටෝ තාලයට අනුගතව මෙම ගීතය නිර්මාණය කර ඇති අතර, හින්දුස්ථානි රාගධාරී සංගීතයේ කිසියම් රාගයක් නිශ්චිතව උපයෝගී කොට ඇති බවක් පැහැදිළිව හඳුනාගත නොහැකිය. නමුත් හින්දුස්ථානි සංගීතයේ බිලාවල් සහ ඛමාජ් රාගවල ලක්ෂණ යම් යම් ස්ථාන වලදී මතු කර පෙන්වීමට සංගීත අධ්‍යක්ෂක රූපසිංහ මාස්ටර් මෙම ගීතයේ ස්වර රචනය තුළදී සමත්කම් දක්වා ඇත. දමිළ ගීතය සඳහා බොහෝ විට කර්ණාකට සංගීතයේ අනුභූතීන් ඇතුළත් කර ඇති සෙයක් පෙනේ. එසේම මුල් මරාති ගීතය, මරාති ජන ගී ශෛලියේ ආභාසයෙන් නිමැවූ වූ බවක් පෙනේ.

“වන්දනාවේ යමු” ගීතයේ ජනප්‍රිය භාවය නිසාම ගායිකා නිර්මලා වෙත කේවල ගායනා රාශියක් ද, යුග ගී ගායනා රාශියක් ද ඩ්ර්ඍ සමාගම වෙනුවෙන් ගායනා කිරීමට අවකාශ උදා විය. ඇයගේ පළමු කේවල ගායනා යුගලය වූ “සාලවනෙහි වෙසඟේ” සහ “ බුදු වේවා -බුදුවේවා“ ගීත වෙළෙඳපොළට නිකුත් වූ සැණින් ම ඉතා ඉහළ ශ්‍රාවක ප්‍රසාදයක් දිනා ගත්තේ ය. නිර්මලා ගේ ගායන දිවියෙහි කූටප්‍රාප්තිය වූයේ “සාලවනේ හි” ගීතය යි. එම ගීත තැටිය විශාල වශයෙන් අලෙවි වුණු බැවින් නිර්මලා වෙනුවෙන් රුපියල් දෙසිය පණහක කර්තෘභාග දීමනාවක් (පධරචතබර) ද, ඩ්ර්ඍ සමාගම විසින් ගෙවන ලදී. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ නිර්මලා ද, රුක්මණී දේවිය මෙන් සිංහල කියවීමට හෝ ලිවීමට නොදත් නිසා ඇයගේ සියලුම ගායනා ඉංගිරිසි බසින් ලියාගෙන නිවැරදි සිංහල උච්චාරණයෙන් යුතුව ගායනා කළ ගායිකාවක වීම ය. 1940-45 දක්වා වසර පහක් තුළ ඇය විසින් පටිගත කරන ලද අනෙකුත් ජනප්‍රිය ගීත අතර “පෙම් පියුම්”, “මාතා මගේ මාතා”, “ප්‍රබෝධ කුසුම්”, “සිරි සර වෙසඟේ”, ආදී කේවල ගායනා ද, “චන්ද්‍රාගේ රැස්”, “චන්දන වෘක්ෂේ”, “සුරඟනා රූ සිරි”, “සිත ආදර ම‘ප්‍රියේ” ආදී යුග ගීත ද වෙත්. ඇය යුග ගීත සියල්ලක්ම පාහේ ගායනා කළේ ඇම්. කේ. වින්සන්ට් මහතා සමගින් පමණක් වීම ද විශේෂත්වයකි. වර්ෂ 1945 දී උපපොලිස් පරීක්ෂක බී .එස්. සවන්ඝන් මහතා සමගින් යුග දිවියට පිවිසෙන නිර්මලා එම වසරේදී ම සිය සංගීත දිවියට සමු දෙන්නී ය. ගායන ලොවෙහි හමු වූ සිය පළමු මිතුරිය වූ රුක්මණී දේවිය සමගින් මිය යන තුරුම ඈ සිය මිතුදම එක ලෙස පවත්වා ගත්තා ය. වර්ෂ 1946 න් පසු කිසි දිනෙක ඈ ගීත ග්‍රැමොෆෝන් තැටි වලට හෝ ගුවන්විදුලියට පටිගත නොකළා ය. එබැවින්, ඇයගේ නාමය ද, පූර්ව-සිනමා සිංහල ගීත ඉතිහාසය තුළ බිහි වුණු අප්‍රකට ගීත තරු කුලකයට එකතු වූයේ ය.

එතුමියගේ ග්‍රැමොෆෝන් ගීත ගුවන්විදුලියෙන් පැරණි ගීත වැඩසටහන් මගින් වරින් වර ප්‍රචාරය වුව ද, පසු කාලීනව වෙනත් ගායක ගායිකාවන් විසින් ප්‍රතිගායනාවන් සිදු කළ ද, “නිර්මලා” යනු කවරෙක් දැයි දශක සතක් යනතුරුම යටපත් ව පැවතුණේ ය. වර්ෂ 1973 උඳුවප් මස 02 දින මෙලොවින් සමුගත් , එක්තරා යුගයක මෙරට ගායන ක්ෂේත්‍රයෙහි ජනප්‍රියත්වයේ හිණීපෙත්තේහිම වැජැඹුණු, ග්‍රැමොෆොන් තාරකාවක වූ “නිර්මලා” යනු කවරෙක් දැයි පාඨක ඔබට හඳුන්වාදෙමින් මෙම ලිපිය අවසන් කරන්නෙමි.

මෙම සියවසෙහි මුල් කාර්තුව තුළ සිංහල ගීත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට එතුමිය විසින් කළ අමරණීය සේවය වෙනුවෙන් මෙම මෙම කෙටි සටහන උපහාරයක් ම වේවා !

විශේෂ ස්තුතිය :

“නිර්මලා” (මාස් ධර්මානි ආමත් සවන්ඝන්) මහත්මිය පිළිබඳ තොරතුරු සහ සේයාරූ ලබාදුන් එතුමියගේ වැඩිමහල් දියණිය වන මාස් ජයා ඩූල් මහත්මිය, ගීත තැටි සංරක්ෂක දයා ලියනගේ මහත්මා, ගීතයන් හි සංගීතමය වටිනාකම පිළිබඳ දැනුම්වත් කළ ප්‍රවීණ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති මහතා, පැරණි සේයා රූ සංරක්ෂණයෙහි තාක්ෂණික දායකත්වය ප්‍රභාත් සමරසූරිය මහතා)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.